ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක් ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදාළ වාර්තාවේ නිර්දේශ 253ක් අතරින් නිර්දේශ 177ක් පිළිගත් අතර ඒ සදහා ශ්‍රී ලංකාව ස්වෙච්ඡාවෙන් ප්‍රතිඥා 12ක් ද ලබාදෙනු ලැබීය. 20 March 2018
කුඩු ග්‍රෑම් තුනට දිවි ඇති තෙක් හිරේට හෙරොයින් ග්‍රෑම් තුනක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (20) ජීවීතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 20 March 2018
කිරිබත්ගොඩ බැංකුවක් කොල්ල කාලා කිරිබත්ගොඩ නගරයේ පිහිටි පෞද්ලික බැංකුවකට අද (20) පස්වරුවේ ඇතුළු වු කොල්ලකරුවෙක් පිහියක් පෙන්වා සේවකයින් බිය ගන්වා එහි කටුන්ටරයේ තිබුු රුපියල් 9,50,000 ක මුදලක් කොල්ල කා පලාගොස් ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය කියයි. 20 March 2018
ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙක් ගේනවා - මන්ත්‍රී ඩී.වී.උපුල් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙකු ඉදිරිපත් කරන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී.උපුල් මහතා පවසයි. 20 March 2018
බස් රියැදුරාට පහර දීමේ නාටකය ගැන පළාත් මන්ත්‍රීගෙන් අලුත් පිටපතක් බස් රථ රියදුරකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගතකරනු ලැබ සිටින දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ කසුන් මහතා අද (20) බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව මැද දකුණු පළාත් සභා රැස්වීමට සහභාගී විය. 20 March 2018
මන්ත්‍රී ප්‍රසන්න රණවීර රිමාන්ඩ් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්රිත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහර මහේස්ත්‍රාත් නියෝග කළේය. 20 March 2018
කොටි තිදෙනාට එරෙහි නඩුව අනුරාධපුරයෙන් වව්නියාවට කොටි සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් තිදෙනකුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පවතින නඩුව යළි වව්නියාව මහාධිකරණයට යොමු කරන ලෙස අභියාචනාධිකරණය අනුරධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතා නියෝග කළේය. 20 March 2018
ආගමන විගමන නිලධාරිහු වැඩ වරති ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව අද (20) වැඩ වර්ජනයක් අරඹා ඇත. අද (20) අලුයම සිට ’’සාධාරණත්වය සදහා වූ අරගලය ’’ යන මැයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නිළධාරීන් , ශ්‍රී ලංකාවේ සියලුම වරාය නිලධාරීන් ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සහය දෙති. 20 March 2018
පුත්තලම රෝහලේ හෙද හෙදියෝ පාරට බසිති හෙද හෙදියන්ගේ ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් පුත්තලම මූලික රෝහලේ හෙද හෙදියන් අද (20) පුත්තලම මූලික රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරතවූ බව පුත්තලම පොලිසිය කියයි. 20 March 2018
ඇඟලුම් සේවිකාවන් 34 ක් ගම්පහ රෝහලට ඒකල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක විස වායුවක් ආඝ්‍රාහණය වීමෙන් හුස්ම ගැනීමට අපහසු වු සේවක සේවිකාවන් 34 දෙනෙකු අද (20) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරිණි. 20 March 2018
මහනුවර කළහයෙන් හානි වූවන්ට ලක්ෂ 98 ක වන්දි මහනුවර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් අලාභ හානිවූ නිවාස හා ව්‍යාපාරික ස්ථාන 131 සඳහා මුල් අදියරේ වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 98 ක මුදල් ප්රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. 20 March 2018
තංගල්ලේ පොහොට්ටුවේ අපේක්ෂකයෙක් අත්අඩංගුවට මෙවර පළාත් පාලන මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කර සිටින මන්ත්‍රීවරයෙක් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිළධාරින් අද(20) අත්අඩංගුවට ගනු ලැබීය. 20 March 2018
පුංචි සභා 340 ක් පිහිටුවීම අද පෙබරවාරි 10 වැනිදා පැවැති මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 340කට තේරීපත්වූ සභිකයින් 8356 දෙනකුගේ ධුර කාලය අදින් (20) ආරම්භ වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 20 March 2018
මුල්‍ය අපරාධ හොයන්න ත්‍රිපුද්ගල මහාධීකරණයක් ‘‘ අධිකරණ නිර්මාණය කිරීමට බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි, අවශ්‍යනම් පාර්ලිමේන්තුවට නව අධිකරණයක් නිර්මාණය කළ හැකියි. මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවන්නේ රජයේ ආර්ථිකයට බලවත් පහරක් සිදු කළ සංකීර්ණ මූල්‍ය සහ ආර්ථික අපරාධ පිළිබඳව විභාග කිරීමට යැයි ’’ නීතිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය. 19 March 2018
