IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ග්‍රීන්ලන්ත මැතිවරණයෙන් මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයට ජය

ලොව විශාලතම දූපත වන ග්‍රීන්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි. ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි. 

ග්‍රීන්ලන්ත පාර්ලිමේන්තුව සාමාජිකයන් 31 දෙනකුගෙන් සමන්විත වන අතර, ග්‍රීන්ලන්ත වැසියන් 56,000 ක් ඡන්දය ප්‍රකාශ කළහ. මැතිවරණ ප්‍රතිඵල අනුව, ඩෙන්මාර්කයෙන් නිදහස් විය යුතුයි යන මතය දරණ මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ජයග්‍රහණය කළේය. 

ග්‍රීන්ලන්තය මේ වනවිට ජාත්‍යන්තරයේ අවදානයට ලක් වී ඇත්තේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට සූදානම් වන බැවිනි. ග්‍රීන්ලන්තය පිහිටා ඇත්තේ ඇමෙරිකා මහද්වීපයත්, යුරෝපා මහද්වීපයත් අතරේය. ට්‍රම්ප් දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ, ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට වැදගත් බවය.

ග්‍රීන්ලන්තයේ අනාගතව තීරණය කළ යුත්තේ ඩෙන්මාර්කය නොව, ග්‍රීන්ලන්ත වැසියන් බවත්, ඇමෙරිකාව සමඟ එක්වුවහොත්, ග්‍රීන්ලන්ත වැසියන්ට කිසිදු අවාසියක් අත් නොවනු ඇති බවත්, ට්‍රම්ප් පැහැදිලි කර ඇත. මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මධ්‍යම දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ට්‍රම්ප්ට සහාය දක්වන බව ද වාර්තා වේ.



අදහස් (0)

ග්‍රීන්ලන්ත මැතිවරණයෙන් මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයට ජය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1460 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1310 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site