(තිළිණි ද සිල්වා)
චීනයේ ෂෙන්ජියෑන්ග් ප‍්‍රාන්තයේ පැවති ආසියා සංචාරක චිත‍්‍රපට හා රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය ශ්‍රී ලාංකික චිත‍්‍රපට අධ්‍යක්ෂක දේවින්ද ඩී.කෝන්ගහගේ මහතා විසින් අධ්‍යක්ෂණය කළ ‘‘භවතරණය’’ චිත‍්‍රපටයට හිමිව ඇතැයි චීනයේ බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ඉකුත් ජූලි 29 වැනි දා සිට අගෝස්තු 1 වැනිදා තෙක් පැවති මෙම සම්මාන උළෙල සඳහා තරග වැදුන රටවල් 25 ක චිත‍්‍රපට නිර්මාණ 1200 ක් අභිබවමින් මෙම සම්මානය දිනා ගැනීම විශේෂත්වයක් යැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
මෙම සම්මාන උළෙල චීනයේ රජයේ අධීක්ෂණය යටතේ රූපවාහිනී කලා ශිල්පීන්ගේ සංවිධානය , එරට මාධ්‍ය , මුද්‍රණ ,ගුවන් විදුලි ,චිත‍්‍රපට සහ රූපවාහිනී සඳහා වන කාර්යාංශය , ෂෙන්ජියෑන්ග් ප‍්‍රාන්ත රජය ඒකාබද්ධව සංවිධානය කර තිබිණි.
ලාංකික චිත‍්‍රපට අධ්‍යක්ෂක දේවින්ද ඩී.කෝන්ගහගේ මහතාගේ එම චිත‍්‍රපටය සඳහා හිමි සම්මානය කොන්ගහගේ මහතා වෙනුවෙන් බීජිංහි ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිනී ෂානි කළ්‍යාණරත්න කරුණාරත්න මහත්මිය විසින් එම සම්මාන උළෙලේ දී බාර ගනු ලැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිය සිනමාව අර්බුදයක ලක්වී පැවැත්ම පිලිබදව දැඩි තර්ජනයකට ලක්වී ඇති අවදියක, සිංහල සිනමා පටයක් අන්තර් ජාතික සම්මානයට පත්වීම සුවිශේෂ ජයක්. එවැනි ජයග්‍රහණයක් ලංකාවට අත්කර දීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂක දේවින්ද කෝන්ගහගේ මහාතාට අපගේ ප්‍රණාමය.
මේ මාටින් වික්‍රමසිංහ මහතාගේ භාව තරණය නවකතාවද?