7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි ජාතික ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙහි සමාරම්භක උත්සවය පැවැත්විණි. 06 November 2024
කමලා තැපෑලෙන් ඡන්දය දීලා තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා ඇත. 05 November 2024
පාකිස්තානයේ මාලදිවයින තානාපතිවරයා ආපසු කැඳවයි මාලදිවයින පාකිස්තානයේ සිටි ඔවුන්ගේ තානාපති මොහොමඩ් තෝහා ආපසු ගෙන්වා ගැනීමට පියවර ගත්තේය. ඒ, මාලදිවයින රජයට නොදන්වා, ඔහු පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණ සිටි ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජිතයකු හමුවී සාකච්ඡා කිරීම සම්බන්ධයෙනි. 05 November 2024
කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර සිට කිලෝ මීටර් 13,000 ක් දුර දකුණු ඉන්දියාවේ කුඩා ගම්මානයක හින්දු කෝවිලක පුද පූජ පැවැත්වෙයි. 05 November 2024
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. 05 November 2024
ලෝක නායකයන්ගේ මනාපය කාටද? ඇමෙරිකාව ලෝක බලවතා බැවින්, ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි යන්න ගැන මුළු ලෝකයම ඇස් දල්වා සිටී. 04 November 2024
ට්‍රම්ප් හැරිස් කරටකර සටනක් ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ද හැරිස් ඩිමොක්රටික් පක්ෂයෙන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙති. 04 November 2024
ලාහෝරයේ පාසල් වැසෙයි වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කීපයක පාසල් වසා දැමීමට බලධාරීහු පියවර ගෙන ඇත. වායු දූෂණය දරුණු වී ඇත්තේ ලාහෝර් නුවර යැයි ද පැවැසෙයි. 04 November 2024
අකුණු අනතුරුවලින් 14 ක් මරුට අකුණු සැර වැදීමෙන්, අප්‍රිකාවට අයත් උගන්ඩාවේ පලාබෙක් පළාතේ පිහිටි සරණාගත කඳවුරක කුඩා දරුවන් 13 දෙනකු සහ වැඩිහිටියකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 04 November 2024
සර්බියාවේ දුම්රිය ස්ථානයක වහලයක් කඩා වැටිලා උතුරුදිග සර්බියාවේ දුම්රිය ස්ථානයක කොන්ක්‍රීට් වියනක් කඩා වැටීමෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතරේ අවුරුදු 6 ක පොඩිත්තෙක් ද සිටී. 02 November 2024
ඉරානයේ ආරක්ෂාවට චීනය එයි චීන විදේශ අමත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ, ඉරානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් සහ ඉරාන වැසියන්ට අනතුරක් වන අයුරින් කටයුතු සිදුවන්නේ නම්, චීනය ඉරානයේ සහායට ඉදිරිපත් වන බවය. 02 November 2024
ඊශ්‍රායලයට ලෙසර් ආරක්ෂක පද්ධතියක් අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින්, ඊශ්‍රායලය විසින් නිර්මාණයට කරනු ලැබූ ලේසර් ආරක්ෂක පද්ධතියක් ලබන වසරේ සිට රටේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවෙනු ඇතැයි පැවැසෙයි. මෙම නව ආරක්ෂක පද්ධතිය නම් කර ඇත්තේ, අයන් බීම් යනුවෙනි. 02 November 2024
අදානී සමාගම බංග්ලාදේඔයේ විදුලිය කපයි ශිෂ්‍ය අරගලයෙන් පසු දේශපාලන අර්බුදයකට මුහුණ දුන් බංග්ලාදේශය මේ වනවිට විදුලි බල අර්බුදයකට ද මුහුණ පා සිටී. ඒ, බංග්ලාදේශයට විදුලිය ලබා දෙන, ඉන්දියාවේ අදානී සමාගම, ලබා දෙන එම විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බැවිනි. 02 November 2024
කමේනිගෙන් අනතුරු ඇඟවීම් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී, ඊශ්‍රායලයට පමණක් නොව ඇමෙරිකාවට ද අනතුරු ඇඟවීමක් කර ඇත. ඒ, ඊශ්‍රායලය ඇමෙරිකාවේ සහාය ඇතිව ඉරාන ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙනි. 02 November 2024
කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක් බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාතික බ්‍රිතාන්‍ය කාන්තාවක වන 44 හැවිරිදි කෙමී බේඩ්නොච්ය. 02 November 2024
