(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
‘‘අර්ජුන් මහේන්ද්‍රන් ගැන මගෙන් අහන්න එපා, ඒ ගැන පරීක්ෂණ කරන අයගෙන් අහන්න‘‘ යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසුවාය.
තමා ඒ ගැන පරීක්ෂණ කර නැතැයිද ඇය කීවාය
අධිකරණ ඇමැතිවරිය මේ බව පැවැසුවේ සාපරාධී කාරණාවලදී අනෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
තලතා අතුකෝරල මහත්මිය මෙසේද කීවාය.
‘‘මේ පනත ගේන්නේ පුද්ගලයකු ඉල්ලක කරගෙන නොවෙයි.තවත් අය ගැන හිතලා නොවෙයි.ඒක තේරුම් ගන්න.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන්ම පේනවා මෙයාගේ තියෙන පක්ෂග්‍රාහීත්වය අනුන්ගේ කුණු විතරමයි මෙයාට පෙන්නේ.. තමන්ගේ කුණු අතින් වහගෙන තමයි මේ කතාව කියා තිබෙන්නේ. මොකටද මෙහෙව් දේශපාලනයක් කියල මිනිස්සු කලකිරිලයි ඉන්නේ.
තමන් නොදන්නවා කියලා මෙයාට කියන්න බහ. මොකද්ද මහේන්ද්‍රන්ව මේ තනතුරේ වාඩි කලේ තමාගේ පක්ෂය සහ නායකයා විසින් තමයි.
ගලබොඩඅත්තේ හාමුදුරුවෝ ගැන ඇහුවොත් පේන කියයි....
අපේ ගොනා අපිට හොඳා කියලා කරත්තෙක නැගලා කෑගහපු නෝනා මොනවාද දන්නේ. වගකීමෙන් පැනලා යන්න විතරද දන්නේ කියල තමයි අහන්න වෙන්නේ........