(බදුල්ලේ පාලිත ආරියවංශ)
ත්‍රිරෝද රථයක් තුළදී සිදු වූ අසාමාන්‍ය සිදුවීම් දෙකක් බදුල්ල පොලිසියට (25) කරන ලද පැමිණිල්ලකින් අනාවරණය විය.
එහි මෙසේ සඳහන් වී තිබේ.

ත්‍රිරෝද රථය ධාවනය වූයේ බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේය. එහි සිටියේ රූමත් බිරිය සහ ත්‍රිරෝද රථයේ රියැදුරුය. කුඹල්වෙල හන්දියේදී ත්‍රිරෝදය නතර කර බසය එන තෙක් බලා සිටි තරුණයෙක් නංවා ගත්තේය.
පිටුපස අසුනේ තම බිරිය හා තරුණයා සිටින අයුරු රියැදුරා වරින්වර බැලුවේ පැති කණ්ණාඩියෙනි.
තරුණයාට තම බිරිය අපූරුවට තුරුළු වී සිටී.
ටික දුරක් පැමිණෙන විට තවත් මග සිටි පුද්ගලයකු නංවා ගත්තේය. තරුණයා බිරියට තවත් තුරුළු වී අග පසඟ අත පත ගෑවේය. බිරිය ඊට අපූරු සහයෝගයක් දුන්නාය. වැඬේ තදටම යද්දී රියැදුරා ආපස්සට හැරී බලා සත්තමක් ද දමා ත්‍රිරෝද රථය නතර කළේය. රියැදුරාගේ කෑගැසීමට තරුණයා බිය විය.
මෙය ගොඩින් බේරා ගැනීමට රුපියල් පනස් දහසක් රියැදුරා ඉල්ලුවත් තරුණයා ළඟ තිබුණේ රුපියල් පන්දහසක් පමණි.
ළඟ තිබූ පන්දහස ගෙන ලියුමක් යවා තරුණයාගේ හැඳුනුම්පත ඉල්ලාගෙන ඇත.
තරුණයා හැඳුනුම්පත හා රුපියල් පන්දහස දී ත්‍රිරෝද රථයෙන් බැස ගියේය.
බිරිය සමග ත්‍රිරෝද රථය පදවාගෙන ගිය රියැදුරා ටික දුරක් ගොස් බිරියට මුදල් දුන්නේ පර්ස් එකේ දාගන්න කියාය.
තමාගේ උණුසුම ලැබූ තරුණයා තමාට ද තට්ටු කර ඇති බව බිරිය දැනගත්තේ එවිටය. වැඩෙන් දසදහසක් පාඩු වී තිබිණි.
බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 නොවැම්බර් මස 21
107
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අනුන්ගේ පොකැට්ටුවට තට්ටු කරන්න ගිහින් ඉල්ලගෙන කාලා