අගමැතිගෙන් චීන ජනපතිට හා උප ජනාධිපතිට සුභ පැතුම් චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ උප ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ වැන්ග් කිෂාන්ට සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පණිවිඩ දෙකක් යවා තිබේ. 19 March 2018
ධීවරයින් ගැන විධිමත් සංගණනයක් ධීවර ප්‍රජාව පිළිබඳ විධිමත් සංගණනයක් සිදු කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. 19 March 2018
සිසුවියන් අපයෝජනය කළ සංගීත ගුරුවරයාට ඇප බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ පාසලක හය වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියන් සිවු දෙනෙකු වරින් වර අපයෝජනය කළැයි අත්අඩංගුවට ගත් එම විදුහලේ සංගීත ගුරුවරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය. 19 March 2018
දියවන්නාවට පෙරලුණ සුපිරි රියේ හිමිකරු පොලීසියට තලවතුගොඩදී සිදු වු අනතුරකින් පසු දියවන්නා ඔයට පෙරලුණ බී.එම්. ඩබ්ලිව් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා අද (19) පොලීසියට බාර වී ඇත. 19 March 2018
අතුරුගිරියේ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙක් මරුට අතුරුගිරිය ගල්වත්ත ප්‍රදේශයේදී මීට මද වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 19 March 2018
ටිපරයට යටවී සය හැවිරිදි දරුවා මරුට මහියංගනය පගරගම්මන මාර්ගයේ මැදඔය දී වැලි ප්‍රවාහනය කළ ටිපරයකට යට වී අවුරුදු හයක දරුවකු අද (19) සවස මිය ගොස් ඇත. 19 March 2018
සරසවි අනධ්‍යයන සේවක සාකච්ඡා අසාර්ථකයි -වර්ජනය දිගටම විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටළුව විසදීම සඳහා විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේදී වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අද (19) පස්වවේ පැවති දෙවන සාකච්ඡාවද අසාර්ථක වී තිබේ. 19 March 2018
දැරියක් අපයෝජනය කළැයි තිදෙනෙක් සැකපිට මොරවක 15 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව මොරවක පොලීසිය පවසයි. 19 March 2018
මළසිරුර මාරු වී අලි ජරමරයක් යක්කලමුල්ල ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුර වෙනුවට අහංගම ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයකුගේ මළසිරුරක් යක්කලමුල්ලේ මිය ගිය පුද්ගලයගේ නිවසට මල් ශාලාවෙන් රැගෙන යෑම නිසා එම මළසිරුර අයිතිකරුවන්ගේ ඥාතීන් දැඩි අපහසුවට පත්ව ඇත. 19 March 2018
හිස නැති කඳ කෙසෙල් ඉඩමකින් හමුවෙයි තියුණු ආයුධයකින් කපා ඝාතනය කර කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගත් හිසෙහි කද කොටස යැයි සැකකරනු ලබන මිනිස් ශරීර කොටසක් අගුණුකොළපැලැස්ස මුරවැසිහේන ප්‍රදේශයේ කෙසෙල් ඉඩමක වළ දමා තිබියදී අද (19) සොයා ගත් බව පොලිසිය කියයි. 19 March 2018
ලක් දූත පිරිස 37 වැනි මානව හිමිකම් සැසියට පිටත් වෙති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයට සහභාගීවිම සඳහා ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස අද (19) දිවයිනෙන් පිටත්ව ගියේය 19 March 2018
ඇවන්ට්ගාඩ් නඩුව ජුනි 26 වැනි දා සිට විභාගයට ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහි නඩුව ජුනි 26 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (19) නියම කළේය. 19 March 2018
මධුෂ්ගේ ගෝලයින් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර කඹූරුපිටියේදී අත්අඩංගුවට ගත් මා කඳුරේ මධූෂ්ගේ ගෝලයින් සිව්දෙනා දිනහතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට දෙයියන්දර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ඉන්දික ජාතුංග මහතා නියෝග කළේය. 19 March 2018
පුජාපිටිය දෙකඩ කළාට මහා සංඝරත්නයේ විරෝධය මහනුවර දිස්ත්‍රික්කය තුළ පළාත් සභා කොට්ඨාස සඳහා සීමා නිර්ණය කිරීමේදී පූජාපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය ඉවත් කර එය දෙකට කඩා හතරලියද්දට සහ අකුරණට ඈඳා තිබීම සම්බන්ධයෙන් තමන් වහන්සේලා දැඩි ලෙස විරෝධය දක්වන බව පූජාපිටිය ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිමිවරු පවසති. 19 March 2018
පා.ම.සනත් නිශාන්ත 24 දක්වා රිමාන්ඩ් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මැයි මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරු චමත් මෙරායස් අද (19 ) නියම කළේය. 19 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026