උදයංග වීරතුංගගේ ඉල්ලීම අධිකරණයෙන් ඉවත දමයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර ඇති වරෙන්තු නියෝගය ආපසු කැඳවන ලෙස සහ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) ප්‍රතික්ෂේප කළාය. 21 August 2017
හිටපු ගුවන් සේවා ඇමැතිටත් ඇප හිටපු ගුවන් සේවා අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එක් අයකුට රුපියල් හැත්තෑ පන්දහසක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (21) නියෝග කළේය 21 August 2017
‘ප්‍රශ්න පත්‍රයක් අඩුවීම හා අත්පත්‍රිකා බෙදීම අතර සම්බන්ධයක් නෑ‘ - විභාග කොමසාරිස් පදවි පරාක්රමපුර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ශිෂ්‍යයකුට රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයක් අඩුවී තිබූ නමුත් පසුව ටික වේලාවකින් ඔහුට එම ප්‍රශ්න පත්‍රය ලබාදී තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්ජේ.පුෂ්පකුමාර මහතා පවසයි. 21 August 2017
මහඉලුප්පල්ලම බීජ ගොවිපොල බංගලිදේශයට බදු දීමට විරෝධය මහඉලුප්පල්ලම පිහිටි රජයේ බීජ ගොවිපල වසර 150 ක් සඳහා බංගලාදේශයේ සමාගමක් වෙත බදු දීමට කෘෂිකර්ම ඇමැති කටයුතු කර ඇතැයි පවසමින් දේශපාලඥයින්, මහජනතාව සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ අද (21) එම ගොවිපල ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ. 21 August 2017
සයිටම් විරෝධීහු කොටුවේ අඛණ්ඩ උපවාසයක් අරඹති මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්රමුඛ සයිටම් විරෝධී ජන පවුර අද(21) අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය. 21 August 2017
අත්පත්‍රිකා බෙදූ ටියුෂන් ගුරාගේ පියා සහ සොයුරා අත්අඩංගුවට ගම්පහ උසස් පෙළ විභාග ශාලාවක් අසල දී උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතුළත්ව තිබූ ප්‍රශ්න දෙකක් මුද්‍රණය කර බෙදූ ටියුෂන් ගුරුවරයාගේ පියා සහ සොයුරා බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 August 2017
උතුරු පළාත් ප්‍රවාහන ඇමැතිට ඇමැතිකමත් නැතිවෙයි ටෙලෝ පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කිරීම නිසා උතුරු පළාත් ප්‍රවාහන හා ධීවර ඇමැති පී.ඩෙනිශ්වරන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය මාස හයක කාලයකට අත්හිටුවීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවට ටෙලෝ පක්ෂ ලේකම් එස්.ශ්‍රීකාන්ත පැවසුවේය. 21 August 2017
විජේදාස ගැන තීරණයක් ගන්න අගමැති - එජාප මන්ත්‍රී හමුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් අද(21) සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි පවසයි. 21 August 2017
අභිරහස් ලෙස මියගිය තරුණයා ගැන පරික්ෂණ අභිරහස් ලෙස තරුණයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය පවසයි. 21 August 2017
විසිඑක් ලක්ෂයක රන් කැබැලි සමඟ සිව් දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් විසි එක් ලක්ෂ තිස් දෙදහස් නමසිය පනස් පහක් වටිනා රන් කැබලි ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාව රැගෙන යාමට පැමිණි තරුණයන් සිව් දෙනෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 21 August 2017
ශ්‍රී ලංකා පිලට විරෝධය දක්වති ඉන්දියාව හමුවේ පැවැති එක්දින තරගයේදී කඩුලු 9 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට එරෙහිව ප්‍රේක්ෂකයෝ පිරිසක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරියේ අද (20) රාත්‍රීයේ කෑකෝ ගසමින් ‘හූ’ කියමින් විරෝධතා දැක්වූහ. 20 August 2017
ඉන්දීය ජාතිකයින් 27ක් යාපනයේදී අත්අඩංගුවට ඉන්දියාවේ සිට යාපනයට පැමිණ අනවසරයෙන් විවිධ රැකියාවල නිරතවෙමින් යාපනයේ රැඳී සිටි බව කියන ඉන්දීය ජාතිකයින් 27 දෙනකු අද (20) අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. 20 August 2017
සමෘද්ධි සහනාධාර සමීක්ෂණයේදී අමුතු ප්‍රශ්නයක් සමෘද්ධි සහනාධාරය ලබා දීම සඳහා කළ සමීක්ෂණයේ දී තුන්වේල කන්නේ දැයි පුදුම සහගත ප්‍රශ්නයක් අසා ඇතැයි විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි. 20 August 2017
ටියුෂන් ගුරුවරයාගෙන් ප්‍රශ්න කරන්න යයි උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවීයැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් කළ පැමිණිල්ල ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට යොමු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 20 August 2017
ප්රභාකරන් ඇසුරු කිරීමට නොහැකිවීම දුකක්-එරික් සෝල්හයිම් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් සමඟ වැඩි කලක් ගත කිරීමට නොහැකිවීම ගැන තමන් කනස්සල්ලට පත්වන බව නෝර්වේ හිටපු අමාත්‍යවරයකු සහ සාම නියෝජිත එරික් සොල්හයිම් මහතා පවසයි. 20 August 2017
‘මහ මැතිවරණය ශිෂ්ඨ රටක් ලෙස‘ ඊළඟ මහ මැතිවරණයේ දී ජනතා මතය විමසීමට යන්නේ දියුණු තාක්ෂණයෙන් සන්නද්ධ වූ, නවීකාරක, ශිෂ්ඨ රටක් ලෙසට යැයි පාර්ලිමේන්තු කටයුතු හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි. 20 August 2017
