දයාසීලි ලියනගේ
මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට පැවරීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා හෙට (8) කෑම පැයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම් නිදහස් සේවක සංගමය තීරණය කර ඇත.
කටුනායක දී පැවැත්වෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය ශ්‍රී ලංකන් කේටරින් සේවාවේ නිදහස් සේවක සංගමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මත්තල ගුවන් තොටුපලේ නිදහස් සේවක සංගමයේ පිරිස් ද සහභාගී වෙති.
කෑම පැයේ පවත්වන උද්ඝෝෂණ ව්‍යාපාරයෙන් පසු මත්තල ගුවන් තොටුපළ පිළිබඳව තීරණයකට එළඹුනේ නැතහොත් වර්ජන ක්‍රියාවලියක් පැවැත්වීමට නිදහස් සේවක සංගමය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට පැවරිමට විරෝධය පානවා යන්නෙන් අදහස් කරන්නේ ඒක හම්බන්තොට වරාය වගේ චීනයට පැවරුවාට විරුද්ධ නැහැ යන අර්ථයෙන්ද කියන ප්‍රශ්ණය එනවා. අනිත් කාරණය මේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පසුගිය පාලන කාලයේ හිටියේ කොහෙද යන ප්‍රශ්ණයයි.
කොහොමටත් සේවක අතිරික්තයක් තියෙනවා කිව්වනෙ. මෙන්න අවස්ථාව භාගයකට අඩු කර ගන්න.