අංජුල මහීක වීරරත්න
වර්ජන වලට මුහුණදීම සඳහා විකල්ප දුම්රිය රියැදුරන් කණ්ඩායමක් පුහුණු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මාධ්‍ය හමුවකදී අද (9) පැවසීය.
මාස හයක් ඇතුළත එම විකල්ප දුම්රිය රියැදුරන් කණෟඩායම පුහුණූ කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අතීකාල දීමනා සමඟ රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මාසික වේතනයක් ලබන දුම්රිය රියැදුරන් හිටිහැටියේ මෙලෙස වර්ජනය කිරිමෙන් ජනතාවට වන අපහසුතාවය මඟහැරවීම මෙම විකල්ප රියැදුරු කණ්ඩායම පුහුණු කිරිමේ මුලික අරමුණ බවද නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කීය.
දුම්රිය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කර ගැසට් නිවේදනයක් නිකුත් කිරිම පිළිබඳව ද රජයේ අවධානය යොමුවී තිබෙන බවද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දි මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකල්ප රියදුරන් දුම්රිය ගෙන්වන ඉන්දියාවෙන් ගෙන්වන්න.
දැන්ද මේවා මතක් වෙන්නේ?
හමුදාවේ අයට පුහුණුව දෙන්න. දුම්රිය දෙපාර්තමේන්තුව හොර ගුහාවක්.
ප්‍රශ්නයට නිසි විසදුම් හොයන්න මහත්තයෝ. ඕගොල්ලෝ, අරගොල්ලෝ මෙච්චරකල් කරපු පාලනේ රස තමයි අපි දැන් විඳින්නේ. මාස හයෙන් පුහුණු කරන "විකල්ප රියදුරෝ" හත්වෙනි මාසෙදි "විකල්ප රියදුරන්ගේ වැඩවර්ජනය" කෙරුවම "විකල්ප රියදුරන්ගේ විකල්ප රියදුරන්" කියලා තව කණ්ඩායමක් හදන්නද කල්පනාව. සේලයින් එක ඇඳට ගහලා වැඩක් නැහැ ඇඟට ගහන්න. බෙලහීන පාලකින් නිසා අසරණ වෙන්නේ දුප්පත් ජනතාව. නිසි පාලකයෝ පත්කර නොගැනීමේ විපාක එක අතකින් ජනතාව විඳින්නත් ඕන.
නිතරම දුම්රිය සේවකයන්ගේ කෙනෙහිලි, බලපෑම්, තර්ජන ගර්ජන වලට යටත් වන අසරණ මගී ජනතාවට සැනසුම් සුසුමක් හෙලන්නට පුළුවන් සුබදායක ආරංචියක් ! "නියපොත්තෙන් කැපිය හැකි දේ පොරොවෙන් කපන්න වෙනකම්" රජය නිදා සිටීම ඇත්තෙන්ම කණගාටුදායක කරුණකි. මෙවැනි අභීත තීරණයක් ගන්න තිබුනේ, විශාල පිදේනි තටු ඉල්ලා මල පෙරේතයින් ලේ පෙරාගෙන හොල්මන් කරන්න පටන් ගත් මුල් දිනයේ දීමයි. ජනතාවගේ නාමයෙන් මෙවැනි ජනප්‍රිය තීරණ වෙනත් "රජයේ" සේවකයන් මට්ටු කිරීමටත් ගත යුතු වෙනවා.
එහෙමද හොඳ. ඊළඟ වර්ජනයට වත් ලෑස්ති කරමු. බස් රථ රියදුරන් එක්කම. යන්නේ කොහෙද මල්ලේ පොල්.
මේකට උත්තරය තව කට්ටියක් පුහුණු කිරීම නොවේ ඒ කට්ටියත් නැවත ඔය දේම කරනවා එමනිසා කළ යුත්තේ වැඩට එන්න බැරිනම් සේවය බැහැර වුණා සේ සලකා කිරීමයි ඔවුන්ව සේවයෙන් පහ කිරීම එවිට සියලුම දෙනා නැවත වැඩ කරාවි කොන්ද පන නැති පාලනයක්
විකල්ප රියදුරන් පුහුණු කිරීම ප්‍රශ්නයට නිසි පිළිතුරක් විය හැකිද? මෙම වැඩ වර්ජනය කෙසේ හෝ අවසන් වී එම සේවකයින් ආපසු වැඩට පැමිණෙනු ඇත. නැවත වර්ජනයක් ඇතිවන තෙක් පුහුණු කරන රියදුරන් වැටුප් සහිතව සංචිතයක් සේ රඳවා ගත යුතුය. විකල්ප රියදුරන් හා නිත්‍ය රියදුරන් අතර ගැටුම් ඇතිවිය හැකිය. මගී ජනතාව විශ්වාසයෙන් ගමන් බිමන් කල හැකිද? ප්‍රශ්නයක් සුහද අන්දමින් විසදා ගැනීම මිස 'ලෙයට ලෙය' නියායෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම අනිවාර්ය වෙයි.
අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා පලක් නැත.
කරුණාකරලා ලංකාවේ අය බඳවා ගන්න එපා, ඔය චන්ද බලය තියන කවුරු ගත්තත් දේශපාලක අතකොලු බවට පත්වෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලෙදි , ඕක ප්‍රසිද්ද රහසක්
ඇයි අපේ " කාන්තාවන්ව " පුහුණු කරලා මේ තනතුරු ලබාදෙන්න බැරි .. ? ලෝකයේ හුඟක් රටවල්වල අද දුම්රිය පදවන්නේ කාන්තාවන්.
ටික දවසක් ගියාම ඒ අයත් දෙපාර්තුමේන්තු සේවකයො වුනාම ආයේ වර්ජනය කරාවි. පුලුවන්නම් විකල්ප ඇමතිලා ටිකක් හදමු
මේකේ අදහස් දාලා තියෙන මිනිස්සුන්ට තියෙන මොලේ එක දේසපාලුවෙකුටවත් නැහැනේ. විකල්ප දුම්රිය රියදුරන් එක්ක විකල්ප දුම්රියත් නතර කරලා තියන්ට වෙනවා ඊළඟ වර්ජනය එනකම්.
ඇමෙරිකාවේ ගුවන් යානා නියමුවරියන්, විදුලි දුම්රිය නියාමකවරියන් බොහොමයක් කාන්තාවන්. ලංකාවේ රැකියාවල පවතින මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අඩුකිරීමට ආරම්භයක් වශයෙන් අලුතින් පුහුණු කරන කණඩායමට කාන්තාවන්ද ඇතුලත් කරන්න. අනෙක හදිසි අවස්ථාවකදී සේවයට ගතහැකි වඩාත්ම හොද, විනයගරුක, අණ සහ උපදෙස් අකුරමටම එකම කණ්ඩායම තමයි ලෝකයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කරපු කීර්තිමත් ශ්‍රී ලංකා යුධ හමුදාව. දුම්රිය නියාමනය සදහා කණ්ඩායමක් තෝරා පුහුණු කර ඔවුන් විටින් විට ක්රියාවේ යෙදවිය යුතුයි.
ඔය මොකුත් නෑ ජේ.ආර්.ජයවර්ධන වගේ වැඩ කළා නම් බලුපැටවු වගේ වැඩ
කරුණාකර දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කර හෝ අපට හොඳ සේවාවක් ලබා දෙන්න. පෞද්ගලිකකරණය කලාට පසු ටිකට් මිල වැඩි උනත් කමක් නැහැ මගීන් රස්තියාදු නොකරන හොඳ සේවයක් ලැබෙනවා නම්. ජපානය, චීනය, යුරෝපීය රටවල් නොව අඩු තරමින් යාබද ඉන්දියාවෙන් වත් දුම්රිය සේවය හරියට පරිපාලනය කරන විදිහ ඉගෙන ගන්න. විකල්ප රියදුරන් පුහුණු කිරීම හැමදාම වර්ජනය කරන රියදුරන්ගේ ප්‍රශ්නයට ඔබින විසඳුමක්. හැබැයි ඒ විකල්ප රියදුරන් අනිවාර්යයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්ත අය නොව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වැනි පිටස්තර අය විය යුතුයි. දුම්රිය සේවය, සෞඛ්‍ය සේවය ආදිය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඒවායේ සාමාජිකයන්ට වර්ජන අයිතිය අහිමි කල යුතු අතර එවැනි අත්‍යවශ්‍ය සේවාවන්ට අවශ්‍ය අවස්ථාවල යෙදවීම සඳහා විකල්ප කාර්ය මණ්ඩල පුහුණු කර පවත්වා ගත යුතුයි.
ඕකට තමයි සිංහලෙන් කියන්නේ "වඳුරෝ ගෙවල් හදන්නවා වගෙයි" කියලා. මොකද වඳුරෝ ගෙවල් හදන්න කතාවෙන්නේ වහින වෙලාවට. වැස්ස පෑව්වාම ගෙවල් හදන කතා ඌට අමතකයි.
මේකට අමුතුවෙන් බඳවා ගන්න ඕනේ නැහැ.. යුදහමුදා කාණ්ඩයක් පුහුණු කරන්න ඕනෙම කාර්යයක් සඳහා මුහුණදීම ගැලපෙන පරිදි සියලුම ප්‍රවාහන සේවාවලට යෙදවීමට හැකි පරිදි, මොකද සිවිල් වැසියන්ට මෙවන් අවස්ථාවලදී මේ කාර්ය කිරීමට වර්ජකයන් ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා හමුදා ආරක්ෂාව අමතරව යෙදවීමට අවශ්‍ය වන්නේ නැහැ.