ට්‍රම්ප් පුටින්ට ඇමතුමක් දුන්නේ නෑ රුසියන් යුක්රේන යුද්ධය තවත් දුරදිග ගෙන යෑමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින්ට ඇමතුක් දී ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළත්, එම වාර්තා සාවද්‍ය බව ක්‍රෙම්ලීනය පවසයි. 12 November 2024
ජනසංහාරය නවත්වන්න: ඉරාන රජය ඉල්ලයි ගාසා තීරයට පහර දෙමින්, ඊශ්‍රායලය සිදු කරන ජන සංහාර වහා නැවැත්වීමට මැදිහත් වෙන්නැයි ඉරානය, ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වුණු රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇත. 12 November 2024
පේජර් පුපුරුවන්න අණ දුන්නේ මමයි ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් භාවිතයට ගන්නා පේජර් යන්ත්‍ර පුපුරුවා හැරීමට සලස්වා, එම සටන්කාමීන් 40 දෙනකු ඝාතනය කිරීමට අණ දුන්නේ තමන් යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. 11 November 2024
පැයකදී කියුබාවට භූමි කම්පා දෙකක් පැයක් ඇතුළත භූමි කම්පා දෙකකින් දකුණු දිග කියුබාව දෙදරා ගියේය. එම භූමි කම්පා රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සහ 5.9 ක් සටහන් කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 11 November 2024
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට යන්නේ නෑ අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය 2025 වසරේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව ඇති අතර, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දැනුම් දී ඇත්තේ පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට තමන් සහභාගී නොවනු ඇති බවය. 11 November 2024
ඇෆ්ගන් තලේබාන් රජයට ඉන්දියාවෙන් මානුෂීය ආධාර ඇෆ්ගන් තලේබාන් රජයේ වැඩ බලන ආරක්ෂක අමාත්‍ය මුල්ලා මොහොමඩ් යකූබ් සහ ඉන්දීය රජය පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඉරානය වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිත ජේ.පී. සිං අතරේ හමුවක් පැවැත්විණි. 11 November 2024
ස්පාඤ්ඤ රජයට එරෙහි විරෝධතා මහ වැසි සහ ප්රචණ්ඩ ජල ගැලීම්වලට හසුවී තමන් අන්ත අසරණ වෙද්දී, තමන්ට සහන සැපැයීමට සහ එම කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගැනීමට අපහසු වූ බව චෝදනා නගමින් ස්පාඤ්ඤ වැසියෝ දහස් ගණනක් එරට රජයට එරෙහි විරෝධතා පැවැත්වූහ. 10 November 2024
සටන් විරාම සාකච්ඡාවලින් කටාරය ඉවත් වෙයි හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමේ අරමුණින්, සටන් විරාමයක් පැවැත්වීමට කටාර් රාජ්‍යය මැදිහත් වී සිටියේ, ඊජිප්තුව සහ ඇමෙරිකාව ද සමඟය. 10 November 2024
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියෝ 40 ක් මරුට ගාසා තීරයේ උතුරු දිග ප්‍රදේශ කීපයක හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා බෝම්බ ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් පමණක් මියගිය පලස්තීන වැසියන් ගණන 40 කි. 10 November 2024
ඇමතුම දෙද්දී ඉලොන් මස්ක් හවුල් කරගෙන ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වුණු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවට ප්‍රතිඥා දී ඇත. 09 November 2024
ඉන්දියාවේ දුම්රියක් පීලි පනී වාසනාවකට අනතුරින් කිසිවකු ජීවිතක්ෂයට පත් නොවුණු බව ද පැවැසෙයි. දුම්රිය පීලි පැනීමට ලක්වූයේ කොල්කටා සිට කිලෝමීටර් 40 ක් පමණ දුරින් පිහිටි නාල්පූර් නුවරට ආසන්නයේදීය. 09 November 2024
ඇමෙරිකන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කාන්තාවක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්නේ, 67 හැවිරිදි සූසි විලේස්ය. 08 November 2024
