
යුක්රේන හමුදා ඊයේ (14), රුසියාවේ ඉලක්කවලට දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කළේය.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී මේ වනවිට වසර 3 ක් ගත වී ඇති අතර, යුක්රේන හමුදාව රුසියාවේ ඉලක්කවලට එල්ල කළ දරුණුතම මිසයිල ප්‍රහාරය මෙය ලෙස සැලකෙයි.
යුක්රේන හමුදාවෙන් එල්ල වුණු එම මියසිල වළක්වා විනාශ කර දැමීමට රුසියානු හමුදාව සමත් විය. එසේ වුවත් රුසියන් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, යුක්රේන මිසයිල ප්‍රහාරය වෙනුවෙන් පළිගැනීමට කටයුතු කරන බවය.
යුක්රේන හමුදාව, රුසියාවට පහර දීමට යොදා ගන්නේ ඇමෙරිකාවෙන් සහ එක්සත් රාජධානියෙන් ලැබුණු දිගු දුර මිසයිලය. රුසියාව, මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කර ඇති අතර, රුසියන් ජනාධිපති පුටින් පවසා ඇත්තේ යුක්රේනයට දිගු දුර මිසයිල ලබා දෙන කිසිදු රටකට සමාව නොදෙන බවය.
2025 ඔක්තෝබර් මස 08
1472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1317
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යුක්රේනයෙන් රුසියාවට දිගට හරහට ගුවන් ප්‍රහාර