(ශිරාන් රණසිංහ)
ජාතික විගණන කොමිසමේ සභාපති ලෙස විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ඇතැළු සමාජිකයින් සිව්දෙනා කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ අද (9) දිවුරුම් දී ඇත.
පාර්ලිමේන්තුවේ කතානායක නිල කාර්යාලයේදී මෙම දිවුරුම්දීම සිදුව තිබේ.
හිටපු අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ , හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරුන් වන ගාමිණි අබේරත්න , වී කන්දසාමි සහ ඩබිලිව් ඒ.එම් පෙරේරා කොමිසමේ සාමාජිකයින් සිව්දෙනා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති ගරුක ජනතාවගේ බලාපොරොත්තුව ඉටුකරදීම ඔබතුමන්ලාගේ වගකීමය. රටේ අනාගතය තීරණය වෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ අවංකකම මත බව මේ මොහොතේ අපි සිහිපත් කරමු.
අර ඉස්සර ඇඩ් එකක තිබුනා වගේ ඇල්ලුවට හපන්න බැරිනම් මේකෙනුත් වැඩක් නෑ. අල්ලස් කොමිසමත් ඇල්ලුවට හපන්න බැරි විදිහට තිබිල දැන් නම් හරියාගෙන එනවා. ඒ, එතන ලොකු පුටුවට ආපු සරත් ජයමාන්න මහතා නිසා. මෙතනත් ගාමිණී විජේසිංහ මහතා නම් හොඳ කොන්දක් තිබෙන කාර්ය සූර නිලධාරියෙකු බව ක්‍රියාවෙන්ම ඔප්පු කල කෙනෙක් නිසා අපට සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් වෙයි.