(නිමන්ති රණසිංහ)
අල්ලස් සිද්ධියකට අදාළව රක්ෂිත භාරයේ සිටින ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි ආචාර්ය ඉදිකැටිය හේවගේ කුසුම්දාස මහානාම රාජ්ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන අය සම්බන්ධ ඇප නියෝගය ලබන 21 වැනිදාට ප්රකාශයට පත්කරන බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් රංග දිසානායක මහතා සඳහන් කළේය.
ඒ අනුව එම නියෝගය ලබාදෙන තෙක් එම සැකකරුවන් තවදුරටත් එදින තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමටද මෙහිදී මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්ර සුත්ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා මේ වන විට මාස තුනකට අධික කාලයක් සැකපිට රක්ෂිත බාරයේ පසුවෙයි.
එසේම, සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ලබාදීම දෙවතාවක්ම අධිකරණය මගින් ප්රතික්ෂේප කරනු ලැබ තිබූ අතර, සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ලබාදීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම මත නඩු විභාගය අවසන් වනතුරු ඔවුන් රක්ෂිත බාරයේ තැබීමට අධිකරණය මගින් නියෝග නිකුත් කරනු ලැබ තිබුණේ ඉකුත් ජුනි 26 වැනි දාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ නඩු ඇදගෙන යන්නේ? අල්ලස් කොමිසම සාක්ෂි සහිතව මේ අයව අත්අඩංගුවට අරන් තියනවනම් නඩුවක් අහන්න මෙච්චර කල් යන්න හේතුව මොකක්ද? දැනගැනීම පිණිසයි අහන්නේ?