
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ‘නේටෝ’ මහ ලේකම් මාක් රූට් අතරේ හමුවක් වාෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැත්විණි. එම හමුවේදී, මාධ්‍යවේදීන් ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර, එහිදී ග්‍රීන්ගන්තය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවටත්, ලෝකයේ ආරක්ෂාවටත් අවශ්‍ය බව පැවැසීය. ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ අදහස කිසිසේත් බැහැර කර නැතැයි ට්‍රම්ප් අවධාරණය කළේය.
‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම්, මාර්ක් රූට්, ට්‍රම්ප් හමුවීමට ධවල මන්දිරයට පැමිණියේ, රුසියන් යුක්රේන යුද්ධය ගැනත්, ට්‍රම්ප් සහ ‘නේටෝ’ සංවිධානය අතරේ පවතින මත ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. ‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා බටහිර රටවල් එක්වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.
ග්‍රීන්ලන්තය ස්වයං පාලන ප්‍රදේශයක් වුවත්, එහි අයිතිය ඇත්තේ ඩෙන්මාර්කයටය. ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට පවරා ගැනීම සම්බන්ධයෙන් තමන් කිසිදු අදහසක් පළ නොකරන නමුත්, ට්‍රම්ප් පවසන ආකාරයට ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට පමණක් නොව ලෝකයේ ආරක්ෂාවට අත්‍යාවශ්‍ය යැයි නේටෝ මහ ලේකම්වරයා අවධාරණය කළේය.
(අල් අසීරා)
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නේටෝ මහ ලේකම් ජනපති ට්‍රම්ප් හමුවෙයි