ගංවතුර හේතුවෙන් පීඩාවට පත් කාන්තාවක් පිළිසරණ පතා සුරක්ෂා මධ්‍යස්ථානයකට පැමිණ සිටියදී කලක සිට ඇගෙන් වෙන්වී වෙනත් කාන්තාවක් සමඟ ජීවත්වන ඇයගේ නීත්‍යානුකූල සැමියාද ඔහුගේ කාන්තාවක කැටුව එම සුරක්ෂා මධ්‍යස්ථානයටම පැමිණීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනා අතර හටගත් ගැටුමක් සුරක්ෂා මධ්‍යස්ථානයේ සිටි අනෙක් පිරිස මැදිහත් වී බේරුම් කිරීමේ පුවතක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙම සිදුවීම වී ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේ ආගමික ස්ථානයක පිහිටුවා තිබූ එක්තරා සුරක්ෂා මධ්‍යස්ථානයකය.
මෙම සිද්ධියට අදාළ කාන්තාවගේ නිවසද ගංවතුරට යටවීම හේතුවෙන් එම කාන්තාව මාදම්පේ ප්‍රදේශයේ එක්තරා ආගමික ස්ථානයක් මගින් පවත්වාගෙන යනු ලැබූ සුරක්ෂා මධ්‍යස්ථානයක පිළිසරණ සඳහා ගොස් සිට ඇත.
වාර්තාවන අන්දමට මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා කලක සිට ඇයගෙන් වෙන් වී වෙනත් කාන්තාවක සමඟ ජීවත්වෙමින් සිට ඇති අතර ඔවුන්ගේ නිවස ද ගංවතුරෙන් යටවීම හේතුවෙන් ඔවුන් දෙදෙනාද මාදම්පේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෙර කී සුරක්ෂා මධ්‍යස්ථානයටම පැමිණ ඇත.
තම ස්වාමිපුරුෂයා කාන්තාවක සමඟ සුරක්ෂා මධ්‍යස්ථානයට පැමිණීමත් සමග දැඩිලෙස කෝපයට පත් අදාළ කාන්තාව එම කාන්තාවට පහර දීමට සූදානම් වෙද්දී එම මධ්‍යස්ථානයේ සිටි පිරිස මැදිහත් වී දෙදෙනා දෙපසකට කර ගැටුම මැඩ පවත්වා තිබේ.
මොවුන් දෙදෙනාම එක් තැනක සිටියහොත් නැවත ගැටුමක් ඇතිවිය හැකි බැවින් පසුව එම සුරක්ෂා මධ්‍යස්ථානය සංවිධානය කරන ලද අය විසින් අදාළ පුද්ගලයා සහ ඔහු සමග පැමිණි කාන්තාව මාදම්පේ ප්‍රදේශයේම ක්‍රියාත්මක වූ වෙනත් සුරක්ෂා මධ්‍යස්ථානයක් වෙත යැවීමට පියවර ගෙන තිබූ බව ද වාර්තා වෙයි.
මාදම්පේ එස් හේරත්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd