රවීට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායකට එරෙහිව අද(3) ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාට බාර දෙනු ලැබීය. 03 August 2017
සීඑස්එන් නාලිකාවට ගොනු කළ පෙත්සම ඔක්තෝබර් 9 වැනි දා තම විකාශන බලපත්‍රය අත්හිටුවීමට එරෙහිව සී.එස්.එන් නාලිකාවට ගොනු කර තිබූ රිට් පෙත්සම සම්බන්ධයෙන් සමතයකට පත්වීම සම්බන්ධයෙන් ඔක්තෝබර් 9 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (3) තීන්දු කළේය. 03 August 2017
මුතුරාජවෙලට කුණු දැමීම-අතුරු තහනම දිගු කෙරේ මුතුරාජවෙල අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයේ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරීන් වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කළේය. 03 August 2017
යාපනයේ තරුණයින් දෙදෙනකු කපාකොටා දාලා යාපනය චුන්නාකම් පොලිස් වසමේ කන්කසන්තුරෙයි මාර්ගයේ දී නාඳුනන යතුරුපැදි කණ්ඩායමක් පැමිණ තරුණයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඇති බවත් කැපුම් තුවාල ලැබූ තරුණයින් රෝහල්ගත කරනු ලැබ ඇති බවත් චුන්නාකම් පොලිසිය පවසයි. 03 August 2017
ලක්ෂ පහක රන් බඩු කොල්ල කෑ තුනක් අත්අඩංගුවට පයාගල ,මතුගම,දොඩම්ගොඩ හා වැලිපැන්න පොලිස් වසම් වල මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් රන්මාල 12 ක් කොල්ල කෑ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 August 2017
වාසනා ඇතාගේ ඇස් අන්ධ කරන්න එපා කතරගම මහා දේවාලයේ දේව පිළිමය වැඩම කරවන වාසනා හස්තියාගේ ඇස් වලට හානි සිදුවෙන බැවින් කරඬුව වෙත සුවඳ විලවුන් විදීමෙන් සහ සුවද වර්ග විසි කිරීමෙන් වළකින ලෙස කතරගම මහා පෙරහරේ අලි ඇතුන් බාරව ටයුතු කරන වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු හා නැගෙනහිර පළාත් බාර පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී. 03 August 2017
ඇලෝසියස්ගේ ඇපල් ගිණුමට ඇතුළුවීම තහනම් කෙරේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා එයට ඇතුළුවීම තහනම් කරමින් බැඳුම්කර කොමිසම අද(3) නියෝගයක් නිකුත් කළේය. 03 August 2017
සීදුවේ වෙඩි තැබීමක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු හා තවත් පිරිසක් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබෙන අතර ව්‍යාපාරිකයා සිය ගිනි අවියෙන් වෙඩි තැබීමක් ද සිදුකර ඇති බවද පොලිසිය කියයි. 03 August 2017
නව පළාත් පාලන සංශෝධනයට විරුද්ධයි කාන්තා නියෝජනයේ 25% නව පළාත් පාලන සංශෝධන කෙටුම්පත තුළින් අහිමි වන නිසා තමන් එයට විරුද්ධ බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. 03 August 2017
කෝපායි සිද්ධියට තවත් දෙන්නෙක් සැකපිට යාපනය කෝපායිහී දී පොලිස් නිලධාරීන් දෙදෙනකු කපා කොටා තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු කෝපායි හා නල්ලූර් ප්‍රදේශවලදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (03) අත්අඩංගුවට ගනු ලැබු බව පොලිසිය කියයි. 03 August 2017
ඇලෝසියස්ගේ කෙටි පණිවිඩ නීතිපති දෙපාර්තමේන්තුවට පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ගේ ඇපල් ගිණුමේ තිබූ කෙටි පණිවිඩ කිහිපයක් යළි සොයාගෙන අද(3) නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරිණි. 03 August 2017
ඇලෝසියස්ගේ මඟුලට මෛත්‍රී සහ මහින්දත් ගියා - රවී කරුණානායක නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් පෙන්වා දුන් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයට අදාළ ඩිජිටල් වෝහාරික වාර්තාවේ ඇති එස්.එම්.එස්. පණිවුඩ පිළිබඳව තමාට මතකයක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (02) පැවසීය. 02 August 2017
සයිටම් ප්රශ්නය විසඳන්න වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ හතරක් මාලබේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම නවතා දමන්නැයි නිර්දේශ කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ අටේ පීඨාධිපතිවරුන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වෙත ලිපියක් යවා ඇත. 02 August 2017
කෝටි 55කට චෛත්‍ය අනුරුවක් විකුණන්න හැදූ දෙන්නෙක් දැලේ මිල කළ නොහැකි ඉපැරණි වටිනාකමකින් යුත් රතු හා නිල් මැණික් ඔබ්බවන ලද දඹරන් පිළිමයක් සහිත කළුගලින් නිමවූ වෛත්‍ය අනුරුවක් රුපියල් කෝටි 55කට විකිණීමට උත්සාහ කළ හිටපු නාවික හමුදා සෙබළකු හා ත්‍රී රෝද රියදුරකු ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන අංශය පවසයි. 02 August 2017
20වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය සියලු පළාත් සභාවල ඡන්ද විමසීම එකම දිනයක දී පැවැත්වීමට හැකි විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 02 August 2017
