
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර ගනිමිනි.
එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අවශ්‍ය යැයි විපක්ෂ මන්ත්‍රීවරුන් බල කළ අතර, ආණ්ඩු පක්ෂයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය. ගුටිබැට හුවමාරුවක් තෙක් දුරදිග ගියේ එම සිද්ධියයි.
මේ වනවිට ආජන්ටිනාව් ප්‍රධාන නගර රැසක ද වෙනම විරෝධතා පැවැත්වෙයි. ඒ, ජනාධිපති හවීයේ මිලෙයි හඳුන්වා දී ඇති නව ආර්ථික ප්‍රතිපත්ති මුල්කොට ගනිමිනි. එම ප්‍රතිපත්ති යටතේ විශ්‍රාම වැටුප් කප්පාදුවක් ද සිදු කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd