චෙන්නායිහිදීය (ද හින්දු/එන්.ඩී.ටීවි)
ඉන්දියාවේ හිටපු මහ ඇමැතිවරයකු වන එම්.කරුණානිධිගේ අවමංගල්‍ය උත්සවය අතරවාරයේදී තෙරපීමට ලක්වීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පස් වතාවක් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිධුරය හෙබ වූ එම්.කරුණානිධි අඟහරුවාදා (7) අභාවප්‍රාප්ත විය. මිය යනවිට හෙතෙම 94 වැනි පසු වූ අතර අසනීප තත්ත්වය නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය.
එම්. කරුණානිධිගේ අවමංගල්‍ය උත්සවය බදාදා (8) පැවැත්වුණු අතර ඊට ද්‍රවිඩ මුනේත්ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂයේ ආධාරකරුවෝ දහස් ගණනක් සහභාගී වූහ. එම පිරිස පොලිසියට ද පාලනය කරගත නොහැකි වූ අතර තෙරපීම හේතුවෙන් 50කට ආසන්න පිරිසක් රෝහල් ගත කළ බව ද වාර්තා විය.
එම්. කරුණානිධිගේ දේහය චෙන්නායි නුවර මරීනා වෙරළ තීරයේ දී ඔහුගේ දේශපාලන ගුරුවරයා වූ සී.එන් අන්නදුරේගේ දේහය අසළින් භූමදානය කළේය. සී.එන් අන්නදුරේ යනු තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රථම මහ ඇමැතිවරයා මෙන්ම ද්‍රවිඩ මුනේත්ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂයේ නිර්මාතෘවරයා ද වේ.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ මිනිස්සුන්ගෙන් සීයට අසූවක්ම සදාකාලික වහල් මානසිකත්වයෙන් පෙලෙන්නෝ නිසා මෙවැනි සිදුවීම් වලක්වන්න බැහැ.
අපේ පාලකයොත් අාසා මේ විදියට. රටේ ජනතාව අන්ත අසරණ දුප්පත් කර දෙවියන් සේ රජුන් සේ වැජඹීමට.....
ඉන්දියාවේ ජනගහනයෙන් බහුතරයක් නූගත් මිනිසුන් වන අතර දේශපාලකයන් දෙවිවරුන් සේ සලකති.