ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී, මාධ්‍යවේදීන් පිරිවරාගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී, ඇමෙරිකන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද ඊට සහභාගී වී සිටියේය.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සිටි ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ අවධානය උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පැලදි මේස් කුට්ටම වෙත යොමු වූයේ හදිසියේය.
'සමාවෙන්න. මගේ ඇස් අහකට ගන්න අමාරුයි. ඔබේ මේස් කුට්ටමට මගේ හිත ගියා. ඒවා හරිම ලස්සනයි.' යැයි ට්‍රම්ප් පැවැසුවේ, මාධ්‍යවේදීන්ගේත්, අයර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේත් අවධානය ඊට යොමු කරමිනි.
මේස් කුට්ටම ෂම්රොක් පැලෑටියේ කොළවලින් හැඩ ගැන්විණි. ෂම්රොක් යනු අයර්ලන්තයේ සංකේතයයි. එමෙන්ම ශාන්ත පැට්‍රික් දිනය සැමරීමේ දී මෙම ෂම්රොක් පැළෑටියේ සංක්තය භාවිතයට ගනී.
'මම මේ මේස් පැලැදියේ අයර්ලන්ත අගමැතිතුමා වෙනුවෙන්' යැයි උප ජනාධිතිවරයා පැවැසුවේ කලිසම් කකුල් ඔසවා මේස් කුට්ටම හොදින් පෙනෙන්න සලස්වමිනි. එය රැස්ව සිටි සියලු දෙනාගේ සිනහවට ලක්වුණු සිද්ධියක් විය.
(Daily Mail)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අවධානය දිනූ මේස් කුට්ටම
විජයන්ති Thursday, 13 March 2025 07:38 PM
ගෙන්නනවා. නෝන්ඩි කරවනවා. යවනවා.