
ජනාධිපති ඊබ්‍රහීම් රයිස් අභාවයෙන් පසු, නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව, ඉරාන අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මද් වහීදි මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළේය.
ඉරාන ව්‍යවස්ථාවට අනුව, ධුරයේ සිටින ජනාධිපතිවරයා මියගියහොත් හෝ ඔහුට ධුරයෙන් ඉවත් වීමට සිදුවුවහොත් දින 50 ක් ඇතුළත හදිසි ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය.
ඒ අනුව මැයි 30 වැනිදාත් ජූනි 3 වැනිදාත් අතර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වීම කළ යුතු බව මැතිවරණ බලධාරීන් පෙන්වා දී තිබුණි.
එසේ වුවත්, මැතිවරණ බලධාරීන් සහ ඉරාන භාරකාර මණ්ඩලය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු ජනාධිපතිවරණය ජූනි 28 වැනිදා පැවැත්වීමට තීරණය කෙරුණු බව ඉරාන මාධ්‍ය පවසයි. හදිසි මැතිවරණයක් පැවැත්වෙන බව අන්තර්වාර ජනාධිපති අහ්මද් වහීදි මාධ්‍ය හමුවේ දැනුවත් කළේ ඉන් අනතුරුවය.
ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති අමීර් අබ්දුල්ලහීන් ඇතුළු පිරිස හෙලිකොප්ටර් අනතුරින් මියගියේ පසුගිය 19 වැනිදාය. එය හදිසි අනතුරක් බව ඉරාන හමුදාව සිදු කළ විමර්ශනයකින් අනාවරණය වී ඇත. ඉරානයේ තීන්දු තීරණ ගැනීම් සියල්ල සිදු කරන්නේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිය.
ඉරාන ජනාධිපති ධුරය සඳහා සුදුසු අපේක්ෂකයන් තේරීම සිදු කරන්නේ ඉරාන භාරකාර මණ්ඩලයයි. මෙම භාරකාර මණ්ඩලය සඳහා සාමාජිකයන් පත් කිරීම සිදු කරන්නේ ද උත්තරීතර නායක අල් කමේනි ය. ඉරාන භාරකාර මණ්ඩලය නම් කරන, උත්තරීතර නායක අල් කමේනි ට හිතවත් ජනාධිපති අපේක්ෂකයන් ජනාධිපතිවරණය ඉදිරිපත් වෙයි. මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවෙයි.
(ප්‍රෙස් ටීවී)
2025 නොවැම්බර් මස 21
125
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
204
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1067
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඉරාන ජනපතිවරණය ජූනි 28 වැනිදා