උතුරේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ - හමුදාපති උතුරු දැනට හටගෙන තිබෙන තත්ත්ව ජාතික ආරක්ෂාව කිසිදු බලපෑමක් එල්ල නොවන බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය. 15 August 2017
අතුරුදන් වූ සැකකරුගේ මළ සිරුර උයන්වත්තෙන් හමුවෙයි දින හතරක් තිස්සේ අතුරුදන් ව සිටි සැකකරුවකුගේ බව කියන නරක් වූ මළ සිරුරක් උයන්වත්ත වැව් රක්ෂිතයේ තිබී සොයාගත් බව පොලිසිය පවසයි. 15 August 2017
වේයන්ගොඩ වෙඩි තැබීමක් වේයන්ගොඩ ගුවන් පාලම මතදී මීට ටික වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුවූ බව පොලිස් ආරංචි කියයි. 15 August 2017
හොර ඔප්පු සැදූ කම්කරු නිලධාරියයෙක් ගැන පැමිණිලි සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට දේපල ණය ලබා ගැනීමේ දී අවශ්‍යවන ඉඩම් ඔප්පු සඳහා හොර ඔප්පු සකස් කර ණය අනුමත කරවා දුන් කම්කරු නිලධාරියකු පිළිබඳව බටහිර කොළඹ සහකාර කම්කරු කොමසාරිස්වරයා වෙත පැමිණිලි ලැබී ඇත. 15 August 2017
“උතුරේ මැර වැඩවලට පුනරුත්තාපනය වූවන් සම්බන්ධ නෑ“ යාපනයේ පසුගිය දිනවල සිදු වූ කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පුනරුත්තාපනය වූ කිසිදු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු සම්බන්ධ වී නොමැති බවට තමන් විශ්වාසයෙන් හා වගකීමෙන් ප්‍රකාශ කරන බව පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතා පවසයි. 15 August 2017
බැඳුම්කර කොමිසමට කැඳවන්නේ අවශ්‍ය අය පමණයි බැඳුම්කර කොමිසමට කැඳවිය යුතු සාක්කිකරුවන් සම්බන්ධයෙන් සහ කොමිසම කළ යුතු කාර්යයන් පිළිබඳව යම් යම් පුද්ගලයින් විවිධ අදහස් හා යෝජනා දුන්නද කොමිසමේ අධිකාරී බලපත්‍රයේ සඳහන් කරුණු හෙළි කර ගැනීම සඳහා කොමිසමට අවශ්‍ය සාක්කිකරුවන් පමණක් කැඳවන බව බැඳුම්කර කොමිසමේ ලේකම්වරයා පවසයි. 15 August 2017
පාර්ශ්ව තුනටම සාධාරණයක් කරන බව වෛද්‍ය සංගමය කියයි සයිටම් ආයතනය හේතුවෙන් අගතියට පත් පාර්ශව තුනටම සාධාරණ විසඳුමක් ලබාදීමට කැපවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවෘත ලිපියක් නිකුත් කරමින් සඳහන් කරයි. 15 August 2017
ශිරන්තිගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කරයි රතුකුරුස සංවිධානය විසින් සිරිලිය සවිය වැඩසටහන සදහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරාන්ති රාජපක්ෂ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) පැය දෙක හමාරක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. 15 August 2017
මත්පැන් සාදයකට සැරසුණු සිසුන් අත්අඩංගුවට මහනුවර ප්‍රධාන පාසල් දෙකක සිසුන් අට දෙනකු අමතර පංති යන මුවාවෙන් කෑගල්ල පින්නවල අලි අනාථාගාරය අසල කුඩා දූපතකට ගොස් මත්පැන් සාදයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදී අද(15) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි. 15 August 2017
උත්තර බඳින්න පේෂල ජයරත්නට සති හතරක් අනුරාධපුර නිවත්තකෙචිතිය මහ විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක් කරමින් පවරා ඇති නඩුවට සති හතරක් තුළ වගඋත්තර බඳින ලෙස උතුරු මැද පළාත් ප්‍රධාන ඇමති පේෂල ජයරත්න ඇතුළු වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියෝග කළේය. 15 August 2017
හෙරොයින් සමග තරුණයෙක් කොටුවෙයි අධිවේගී මාර්ගයේ කඩවත - ගාල්ල බස් රථවල ගමන්කරමින් ඉමදුවට හෙරොයින් ගෙනැවිත් අලෙවි කළ 26 හැවිරිදි තරුණයකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමග අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය පවසයි. 15 August 2017
රෝහිත රාජපක්ෂ එෆ්සීඅයිඩියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීමට අද (15)පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය. 15 August 2017
ඒකාබද්ධයෙන් තවත් 7ක් එන බව ශාන්ත බණ්ඩාර කියයි ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වන බව ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 15 August 2017
ප්‍රමුඛතා මංතීරු ක්‍රමය රටපුරා ප්‍රමුඛතා මංතීරු ක්‍රමවේදය ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 15 August 2017
තිලක් මාරපන විදේශ ඇමැති ලෙස දිවුරුම් දෙයි නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන මහතා අද (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 15 August 2017
මඩු දේවස්ථානය අසලට මහ වැස්සක් මඩු දේවස්ථානය අවට ප්‍රදේශයට හදිසියේම ඇද වැටුණු ධාරාණිපාත වර්ෂාව නිසා එම දේවස්ථානය අවට ප්‍රදේශය ජලයෙන් යටවිය. 15 August 2017
ශිරන්ති රහස් පොලිසියට හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය. 15 August 2017
‘උඩවලව ජලාශයේ වතුර දින පහකට පමණයි‘ ජලය අරපිරිමැස්සෙන් පාවිච්චි නොකළොත් උඩවලව ජලාශයේ ජලය ප්‍රමාණවත් වන්නේ දින පහකට පමණක් බව උඩවලව මහවැලි අධිකාරියේ නේවාසික කළමණාකරු අයි.ජී. අමරසිරි මහතා පවසයි. 15 August 2017
ශිරන්ති - යෝෂිත සිඅයිඩියට රෝහිත එෆ්සීඅයිඩියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියත් යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ පුතුන් දෙදෙනාත් අද (15) සහ බදාදා (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇති බව පොලිස් මූලස්ථානය කීය. 15 August 2017
ඒකාබද්ධයේ 5 කට ශ්‍රීලනිපයෙන් තොණ්ඩුවක් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් පස්දෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ. 15 August 2017
ආවා හි කොකුවිල් නායකයා අත්අඩංගුවට යාපනය ආවා කණ්ඩායමේ කොකුවිල් නායකයා අද (15) කොකුවිල් හි දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 15 August 2017
ප්‍රමුඛතා මංතීරු ක්‍රමය හෙට සිට කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය හෙට සිට කි‍්‍රයාත්මක කරන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කියයි. 14 August 2017
විශ්වාස භංගයකට සූදානම් බව ඇමැති මුස්තාපා කියයි තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවහොත් එයට මුහුණ දීමේ ශක්තිය තිබෙන බවත් විශ්වාසභංග වලට බය නොමැති බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය. 14 August 2017
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇඟිල්ල දිගුකිරීම වැරදියි බැඳුම්කර කොමිසමේ සාක්කි දෙන අවස්ථාවේදී හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් ප්‍රශ්න කළ විලාසය පිළිබඳ සඳහන් කරමින් නීතීපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇඟිල්ල දිගු කිරීම සහ ඔවුන් උදහසට ලක් කිරීම වැරදි ක්‍රියාවක් බවත් පිටස්තර පුද්ගලයින් කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් කතා කිරීම කොමිසමට අපහාස කිරීමක් බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ උදය රෝහාන් ද සිල්වා මහතා පැවසීය. 14 August 2017
ඩිජිටල් උපකරණ විස්තර නීතිඥවරුන් හමුවේ ලබාගන්නැයි නියෝග මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්ගේ සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේනගේ ජංගම දුරකතන සහ වෙනත් ඩිජිටල් උපකරණවල තොරතුරු ඔවුන්ගේ නීතීඥවරන් සහ නීතීපති දෙපාර්තමෙන්තුවේ නියෝජිතයෙකු ඉදිරියේ ලබාගැනීමට බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අද(14) නියම කළේය. 14 August 2017
හොරණ බන්ධනාගාරය ඉදිකිරීමේ මිනුම් කටයුතුවලට ගිය නිලධාරීන්ට විරෝධය වැලිකඩ බන්ධනාගාරය මිල්ලනිය දොඹගොඩ නිව්චැපල් වත්තේ අක්කර 35ක භූමියට රැගෙන ඒමට අවශ්‍ය මිනුම් කටයුතු සිදු කිරීමට අද(14) එහි පැමිණි මිනුම් නිලධාරීහු ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හමුවේ ආපසු ගියහ. 14 August 2017
කුරණ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු රිමාන්ඩ් කුරණ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පාතාල කණ්ඩායමක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ පාතාල නායක ‘මාකදුරේ මධූෂ්‘ගේ ප්‍රධාන ගෝලයකු වූ රන්හොටිගෙදර වජිර කුමාර ලබන 18 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් සංජීව ඇන්තනී මහතා අද(14) නියෝග කළේය. 14 August 2017
හොර ගමන් බලපතක් රැගෙන ආ ජර්මානුවා අත්අඩංගුවට වෙනත් පුද්ගයකුගේ ගමන් බලපත්‍රයකින් ජර්මනිය බලා යෑමට උත්සාහ කළ ඉරාන ජාතිකයකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබී ය. 14 August 2017
අධිකරණ ඇමැති අතේ වරදක් නැති බව ගම්මන්පිල කියයි නීතිපති පත් කරන්නට හෝ අස් කරන්නට, එසේත් නැත්නම් තනතුරට කෙනකු නිර්දේශ කරන්නට අධිකරණ ඇමැතිට බලයක් නැති නම් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය පිළිබඳ අධිකරණ ඇමැතිට විශ්වාස භංගයක් ගේන්නට හැකියාව ඇත්දැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විමසා සිටියේය. 14 August 2017
ධීවර සංස්ථාව කෝටි පහක අර්ථසාධක ගෙවා නෑ ලංකා ධීවර සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ සාමාජික මුදල් වෙනුවෙන් සංස්ථාව රුපියල් කෝටි පහක් සේවක අර්ථසාධක අරමුදලට මුදල් ගෙවිය යුතුව ඇතැයි එම සංස්ථාවේ වෘත්තිය සමිති පවසති. 14 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026