බදු සහනය ජපන් යතුරුපැදිවලට පමණයි යතුරුපැදි සඳහා රජය ලබා දුන් බදු සහනය ඉන්දියාවේ නිෂ්පාදිත යතුරු පැදිවලට හිමි නොවන අතර එම සහනය ජපානයේ යතුරුපැදිවලට පමණක් හිමි වන බව මුදල් අමාත්‍යංශය කියයි. 18 August 2017
නාමල්ට පොලිස් බලතල ක්‍රියාකරන්නැයි නියෝග මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරියකුට තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පොලිස් බලතල අනුව කි‍්‍රයාකරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (18) නියෝග කළේය. 18 August 2017
මුස්ලිම් පාසල් නිවාඩුවේ වෙනසට ගුරු සංගම් විරෝධය මුස්ලිම් පාසල්වල තෙවැනි වාරයේ නිවාඩු ආරම්භය අද (18) යෙදී තිබුණත් එය මේ මස 31 වැනි දා දක්වා දිර්ඝ කිරීමට අධ්‍යාපන බලධාරින් හදිසියේ ගෙන ඇති තීරණය පිළිබඳව ලංකා ගුරු සංගමය අප්‍රසාදය පළ කර ඇත. 18 August 2017
විමල් බෙහෙත් පෙත්ත ගැන කියයි ඉන්දීය, බංග්ලාදේශ බාල ඖෂධවලට වෙළඳපොළ විවෘත කරමින් ඖෂධ මිල අඩුකිරීමේ ප්‍රෝඩාවක් සිදුකළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගාල්ලේ පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළේය. 18 August 2017
අනුරාධපුරේ වකුගඩු රෝගී මරණ සංඛ්‍යාව ඉහළට මෙම වසරේ ජනවාරියේ සිට මේ දක්වා වකුගඩු රෝගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 127 දෙනෙක් මිය ගොස් ඇතැයි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා පවසයි. 18 August 2017
නව නාවික හමුදාපති ජනපති අතින් පත්වීම් ලබයි ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා අද (18) ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් පත්වීම ලබා ගත්තේය. 18 August 2017
‘විගණන පනත සම්මත නොවීමෙන් වැඩ අක්‍රීය වෙලා’ නව විගණන පනත සම්මත නොවීම හේතුවෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හා විගණන කොමිසමේ කටයුතු අක්‍රීය වී ඇතැයි විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය. 18 August 2017
විදේශ ඇමති ධූරය ලැබුණු පසුබිම ගැන මාරපන කනගාටුවෙන් විදේශ අමාත්‍ය ධුරය තමන්ට ලැබුණු පසුබිම ගැන තමන් කනගාටුවට පත් වුවද ,එලෙස බලාපොරොත්තු නොවූ ආකාරයට ලැබුණ විදේශ අමාත්‍ය ධූරය මඟින් රටට ඉතා වගකීමකින් යුතුකම් ඉටු කිරීමට කටයුතු කරන බව නව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අද (18) කොළඹ දී පැවසීය. 18 August 2017
අධිකරණයට බාර වු රයන් 23 දක්වා රිමාන්ඩ් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අගෝස්තු 23 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මාළිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළේය. 18 August 2017
රයන් ජයලත් අධිකරණයට බාරවෙයි සෞඛ්‍ය අමාත්‍යාශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අලාභ හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජලයත් අද (18) නීතිඥවරයකු සමඟ අධිකරණයට බාරවීම සඳහා මාලිඟාකන්ද අධිකරණයට පැමිණ සිටියේය. 18 August 2017
ලොතරැයි මණ්ඩල යළි මුදල් අමාත්‍යංශයට විදේශ අමාත්‍යාංශය යටතේ මෙතෙක් පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩල දෙක ගැසට් නිවේදනයක් මඟින් අද (18) නැවත මුදල් අමාත්‍යාංශයට පවරා ඇත. 18 August 2017
ස්පාඤ්ඤයේ බාසිලෝනා නගර මධ්‍යයට වෑන් රථයක් කඩා වැදී 13දෙනකු මියයති ස්පාඤ්ඤයේ බාසිලෝනා නගර මධ්‍යයේ මහජනයා බහුලව ගැවසෙමින් සිටි ස්ථානයකට වෑන් රථයක් කඩා වැදීම හේතුවෙන් 13දෙනක් මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 18 August 2017
බුද්ධි නිලධාරියා රන් කිලෝ 2ක් සමග අල්ලයි රුපියල් අනූඑක් ලක්ෂ හතලිස් අට දහස් පමණ වටිනා රන් ආභරණ තොගයක් දන හිසේ ගැට ගසාගෙන කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළින් පිට කිරීමට උත්සහ කළ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 18 August 2017
නාවික හමුදාපති ලෙස ට්‍රැවිෂ් සින්නයියා පත් කරන්න යයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 17 August 2017
පොලිස්පති ගැන බලය ඇත්තේ කොමිසමට - ඒ ටී ආරියරත්න පොලිස්පතිවරයාට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමට බලය ඇත්තේ පොලිස් කොමිෂන් සභාවට යැයි ව්‍යවස්ථා සභා සාමාජික ඒ ටී ආරියරත්න මහතා කියයි. 17 August 2017
‘කොළඹ-තූත්තුකුඩි නැව් සේවය යළිත් ‘ වසර හයක සිට නතර වී තිබෙන කොළඹ සහ තූත්තුකුඩිය අතර නැව් සේවය යළි පටන් ගැනීම කෙරෙහි තමිල්නාඩු ප්‍රාන්ත රජයේ අවධානය යොමුව ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (17) වාර්තා කළේය. 17 August 2017