ලියම් පේන්ගේ මරණය: තිදෙනෙක් අත්අඩංගුවට ‘වන් ඩිරෙක්ෂන්’ නමැති බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික ගායක ලියම් පේන්ගේ මරණය සම්බන්ධයෙන් ආජන්ටිනා පොලිසිය තිදෙනකු අත්අඩංගුවට ඇත. 08 November 2024
ඇමෙරිකා පර්යේෂණාගාරයක වඳුරෝ 43 ක් පැනලා ගිහිල්ලා ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ජනපදයේ යෙමාසී නගරයේ පර්යේෂණාගාරයක පර්යේෂණ සඳහා යොදාගත්, රීසස් වර්ගයේ වඳුරන් 43 දෙනකු පලා ගොස් ඇතැයි වාර්තා වේ. 08 November 2024
පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’ යැයි රුසියන් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. 08 November 2024
දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් තෑගි වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් මුල්කොට ගනිමින් ආන්දෝලනයක් ඇති බැවිනි. 08 November 2024
ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය. 07 November 2024
යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරියාවේ කේ.බී.එස්. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. 07 November 2024
බයිඩන් ට්‍රම්ප්ට සුබ පතයි: හමුවකට එන්නැයි අරැයුම් ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුවේය. තමන් හමුවීම ධවල මන්දිරයට පැමිණෙන්නැයි බයිඩන්, ජනාධිපති ධුරයට තේරී පත් වුණු ට්‍රම්ප්ට ඇරැයුම් කළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 07 November 2024
කමලා හැරිස් පරාජය බාරගනී ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය. 07 November 2024
ලීවලින් හැදූ ලොව පළමු චන්ද්‍රිකාව උඩට ජපානයේ නිෂ්පාදිත, ලොව ප්‍රථම ලී චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම සාර්ථකව සිදුවිය. ජපන අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් මෙම කුඩා ලී චන්ද්‍රිකාව, පෘථිවි කක්ෂයට යැවීම සිදු කළේ ඇමෙරිකාවේ නාසා ආයතනයේ ද සහාය ඇතිවය. 06 November 2024
ඇමෙරිකන් ජනපද4 ක ඡන්ද මධ්‍යස්ථානවල බෝම්බ බියක් ඇමෙරිකන් වැසියන් ඡන්දය ප්‍රකාශ කරද්දී, ඇමෙරිකන් ජනපද හතරක, ඡන්ද මධ්‍යස්ථානවල බෝම්බ බියක් හටගත්තේය. 06 November 2024
ට්‍රම්ප් දිනුවට කමලා දුකෙන් ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, බොහෝ දෙනා අනාවැකි පළ කළ ආකාරයට තියුණු සටනක් පැවැතියත් අවසානයේ දී ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් පරාජය කරමින්, ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්ද 270 සීමාව පසු කිරීමට රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය. 06 November 2024
සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්‍රීවරුන් ද තෝරා ගැනෙයි. 06 November 2024
ට්‍රම්ප් දිනුම් රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ කරටකර සටනක් අපේක්ෂා කළත්, ආරම්භයේ දී පටන් ට්‍රම්ප් ඉදිරියෙන් පසුවිය. 06 November 2024
ට්‍රම්ප් ජයග්‍රහණය අභියස ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය. 06 November 2024
270 න් 230 ක් ට්‍රම්ප්ට ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්‍රම්ප් ජනපද 23 ක් ද ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමගා හැරිස් ජනපද 11 ක් ද දිනා ගනු ඇත. 06 November 2024
ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට් අතරේ හටගත් මත ගැටුම්ය. 06 November 2024
කවුරු දිනුවත් ඓතිහාසිකයි ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට කවුරු ජයග්‍රහණය කළත් එය ඓතිහාසික ජයග්‍රහණයක් වනු ඇත. 06 November 2024
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026