මංගල මාධ්‍ය කලාව ගැන කියයි රජය මාධ්‍යවේදීන්ට නීති හෝ ආචාරධර්ම පැනවීමට පියවර නොගන්නා නමුත් ස්වයංව නීති රීති පනවාගෙන ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමේ වගකීමක් මාධ්‍යවලට තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 02 August 2017
වරාය විවාදය කඩාකප්පල් කිරීම ගැන දයාසිරි කියයි හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අදහස් දැක්වීමට ආණ්ඩුව ලබාදුන් විවාදය ඒකාබද්ධ විපක්ෂය කඩාකප්පල් කරනු ලැබුවේ එක්තරා තානාපති කාර්යාලයක අවශ්‍යතාවයක් ඉටුකිරීමට යැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. 02 August 2017
පාදෙණියට එරෙහි පෙත්සම කල් යයි මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම ලබන සැප්තැම්බර් 08 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (02) තීන්දු කළේය. 02 August 2017
පෑලියගොඩ පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කළ සයිටම් විරෝධී පාගමන සිකුරාදා(4) පෑලියගොඩින් කොළඹට ඇතුළුවීම තහනම් කරන ලෙස පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(2) ප්‍රතික්ෂේප කළාය. 02 August 2017
‘මා කිසිවක් දන්නේ නැහැ’ - රවී කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් එම නිවස මිලට ගැනීමට කටයුතු කර ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්යක්ෂධුර දරන සමාගමෙන් යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (02) පැවසීය. 02 August 2017
“මුරපදය දුන්නානම් කතාව ඉවරයිනේ“ අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය’(Password) ලබා දුන්නා නම් කතාව එතැනින් අවසන් බව දැනුම් දුන් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා එම තොරතුරු ලබා නොදෙන්නේ ඇයිදැයි අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන්ගෙන් විමසීය. කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී අධිකරණය ඇමතූ අර්ජුන් ඇ 02 August 2017
විශේෂ පොලිස් මෙහෙයුමකින් 2717 ක් අත්අඩංගුවට දිවයින පුරා අපරාධ සහ රිය අනතුරු නිවාරණ මුල් කොට විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ රාත්‍රී 11 සිට අද (2) අලුයම 4 දක්වා සිදු කළ වැටලීමකින් පුද්ගලයන් 2717 අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 02 August 2017
කෝපායි සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ් යාපනය කෝපායිහීදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීෂ්කරන් මහතා අද (02) නියෝග කළේය. 02 August 2017
දන්ත වෛද්‍යවරු අනතුරු අඟවති රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් නීති විරෝධී අන්දමින් නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්ත කරන්නට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු කළහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව එම සංගමයේ ලේකම් දන්ත ශල්‍ය වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 02 August 2017
‘වැරදි ඔප්පු වුණොත් රවී ගැන ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගන්නවා‘ අමාත්‍ය රවී කරුණානායක මහතා වරදක් කර තිබෙන බවට ඔප්පු වුවහොත් ආණ්ඩුව සහ පක්ෂය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. 02 August 2017
කොටි ආපු විදියට යළි එන්න හදනවා - පොලිස්පති ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් වී නොමැති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මුලින්ම පටන්ගත්ත විදිහට නැවත එන්න හදන උත්සහය නැවත්විය යුතු බවටත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය. 02 August 2017
දර කපන්නකුගෙන් අල්ලස් ගත්තැයි සැරයන් අත්අඩංගුවට දර කපන පුද්ගලයකුගෙන් රුපියල් 10000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන හොරොව්පොතාන පොලිසියේ සැරයන්වරයකු අද (02) එම පොලිසිය තුළදීම අල්ලස් හෝ දුෂණ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 02 August 2017
කයිලගොඩ සැකකටයුතු මරණයක් බදුල්ල-මහිංයගන මාර්ගයේ කයිලගොඩ ප්‍රදේශයේ සංචාරක හෝටලයක භාරකරුවකු සිය කාමරය තුළ සැකකටයුතු අයුරින් මියගොස් සිටියදී අද (02) සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි. 02 August 2017
පැය 5 දී වරෙන්තු ලැබ 20 ක් අත්අඩංගුවට පිළියන්දල පොලිස් වසමේ ඊයේ (1) රාත්‍රී 11 සිට අද (2) අලුයම 4 දක්වා සිදු කළ පැය පහක මෙහෙයුමේ දී අධිකරණයෙන් වරෙන්තු ලැබ පුද්ගලයන් 20 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 02 August 2017
වතුකරයෙන් ගලනාල පිළිකා රෝගීන් වැඩි වේ උඩරට වතුකරයෙන් වාර්තා වන පිළිකා රෝගීන් අතරින් අති බහුතරය ගලනාලයේ පිළිකා වැළඳුණු රෝගීන් බව රෝහල්වල දත්ත විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන බව වකුගඩු රෝග පිළිබඳ පර්යේෂණයන් හි යෙදෙන රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය ඡන්න ජයසුමන මහතා පවසයි. 02 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026