(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
මේ කාලයේ ඕනෑම අයෙකුට ඕනෑම වෙලාවක වැඩ වර්ජන කිරීමටත් පාර්ලිමේන්තුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණ කිරීමටත් අවස්ථාව තිබෙන්නේ ඔවුන් කිසිවෙකුත් සුදු වෑන් වලින් උස්සා ගෙන ගොස් මරා නොදමන බව සියලු දෙනා දන්නා නිසා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් රජය ප්රජාතන්ත්රවාදය නියම අයුරින් ක්‍රියාත්මක කරන නිසා මෙම වැඩ වර්ජන වලට හෝ උද්ඝෝෂණවලට විරුද්ධ නොවන බවද අගමැතිවරයා කීය.
ස්වාධීන කොමිසන් සභාවල සභහපතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අවස්ථාවේදී ඒ බව කී අගමැතිවරයා මෙසේද කීය.
‘‘මේ කාලේ ඕනම කෙනෙක්ට ස්ට්‍රයික් කරන්න පුළුවන් . සුදු වෑන් ඇවිත් උස්සන් යන්නේ නෑ. මිනිස්සු අරගෙන ගිහින් මරා දාන්නේ නෑ.ප්රජාතන්ත්රවාදය මේ රටේ ක්‍රියාත්මක වෙනවා.අපි ඒවාට විරුද්ධ වෙන්නේ නැහැ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙ ප්‍රධානත්වයෙන් යුත් මේ රජය රටේ ප්රජාතන්ත්රවාදය ඇති කර තිබෙනවා.කවුරුත් ඒක පිළිගන්නවා.මාධ්‍යත් ඒක පිළිගන්නවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට එයත් සපෝර්ට් කරන්නේ උද්ඝෝෂකයන්ට මිස ඉන් පිඩාවට පත්වන මහජනයාට නොවේ , නියම මොලයක්. මෙයාට තියෙන්නේ මහජනතාව සමග වයිරයක් , ඒක මතුපිටට නොපෙන්වන සියුම් වයිරයක්
රටේ ප්රජාතන්ත්රවාදය තිබුණ කියල රටේ අනිත් ප්‍රශ්න විසඳෙන්නේ නෑ.රටේ දුප්පත් ජනතාවට එදා වේල හම්බ කරගෙන කන්න විදිහක් නැහැ .අහස උසට ජීවන වියදම,රටේ පලිගැනීම් ජිවිත විනාශවීම අනන්තයි අප්‍රමාණයි.රටේ පුරවැසියන් හැටියට අපි තමුන්නාන්සේලාට බලය දුන්නේ ඕවා කියවා කියවා ඉන්න නෙමෙයි .අගමැතිතුමනි මේ රටේ ජනතාවට වගේ පිස්සු නැහැ ,ඔය බයිලා හැමදාම අහගෙන ඉන්න.
ලංකාවට අනිවාර්යෙන්ම සුදු වෑන් ඕනේ
වැඩ වර්ජනය කිරිමේ උද්ඝෝෂණ කිරීමේ හා විරෝධතා දැක්විමේ අයිතිය ප්රාජාතන්ත්රුවාදී රටක අනිවාර්ය තිබිය යුතු මූලික ගුණාංගයක් වන නමුත් එහි සිමාවක් තිබිය යුතුය.රාජය සේවකයන් වැඩ වරජන වලට යොමුවීමට ප්‍රථම ඔවුන්ගේ ගැටලු සම්බන්ධව සොයා බලා සුදුසු පියවර ගැනීමටත් ඒ ගැන මහාජනතාව දැනුවත් කිරිමටත් පියවර ගත යුතුය. එසේ නොකර ඕනම කෙනෙකුට වැඩ වර්ජන. කිරිමේ අයිතිය තියනවා කියා ඇග බේරා ගැනීමට රටකට පාලකයන් අවශය වන්නේ නැත.
එතකොට 80 ජුලි වගේ දොට්ට දාන එක විතරද කරන්නේ.
දොස්තරවරුන් අහිංසක ලෙඩ්ඩු උගුලට තියල පරණ දෙසපලුවන්ගේ දේසපාලන අරමුණු ඉටුකරමින් ඉන්නවා හැමදාම මොකක් හරි වැඩ වර්ජන ඡන්දෙ දීල බලයට අරගෙන අවේ මේවා අහන්න නෙමෙයි ඉන්න තවටිකක් වැඩියෙන් කැ ගහල ජනතාවට ඕව කියන්න තව අවුරු දෙකයි මේ පාලනය වෙන විදියට රෙදි ගැලව ගෙනවත් ඔබලාට පාරේ බැහැල යන්න පුළුවන් වෙයිද කියල සැකයි
අගමැතිතුමාට ජයවේවා !
මේ වර්ජනවල ප්‍රධාන අරමුණ රටේ පාලනයක් විනයක් පිළිවලක් නෑ කියලා මහජනතාවට වැඩිවැඩියෙන් ඒත්තු ගැන්වීම. ජනතාව ඉල්ලන්නේ හමුදා පාලනයක් හරි කමක් නැහැ. මිනිසුන්ගේ අවශ්‍යතා ඉටුවෙනවානම් කියලා. මෙයින් වැඩියෙන්ම වාසිය ගන්නේ පොහොට්ටුවේ නිල වශයෙන් ප්‍රකාශ නොකරපු ජනාධිපති අපේක්ෂකයා. සාමාන්‍ය ජනතාව අසීමිත ලෙස දුක් විඳිනවා
මෝඩ කතාවක් කියලා ප්‍රශ්නෙන් මග අරින්න එපා.
අගමැති දන්නේ ඔච්චර තමා මෙයා රටේ ජනතාව එක්ක වෛරයෙන් ඉන්නේ මොකද කිසිම දවසක මෙයාව ජනාධිපති කරන්නේ නැති නිසා.
ඒක කොච්චර එකක්ද? එතුමාට දැන්වත් එහෙම හිතු ඒක හොදයි.
හරි. එකගයි. නමුත් රටේ ආරක්ෂාව හා ස්තාවරත්වය ගැන මොකද කියන්නෙ.
වැඩ බැරි ටාසන්ගේ තවත් කතාවක්. බැංකු විතරක් සුද්ද කර කර හිටියම රටේ මෙහෙම දේවල් වෙනව.
ආර්ථික විද්‍යා මහා විද්වතානෙනි ඔබට ජය,