(මනෝප්රිය ගුණසේකර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට ගුවන් යානයක් පැමිණෙන තුරු පැය එකාහාමාරක කාලයක් බලා සිටීමට නොහැකිවීම නිසා මැලේසියාවේ සිට ලංකාවට පැමිණෙමින් තිබු ගුවන් යානය ආපසු හරවා සිංගප්පුරූවට යැවීම නිසා සමාගමට අධික වියදමක් දැරීමට සිදුවු බව ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙළි විය.
වැදගත් රාජ්‍ය නියෝජිතයින් පිරිසක් ලංකාවට පැමිණීම සඳහා සිටින බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා පැවසු අසත්‍ය කරුණුවලට රැවටීම නිසා මැලේසියාවේ සිට ලංකාවට පැමිණෙමින් තිබු ගුවන් යානය ආපසු හරවා සිංගප්පුරූවට යැවීමට කටයුතු කිරීම නිසා මෙලෙස අධික වියදමක් දැරීමට සිදුවු බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් පාලක කළමණාකාර ඉන්ද්‍රජිත් රණසිංහ මහතා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙළි කළේය.
ගුවන් ගතවී පැමිණෙමින් තිබු ගුවන් යානයක් ආපසු හරවා වෙනත් ගුවන් තොටුපළකට යැවීමේ මෙම සිද්ධිය වැනි සිද්ධියක් කිසිම දිනෙක සිදුවී නොමැති බවද 2014 ජනවාරී මස 14 වැනිදා මෙම සිද්ධිය සිදුවු බවද ඉන්ද්‍රජිත් රණසිංහ මහතා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් වැඩිදුරටත් හෙළි කළේය.
ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි විභාගය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒගොල්ල ඉස්සර හිටපු රජපවුලේ සමජිකයෝනේ , නමුත් පුදුමෙකට තිබෙන්නේ තවමමේ ගැන පරීක්ෂණයක් වත් ආරම්භ කරලා නැති එක
මේ සහෝදර සමාගමට නැවත වරක් රට පාලනය කරන්න දෙමු. නේද?
අනේ දෙමුකො. ඊට පස්සෙ ඒගොල්ලන්ට දීලා කනවෝ කනවෝ කියන කොට මේගොල්ලන්ට දෙමු. අපේ රට ඉවර වෙනකං දෙපැත්තට දිදි ඉමු. හරි ශෝක්නෙ.
රටට ආදරේ කරන, ජනතාවට ආදරේ කරන පාලකයෝ හා නිලධාරීන් ඉක්මනටම පත් කරගත්තේ නැත්නම් අපේ දරුවන්ට රටක් ඉතිරි වෙන එකක් නැහැ.
ගුවන් යානා විතරක් නෙවෙයි මුළු රටකම මිනිස්සුන්ට ආපසු හැරෙන්න වෙන්නේ.
මේ සහෝදර සමාගමට නැවත බලය දෙනවා ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. දැක්කානේ කලින් ඡන්දෙදි මොකද උනේ කියල
ගුවන් යානාව හැරෙව්වේ එක පුද්ගලයි. සංවර්ධනය දිසාවට ගිය රට ලම්බෝගිනි කාර්, රත්තරන් අස්වයෝ මොනවද කියා බලා ගන්න, කොටළුවෝ 2014 දී රට ආපසු හැරවූ එකේ විපාක තමයි දැන් අපි ගෙවන්නේ ඒ පාඩුව තක්සේරු කොරන්න පුලුවනිද. 2020 දී පවත් වන මහජන කොමිසම ආ පසු නියම දිසාවට රට හර වාවී. යහපාලකයෝ පටවා ගන්න රට ආපසු හරවනවා කියල කීවේ. බලනකොට පටවාගෙන තිබෙන්නේ කොටළුවෝ ටිකක්. දැන් සනීපද?
අනේද කියන්නෙ... පැය 1 1/2 ක් ඉන්න බැහැ, ප්ලේන් එකක් එනකම්.
ඕක මොකක්ද ? තමන්ට ආසන වෙන් කලේ නැහැ කියල ලාභ ලබමින් තිබුන ගුවන් සේවය, 'එමිරේට්ස්' ලගෙන් ගත්තෙ ජනාධිපති මස්සිනා..
"ශ්‍රී ලංකාව ජාතික ගුවන් සේවයක් පවත්වා ගැනීමට තරම් ආර්ථික වශයෙන් තවම ශක්තිමත් නැත " අසල්වැසි රාජ්‍ය නායකයෙක් පැවසු වගක් මතකය.
මෙයාලා රටට වැඩක් ඇති දෙයක් කරන්නෙත් නැහැ, හොරු අල්ලන්නෙත් නැහැ. රට නොරට්ටුන්ට පාවාදෙන එක විතරයි කරන්නේ... මෙහෙමත් ජහපාලනයක්.. හොරා කෑවත් අරගොල්ලන් හොඳයිනේ.