
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් සඳහා මුරුසි දූපත් රාජ්‍යය බලා පැමිණියේය. මුරුසි දූපත් රාජ්‍යය ඔවුන්ගේ 57 වැනි ජාතික දිනය සමරන අතර, ඒ වෙනුවෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවයේ ප්‍රධාන අමුත්තා වනු ඇත්තේ මෝදිය.
පෝට් ලුවිස් අගනුවර ගුවන්තොටුපොළ වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, උණුසුම් අයුරින් පිළිගැනීමට මුරුසි අග්‍රාමාත්‍ය නවීන්චන්ද්‍ර රම්ගූලම් කටයුතු කළේය.
මුරුසි අග්‍රාමාත්‍ය නවීන්චන්ද්‍ර රම්ගූලම් ඉන්දීය සම්භවයක් ඇත්තෙකි. මුරුසි දූපත සහ ඉන්දියාව අතරේ යහපත් සබඳතා පවතින අතර, මීට මාස කීපයකට පෙර රම්ගූලම්, නවදිල්ලි අගනුවරදී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට ගියේය. එහිදී ඉන්දියාවත් මුරුසි දූපතත් අතරේ ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට හැකිවිය. මුරුසි දූපත් රාජ්‍යයේ 57 වැනි ජාතික දින උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස ඊට සහභාගී වෙන්නැයි රම්ගූලම්, මෝදිට ඇරැයුම් කළ අතර, මෝදි එම ඇරැයුම පිළිගත්තේය.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1460
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෝදි මුරුසි දූපතේ සංචාරයක