ගොවිජන සම්මේලනය දේශපාලකයින්ට අනතුරු අඟවයි රජය ගොවීන්ට පොරොන්දු වූ වගා හානි සඳහා වූ වන්දි මුදල් කඩිනමින් ලබාදෙන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද(20) දඹුල්ල නගරයේදී ජනතා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කළේය. 20 August 2017
ඇමති ඩිලාන් අමරවීර ළඟ වැඳවැටෙන්න සූදානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ඡාතික පක්ෂයට වාසි වෙන ආකාරයේ වචන පාවිච්චි කිරිම නවත්වා ගැනිම සදහා කුමක් හෝ කරන්නැයි ශ්‍රීලනීප මහ ලේකම් මහින්ද අමරවිර මහතාගෙන් දොහොත් මුදුන් දී වැද වැටෙමින් ඉල්ලා සිටින බව රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි. 20 August 2017
‘විභාග ප්‍රශ්නපත්‍ර පිටවීමේ ඉඩක් නෑ‘ - විදුහල්පතිවරු කියති ගම්පහ උසස් පෙළ විභාග ශාලාවක් ආසන්නයේ දී රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්න කිහිපයක් සහිත අත් පත්‍රිකාවක් එක්තරා ටියුෂන් ගුරුවරයකු විසින් බෙදාහරිනු ලැබ තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිවයිනේ ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයකු පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ පවතින ක්‍රමවේදය අනුව විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර පිට වීමට නොහැකි බවය. 20 August 2017
‘පාට මොකක් වුණත් හොරා හොරාමයි‘ - ඇමැති විජේදාස ‘‘හොරා කියන්නෙ හොරා. කොළපාට හොරයි, නිල්පාට හොරයි කියල දෙන්නෙක් නැහැ. කවුරු හොරකම් කළත් හොරා හොරාමයි‘‘ යැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. 20 August 2017
අපුර කොටි රැඳවියෝ ආහාර වර්ජනයක අනුරාධපුර බන්ධනාගාරයේ කොටි රැඳවියන් තිදෙනෙක් තම නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා අද(20) උදෑසන සිට ආහාර වර්ජනයක නිරතව සිටිති. 20 August 2017
රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැටලුව පොලිස්පතිට උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා පත්‍රය පිටවුණැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි. 20 August 2017
පදවිය විභාග මධ්‍යස්ථානයකට ප්‍රශ්න පත්‍රයක් අඩුවෙයි ප්‍රශ්න පත්‍රයක් අඩුවෙන් එවා තිබීම නිසා පදවිය පරාක්රමපුර විභාග මධ්‍යස්ථානයේ සිසුවකුට රසායන විද්‍යා ප්‍රශ්න පත්තරය ලැබීමට ප්‍රමාද වී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි. 20 August 2017
ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන ගම්පහ පොලිසිය පරීක්ෂණ අරඹයි අධ්‍යයන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ ) විභාගයේ රසායන විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය සෙනසුරාදා (19) ලිවීම අවසන් වු පසුව එම ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් සහිත අත් පත්‍රිකාවක් ගම්පහ ප්‍රධාන පාසලක් අසලදී බෙදා හැරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත. 20 August 2017
රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3 ක් පිටවෙලාලු උසස්පෙළ විභාගයේ අද (19) පැවැති රසායන විද්‍යාව II ප්‍රශ්න පත්‍රය අවසන් වී විභාග ශාලාවෙන් එළියට පැමිණි ගම්පහ පාසලක සිසුවියන් පිරිසකට බෙදූ බව කියන අත්පත්‍රිකාවක රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න හා සමාන ප්‍රශ්න 3ක් තිබුණු බව සිසූහු පවසති. 19 August 2017
සීගිරිය මුදුණේ කර ඇති දේ චිත්තාකර්ශනීයයි - කෝලි දඹුල්ලට පැමිණෙන ඕනෑම සංචාරකයකුට සිගිරිය අමතක කළ නොහැකිය. කිසිවකු ඒ ගැන නොදැන සිටියද රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වෙන තරගයක් නැරඹීම සඳහා ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මාලයට පිවිසෙන ඕනෑම අයකු ඈතින් දිස්වන පර්වතය කුමක්ද යන්න විමසීම සාමාන්‍යය තත්ත්වයකි. 19 August 2017
නව නියෝජ්‍ය පොලිස්පතිවරු අටක් පත්වීම් ලබති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු අට දෙනෙක් නියෝජ්‍ය පොලිස්පති තනතරුට උසස් වීම් ලබ සිටිති. 19 August 2017
පුත්තලම සිමෙන්ති සමාගමේ ගින්නක් පුත්තලම සිමේන්ති සමාගම් භුමියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇති හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇතැයි එම සමාගම කියයි. ගින්න නිවා දැමීමට පොලිසිය ගිනි නිවන හමුදාව සහ ගුවන් හමුදාව දැඩි වෙහෙසක් ගත් බව පුත්තලම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 19 August 2017
අම්මලා දෙන්නෙක් සහ සිඟිත්තෙක් මාතර රෝහලේදී මරුට දරු ප්‍රසූතිය සඳහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටි මව්වරුන් දෙදෙනෙකු හා දිනක් වයසැති බිළිඳකු අද(18) මිය ගොස් ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 18 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026