නිමන්ති රණසිංහ
හම්බන්තොට රීජන්සි හෝටල් ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 4 ක මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නොතීසි ලද විට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ගාමිණී සේදර සෙනරත් මහතා ඇතුළු සිව් දෙනෙකුට නියෝග කළාය.
සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් මෙම සැකකරුවන් සිව් දෙනාට එරෙහිව විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයේ කළ කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝග කළාය.
ඒ අනුව මෙලෙස නියෝග නිකුත් වුයේ ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගෙ, නිල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අයවලුන් ටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙහෙර ගිල්ලා නම් අග්ගලාව කජ්ජක් කිව්වලු. ඒ වගේ තමයි බිලියන ගණන් හොරාකාපු අයට මේවා නඩුද කියලා හිතෙනවා ඇති...