රංජන් කස්තුරි
වකුගඩු රෝග පුර්ව හඳුනාගැනීම සඳහා යොදාගනු ලබන සියලු ජීව විශ්ලේෂණ යන්ත්රයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඇගයීමකට ලක්කිරිමට උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා ඇති අතර දින 10 ක් තුළ වාර්තාවක් ලබාදීමට එම කණ්ඩායමට උපදෙස් ලබාදී ඇතැයි උතුරුමැද පළාතේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.
මීට අමතරව ඉකුත් මස 7 ක කාලය සඳහන් කරයි. මීට අමතරව ඉකුත් මස 7 ක කාලය සඳහා එකී යන්ත්‍රයන්ට අදාළව ලබාගෙන ඇති තත්ව පාලන වාර්තා ඇගයීමකට ලක්කෙරෙන බවද ඔහු කීය.
තවද යන්ත්‍රවල පාලන විශ්ලේෂණයට අමතරව නිදර්ශක ලබාගැනීමේ සිට ප්‍රවාහනය,ගබඩාකිරිම් හෝ වෙනත් පියවරකදී යම් දෝෂ තත්වයන් සිදුවන්නේ ද යන්නත් විමර්ශනය කරන බවද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ප්‍රමිතිය සහිත මැෂින් එක අනුරාධපුර රෝහලේ වකුගඩු අංශයේ තියෙන්නේ. මේ යන්ත්‍රය නිර්දේශ කළ ඉංජිනේරුවරයාට මේවට සම්බන්ධ කට්ටිය නිසා අල්ලස් සහ දූෂණ කොමිසමට යන්නත් වුණා. නමුත් අද ඒ මැෂින් එක නිසා තමයි හරි පරීක්ෂණයක් කරගන්න පුළුවන්. උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්න බයෝමෙඩිකල් ඉංජිනේරුවරයා යම් යම් සමාගම් එක්ක කරන ඩීල් වල ප්‍රතිඵල තමයි මේ.
කවුද දන්නේ ඖෂධ මාෆියාව බෙහෙත් විකුණගන්න මෙම යන්ත්‍ර හිතාමතාම විකෘති කලාද කියලා ?
බාගෙන් භාගයකට ඔය ලෙඩේ නැතිනම් මිනිස්සු සිය දහස් ගණන් මැරෙන්නේ කොහොමද?
ඕවා ඔහොම තමයි මේ රටේ. පහුගිය කලෙක ලංකා විදුලි බලේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයෙක් හිටිො. ලක්දනව් කියන සමාගමේ මාෆියාවට විරුද්ධ... කට්ටිය එකතුවෙලා වෙන තොප්පියක් දමලා අර මනුස්සයව ගෙදර පිටත්කළා..