ලෙබනනය තවත් ගාසාවක් කරන්න එපා
ලෙබනනය තවත් ගාසා තීරයක් වීමට ඉඩ නොතබන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්රායලයෙන් ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊශ්රායලයෙන් මෙසේ ඉල්ලා සිටියේ, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්රායල හමුදා අතරේ ගැටුම් මේ වනවිට දරුණු ලෙස උත්සන්න වී ඇති බැවිනි.