IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


උඩු ගුවනේ සිරවී සිටින ගගනගාමීන් ආපහු එනවා

දින 8 ක ගගන සංචාරයකට ගොස්, මාස 9 ක් තිස්සේ ජාත්‍යන්තර අභශවකාශ නැවැතුම්පොළේ කොටු වී සිටි ඇමෙරිකන් නාසා ගගනගාමීන් වන සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් හෙට (17) යළි පෘථිවියට පැමිණීමට නියමිතය.

28 හැවිරිදි සුනීතා විලියම්ස් සහ 61 හැවිරිදි බුච් විල්මෝර් දෙදෙනා පසුගිය වසරේ ජූනි මාසයේ අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභශවකාශ නැවැතුම්පොළට ගියේ, ‘බෝයිං’සමාගම නිර්මාණය කළ‘ස්ටාර්ලයින්’ අභ්‍යවකාශ කැප්සියුලයෙනි.

‘ස්ටාර්ලයින්’ කැස්පියුලය අභ්‍යවකාශ නැවතුම්පොළට සම්බන්ධ වුණු අතර, එහි දෝෂයන් හටගත්තේ, සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් දින 8 කට පසු ආපසු පෘථිවියට පැමිණීමට සූදානම් වෙද්දීය.

පසුව යානය කිසිවකු නොමැතිව ආපසු ගෙන්වා ගැනීමට බෝයිං සමාගම සමත් වුණු අතර, විලියම්ස් සහ විල්මෝර් දෙදෙනා මාස 9 ක් තිස්සේ අභ්‍යවකාශ නැවතුම්පොළට කොටු වී සිටියහ.

නාසා ආයතනය ‘ස්පේස් එක්ස්’ සමාගමේ ‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලයක් මේ වනවිට ගගනගාමීන් සිවු දෙනකු සමඟ අභ්‍යවකාශ නැවැතුම්පොළට යවා ඇත. ‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලයක ඉඩකඩ ඇත්තේ ගගනගාමීන් සිවුදෙනකුට පමණි.

හෙට (17) දිනයේ අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය ගගනගාමීන් සිවු දෙනාගෙන් රුසියන් සහ ඇමෙරිකන් ගගනගාමීන් දෙදෙනා විලියම්ස් සහ විල්මෝර් සමඟ හෙට (17) ඇමෙරිකාවේ වේලාවෙන් සවස 5.57 ට පමණ ආපසු පෘථිවය බලා පැමිණෙනු ඇති අතර, පැරෂූට් ආධාරයෙන් සුපුරුදු පරිදි ඩ්‍රැගන් කැප්සියුලය මුහුදට පතිත වනු ඇතැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අත්දැකීම් බහුල නාසා ගගනගාමීන් දෙදෙනකු වුවත්, සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිට පෘථිවියේ සිටින වෛද්‍යවරුන් බිය පළ කර ඇත. ඔවුන් ආපසු පැමිණි සැණින් රෝහල්ගත කිරීමට වෛද්‍ය කණ්ඩායම් කීපයක් සූදානමින් සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.



අදහස් (0)

උඩු ගුවනේ සිරවී සිටින ගගනගාමීන් ආපහු එනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1667 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 564 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site