උතුරු කොරියන් සෙබළු 8,000 ක් යුක්රේන දේශසීමාවේ උතුරු කොරියන් සෙබළු 8,000 ක් රුසියාවට සහාය දක්වමින්, රුසියන් යුක්රේන දේශසීමාවේ රැඳී සිටින බවත්, එම සෙබළුන් රුසියාව සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වැදීමට නියමිත බවත් ඇමෙරිකාව පවසයි. 01 November 2024
දෙන්න බැරි මුදලක් රුසියාව ගූගල් සමාගමෙන් ඉල්ලයි රුසියන් අධිකරණයක්, ගූගල් සමාගමෙන්, ගෙවීමට අපහසු විදියේ, දඩ මුදලක් ඉල්ලා ඇත. එම මුදල ඇමෙරිකන් ඩොලර්වලින් 20,000,000,000,000,000,000,000,000,000,000,000 කි. 01 November 2024
ස්පාඤ්ඤයේ ජල ගැලීම් 158 ක් බිලිගනී ස්පාඤ්ඤය කැලැඹූ ජල ගැලීම්වලින් මියගිය ගණන දිනෙන් දින ඉහළ යන බවත්, මියගිය ගණන 158 දක්වා ඉහළ ගිය බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. 01 November 2024
බොට්ස්වානා පාලන පක්ෂයට බලය අහිමි වෙයි මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී, බලයේ සිටින පාලක පක්ෂය වන බොට්ස්වානා ජනාධිපති මොක්ග්වීට්සී මසීසීගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ එක් ආසනයක් පමණි. 01 November 2024
උතුරු කොරියාවෙන් උදවු ගැනීම වරදක් නොවෙයි - රුසියාව රුසියන් යුක්රේන යුද්ධයේ දී, බටහිර රටවල් එක් වී, යුක්රේනයට සහාය දක්වන්නේ නම්, රුසියාව උතුරු කොරියාවේ සහාය ලබා ගැනීම වරදක් නොවන බව එක්සත් ජාතීන්ගේ රුසියන් නියෝජිත වසීලි නෙබෙන්සියා පවසයි. 31 October 2024
උතුරු කොරියාව ප්‍රබල මිසයිලයක් අත්හදා බලයි උතුරු කොරියාව ප්‍රබල බලැස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. යුද ශීර්ෂයක් ද සවි කළ හැකි මෙම බැලැස්ටික් මිසයිලය ‘වාසොංග් 15’ යනුවෙන් නම් කර ඇත. 31 October 2024
ට්‍රම්ප් කුණු ලොරියක් පදවයි ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට මෙන්ම වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ද අපහාස කළේය. 31 October 2024
මිනිත්තු 40 ක් පෝලිමේ ඉදලා බයිඩන් ඡන්දය දාලා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය ගම් පළාත ලෙස සැලකෙන ඩෙලවෙයා ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. 30 October 2024
ඔස්ට්‍රියාවේ නගරාධිපතිවරයෙක් ඝාතනය කෙරේ ඔස්ට්‍රියාවේ කින්ච්බර්ග් දෙර් දෝනේ නමැති උතුරු දෙසින් පිහිටි කුඩා නගරයේ නගරාධිපති වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කළ බව එරට පොලිසිය කියයි. 29 October 2024
කාන්තාවෝ තිදෙනෙක් උඩ යවන්න චීනය සූාදනම් චීනය පෘථිවි කක්ෂයේ එකලැස් කරමින් සිටින ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ නව ඉදිකිරීම් කටයුතු සඳහා මීළඟට යැවෙන්නේ කාන්තා ගගනගාමී ඉන්ජිනේරුවන් තිදෙනකු බව චීනය පවසා ඇත. 29 October 2024
පලස්තීනයට ටොන් 30 ක ඖෂධ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විපතට පත් වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ටොන් 30 කට වැඩි අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් යැවීමට ඉන්දීය රජය පියවර ගත්තේය. 29 October 2024
මෙල්බර්න් පාසලකට මෝටර් රථයක් කඩා වැදිලා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්මෙ නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය 29 October 2024
හිස්බුල්ලා නව නායකයා ෂෙයික් නායිම් කසීම් ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇත. 29 October 2024
පුරාණ මායා නගරයක් සොයා ගැනෙයි මෙක්සිකෝවේ ඝන වනාන්තරයක සැඟවී තිබුණු පුරාණ මායාවරුන්ට අයත් නටබුන් වූ නගරයක් සොයා ගැනීමට හැකි වී ඇත. මෙම නගරය සොයා ගැනීම සිදුවී ඇත්තේ අහම්බෙන් වීම විශේෂත්වයකි. 29 October 2024
ට්‍රම්ප් - කමලා අවසන් ජන රැලි අමතයි ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් මේ වනවිට ඔවුන්ගේ අවසන් ජන රැලිවලට එක් වෙමින් සිටිති. 29 October 2024
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026