
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. එසේ වුවත්, ඇමෙරිකාවේ සාම සැලැස්මේ සියලු විස්තර සලකා බලා සාකච්ඡා කර ස්ථිරසාර සාම සැලැස්මකට යා යුතු බව ද රුසියන් ජනාධිපති පුටින් වැඩි දුරටත් පැහැදිලි කරයි.
‘ගැටුම් නැවැත්වීමට ඇමෙරිකාව මැදිහත් වීම සතුටක්. ඒ වගේමයි ඔවුන් දින 30 ක සටන් විරාමයක් යෝජනා කර තිබෙනවා. ඊටත් කැමැත්ත පළ කරනවා.’ යැයි පුටින් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සමඟ පැවැත්වුණු සාකච්ඡාවකින් අනතුරුවය.
බෙලරූසය යනු යුක්රේනය මෙන්ම රුසියාවේ අසල්වැසියෙකි. බෙලරූසයේ ජනාධිපති ඇලෙක්සෙන්ඩර් ලුකෂෙන්කෝ රුසියන්ජ නාධිපති ව්ලොදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි. ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ අවබෝධතා ගිවිසුම් කීපයකට අත්සන් තැබුණි.
(අල් අසීරා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd