ඉරානය සමඟ වෙළඳාම් කරන කිසිවකුට ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳාම් කළ නොහැකි යැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ඇමෙරිකා ජනාධිපතිවරයා එම පණිවුඩය නිකුත් කළේ ඉරානයට එරෙහිව නව සම්බාධක පැනවීමෙන් අනතුරුවය.
ඉරානය යනු ශ්‍රී ලංකාවේ ‘සිලෝන් ටී’ අපනයනයේ ප්‍රධාන ගැනුම්කරුවෙකි.
‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුම’ හේතුවෙන් ඉරානයට පනවා තිබී 2015 වසරේදී ඉවත් කරන ලද සම්බාධක ද අද (7) නැවත පනවා තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ධුරය කාලය අතරතුරදී ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තැබිණි. ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් බලශක්ති ක්ෂේත්‍රයට පමණක් සීමා කිරීම එම ගිවිසුමේ අරමුණ විය.
ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානය, චීනය, රුසියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය එහි පාර්ශ්වකරුවෝ වූහ.
ඉරානය න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මැයි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කර ගත්තේය.
අද (7) ඉරානයට සම්බාධක පැනවීමෙන් අනතුරුව ඉරානය සමඟ වෙළෙඳාම් කරන කිසිදු රටකට ඇමෙරිකාව සමඟ වෙළෙඳාම් කළ නොහැකි බව ජනාධිපති ට්‍රම්ප් තම ට්විටර් පණිවුඩය ඔස්සේ සඳහන් කර ඇත.
“ඉරානයට නිල වශයෙන් සම්බාධක පැනවූවා. මෙම සම්බාධක මෙතෙක් පැනවූ දරුණුතම සම්බාධකයි. නොවැම්බර් මාසයේදී තවත් සම්බාධක පනවනවා. ඉරානය සමඟ වෙළෙඳාම් කරන කිසිවකුට ඇමෙරිකාව සමඟ වෙළෙඳාම් කරන්න බැහැ. මම ඉල්ලන්නේ ලෝක සාමය. වෙන කිසිවක් නෙවෙයි”.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් මිල නැවත වැඩි වෙයි වගේ, මහින්ද සමයේ ඉරානයට තිබූ තහංචි නිසා අඩුමුදලට අපට තෙල් ලැබුනේ නැහැ.
එතකොට අපේ තේ වෙළඳපොල කඩාවැටුනොත් ඩොනල්ඩ් ඩක් අලාබ ගෙවනවද? ඉරානයට යන තේ ටික ඇමෙරිකාව ගන්නවද? ඒ ඒ අයගේ ප්‍රශ්න අපට හිරිහැර නොකර බේරගත්තොත් නේද හොඳ.