ආවා කල්ලියේ යතුරු පැදියක් පාලු වත්තක ‘ආවා කල්ලිය‘ අපරාධ සදහා භාවිතා කළ බව කියන යතුරු පැදියක් කොකුවිල් ප්‍රදේශයේ පාලු වත්තක සඟවා තිබියදී යාපනය විශේෂ කාර්ය බලකා කඳවුරේ භට කණ්ඩායමක් විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 17 August 2017
විජයදාස අධිකරණ ඇමතිකමට සුදුසු නැතැයි අජිත් කියයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරය දැරීමට සුදුසු නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. 17 August 2017
පාදුක්කේ දැරියට දුමින්දගෙන් නව නිවසක් පාදුක්ක මිරියගල්ල දී කිසිවකු විසින් ගිනි තබා විනාශ වූ නිවසේ පදිංචිව සිටි මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින දැරිය හමුවීමට පැමිණි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම දැරියට නව ඉඩමක් මිලදී ගෙන අංග සම්පූර්ණ නිවසක් ඉදිකර දෙන බවට අද(17) පොරොන්දු විය. 17 August 2017
‘මිලියන 348කට වුණ දේ දන්නේ නෑ‘ පර්පචුවල් හෝල්ඩින්ස් සමාගමට රුපියල් මිලියන 348ක ලාභාංශ ලබා දී ඇතත් එම ලාභාංශවලට සිදුවූ දේ පිළිබඳ තමන් නොදන්නා බව ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසමට අද (17) පැවසීය. 17 August 2017
‘ඉන්දියානු බුද්ධි අංශයෙන් මහින්දට යෝජනාවක් ‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ගෙනඒමට පෙර ඉන්දියානු බුද්ධි අංශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යෝජනාවක් කළ බවත් එය පිළිගත්තේ නම් මානව හිමිකම් චෝදනා එල්ලවීම වළක්වා ගැනීමට තිබූ බවත් සමාජ සේවා හා සමාජ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි. 17 August 2017
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි විදුලි සංදේශ බද්ද හා යතුරුපැදි ඇතුළු වාහන කිහිපයක බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත. 17 August 2017
‘ඉවත් වන්නේ මධ්‍යම කාරක සභාවේ තීරණයකින් පමණයි‘ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඉන් ඉවත් වන්නේ පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගතහොත් පමණක් බවත්, එසේ නොමැතිව කිසිවෙකුත් තනි තනියෙන් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. 17 August 2017
මෙන්ඩිස් සමාගමේ ලිපි ලේඛන බැඳුම්කර කොමිසමට ඩබ්ලිව්. ඇම්. මෙන්ඩිස් සමාගමේ 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මුල්‍ය වාර්තා සහ ලිපි ලේඛන කොමිසමට ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අද (17) එම සමාගමට නියම කළේය. 17 August 2017
“වවුනියාව මණ්ඩපය වන්නි සරසවිය වෙයි“ මෙතෙක් යාපනය විශ්ව විද්‍යාලයේ කොටසක් වශයෙන් පැවති වවුනියාව මණ්ඩපය වන්නි විශ්ව විද්‍යාලය වශයෙන් නව විශ්ව විද්‍යාලයක් ලෙස පිළිගැනීමට තීරණය කර ඇතැයි උසස් අධයාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 17 August 2017
ගම්මිරිස් මිල අඩුවීම ගැන හොයන්න කමිටුවක් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සහ දේශීය වෙළෙඳපොළ තුළ ගම්මිරිස් මිල පහළ යෑම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කිරීමට අමාත්‍යවරුන් හය දෙනෙකු ගෙන් යුතු අමාත්‍ය අනුකමිටුවක් පත් කර ඇත. 17 August 2017
ලංකාවට තවත් ඔලිම්පියාඩ් ලෝකඩ පදක්කමක් බ්‍රසීලයේ, රියෝ ඩී ජැනයිරෝ නුවරදී පසුගියදා පැවැති අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගයේ වයස 20 පහළ තරගයේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික 13 හැවිරිදි සිසුවෙක් සමත් වී ඇත. 17 August 2017
විජයදාසට එරෙහි යෝජනාව ඒකමතිකව සම්මතයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශ්වාසය නැතැයි සඳහන් කරමින් ඉදිරිපත් වූ යෝජනාව අද (17) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමේදී ඒකමතිකව සම්මත විය. 17 August 2017
අනවසරෙන් මත්පෙති විකුණු හිමිකරු අත්අඩංගුවට මානසික රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත පමණක් නිකුත් කරන මත් පෙති 1733 ක් සීදුව මීගමුව පාරේ වෙළඳසැළක තිබී එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 17 August 2017
මීගමුවේ හෝටලයක කොටසක් කැඩී තිදෙනෙක් සිරවෙති මීගමුව, පෙරියමුල්ල පාලම අසල හෝටලයක කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් එහි සිටි තිදෙනකු සිරවී සිටි බවත් ඉන් දෙදෙනකු මුදා ගැනුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 17 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026