රංජන් කස්තුරි
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රරල් ලීටරයක මිල රුපියල් 2 න් ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියලකින් ද ඉහළ නංවා තිබේ.
මෙම ඉහළ නැංවිම අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංහය සඳහන් කරයි.
ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රරල් ලීටරයක නව මිල රුපියල් 157 ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 130 ක් වන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ලීටරයක් රුපියල් 145 ක් ලෙස අලෙවි කරන ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රරල් මිල හා ලීටරයක් රුපියල් 118 ක් ලෙස පවතින සුපර් ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් නොවන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ලෝක වෙළඳපොළහි තෙල් මිල ඉහළ යෑම නිසා මිල සුත්‍රයට අනුව එම මිල නැංවිම ක්‍රියාත්මක කළ බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කීවේය.
කෙසේ වෙතත් ඉකුත් 2014 පැවති ඉන්ධන මිල අඩුම පවතින බවද මංගල සමරවීර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල සූත්‍රයට මුවා වෙලා මුදල් ඇමතිටයි, එයාගේ ගෝලයින්ටයි ඕන ඕනෑ විදියට තෙල් මිල ඉහළ දාන්න ඉඩ දෙන්න බැහැ. ඒ නිසා මුලින්ම මිල සූත්‍රය කුමක්ද කියා හා බොරතෙල් බැරලයක මිල ඩොලරයකින් වෙනස් වූ විට රටතුළ ඉන්ධන මිල වෙනස් වන ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කිරීමට මේ නිලධාරීන්ගේ පදයට නටන හා රටේ ආර්ථිකය හා මූල්‍යකරණය ගැන මෙලෝ හසරක් නොදන්නා මුදල් ඇමැතිවරයා වහා පියවර ගත යුතුයි.
ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහළ ගිය ගමන්, එම ඉහළ ගිය තෙල් ක්ෂණිකව මෙහෙට එවනවද?
මේ තෙල් අරගත්තේ කලින් මිලටනේ.. ඉතින් මොකද මේක වැඩි කරන්න හදිස්සියේ.. මහජනතාව මංකොල්ලකන ආණ්ඩුවක් මේක.