විනීතා එම් ගමගේ
පාර්ලිමේන්තුවේ වාදවිවාද වලට සහභාගී වන මැති ඇමැතිවරුන්ට ඵලදායි ලෙස කරුණු ඉදිරිපත් කිරීම සඳහා විෂයානුකූල දැනුම ලබාදීමෙන් සහය වීමට පැෆරල් සංවිධානය සැරසෙයි.
දේශීය විදේශීය වශයෙන් කරුණු සොයා දීමෙන් සහය වීම මෙහිදී සිදුකෙරෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
දැනට බොහෝ විට සිදුවන්නේ දේශපාලනමය කරුණු පමණක් ඉදිරිපත් කිරීම හා විෂයයන්ට අදාළ නොවන කරුණු ඉදිරිපත් කිරීම බවත් පැෆරල් සංවිධානය ඉදිරිපත් කරන විද්වත් මඩුල්ලෙන් ඕනෑ අවස්ථාවල දී ඕනෑම මන්ත්‍රීවරයකුට හෝ ඇමැතිවරයකුට කරුණු ලබා ගත හැකි බවත් හෙතෙම කියා සිටියේය.
මේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් අස්සන් කරන බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාකරන හැටි නෙවෙයි ඔය මනුස්සයින්ට වැඩ කරන හැටි උගන්නන්න කව්රුවත් නැද්ද?