මව හෝ පියා අහිමි දරුවන් 765 ක් කිලිනොච්චියේ යුද්දෙන් පසුව කිලිනොච්චියේ නැවත පදිංචියට ගිය වැසියන්ගෙන් මව හෝ පියා නොමැති දරුවන් 765 ක් ජීවත් වන බවට දිස්ත්‍රීක්කයේ පිහිටි ළමා නිවාසයන් හී නිලධාරීහු පෙන්වා දෙති. 19 June 2018
යාපනය මල්ලාකම් සිද්ධියට අත්අඩංගුවට ගත් පස් දෙනා 29 තෙක් රිමාන්ඩ් යාපනය මල්ලාකම් ප්‍රදේශයේ සිදුවූ ගැටුම දුර දිග යාමෙන් පොලිස් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනා ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය. 19 June 2018
අන්‍යෝන්‍ය සහයෝගය පළ කිරීමේ කෙටුම්පත පිළිබඳ නීතීපතිගේ කරුණු දැක්වීම හෙට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය පළ කිරීම පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් 4ක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ කරැණු දැක්වීම හෙට (20) තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 19 June 2018
ත්‍රීරෝද- යතුරුපැදි වලට නව පෙට්ට්‍රල් වර්ගයක් ත්‍රී රෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේ දී නව පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹදී පැවසීය. 19 June 2018
එමිල්- නියෝමාල් යළි රිමාන්ඩ් වැලිකඩ රැඳවියන් ඝාතනය විමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් 12 දෙනෙකුගේ දුරකථන විස්තර ලබා ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය. 19 June 2018
ඥාණසාර හිමිගේ අභියාචනය විභාගය 22 වැනි දා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී තර්ජනය කිරිම සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් සහ දඩ නියම කර මහේස්ත්‍රාත් නිකුත් කළ තීන්දුව අභියෝගයට ලක් කරමින් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය ලබන 22 වැනි දා සළකා බැලීමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේය. 19 June 2018
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී- දැව සංස්ථා සභාපතිගේ ඇප නියෝගය 26 වැනිදා අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන අය සම්බන්ධ ඇප නියෝගය 26 වැනි දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 19 June 2018
හිටපු ඇමැති ප්‍රියංකරගේ නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බරයේ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සිවිල් හා ගුවන් සේවා අමාත්‍යවරයාව සිටි සමයේ සිය පෞද්ගලික ලේකම්වරයාට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ තනතුරක් ඇති කරමින් ඒ සඳහා පත්කර අල්ලස් පනතේ දූෂණය නම් 19 June 2018
රිය අනතුරකින් සැරයන් මරුට:කොස්තාපල් රෝහලේ මාතලේ පලාපත්වල නිල්දිය උයන ආසන්නයේදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකු මෝටර් රියක ගැටී සිදු වු අනතුරකින් සැරයන්වරයා මියගොස් කොස්තාපල්වරයා තුවාල ලබා මාතලේ මුලික රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි. 19 June 2018
බාලවයස්කාර දරුවා අපයෝජනය කළ අය අත්අඩංගුවට දන්කොටුව පිටාගාර ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ 61 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි. 19 June 2018
කිම් තෙවැනි වරටත් චීනයට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අද (19) චීනයේ බීජිං නුවරට පැමිණියේය. මේ වසරේදී මාස කිහිපයක් ඇතුළත උතුරු කොරියානු නායකයා චීනයට පැමිණි තෙවැනි අවස්ථාව මෙයයි. 19 June 2018
එජාපෙ රැස්වීමට ඇමතිවරුන් නැති වීම ගැන කනස්සල්ල කොළඹ අරලියගහ මන්දිරයේදී අද (18) පස්වරුවේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කැබිනට් ඇමතිවරුන් වැඩි පිරිසක් සහභාගි නොවීම පිළිබඳව එජාප මන්ත්‍රීවරුන් පිරිසක් කණස්සල්ල පළකර ඇතැයි වාර්තා වේ. 18 June 2018
පළමු ශ්‍රේණියට අයදුම්පත් ගැනීම ජූලි 10 දක්වා 2019 වසර සඳහා රජයේ පාසල්හි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත්කර ගැනීමට අදාල අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි මස 10 වැනි දින දක්වා කල්දැමුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 18 June 2018
සාපෙළ හර විෂයන් ගණන 6ට අඩු කරන්න යයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයත් හර විෂයන් 08 විෂයන් 06 ක් ලෙස අඩුකිරීම කෙරෙහි සලකා බලමින් තිබෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 18 June 2018
ඒකාබද්ධයේ සාකච්ඡාවට 16 කණ්ඩායමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමද සහභාගීවනු ඇතැයි වාර්තාවේ. 18 June 2018
හරි විගණනයක් කළොත් නිලධාරීන් රැසක් හිරේ - විගණකාධිපති මුදල් රෙගුලාසි කඩ කිරීමේ චොදනාව ට සිරදඬුවම් නියම වූ ලලිත් වීරතුංග මහතාට ඒ දඬුවම ලැබුණු අයුරින්ම නිසි විගණනයන් සිදු කළහොත් රාජ්‍ය නිලධාරීන්ගෙන් භාගයක්ම අද සිටිය යුත්තේ හිරේ යැයි විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (18) පැවසීය. 18 June 2018
බහාලුම් 107 ක් තිරිඟු ඇට හොරෙන් ගෙන්වයි පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙක් විසින් සත්ව ආහාර සැකසීම සඳහා යැයි පවසමින් නීති විරෝධී ලෙස තිරුඟු ඇට බහළුම් 107ක් මෙරටට ගෙන්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 18 June 2018
වසර තුනක ඇවන්ට්ගාඩ් මෙහෙයුමෙන් නාවික හමුදාවට කෝටි 560ක් ඇවන් ගාර්ඩ් සමාගම නාවික හමුදාව යටතට පත්කිරීමෙන් පසු 2015 වසරේ සිට මේ දක්වා කාලයේ රුපියල් කෝටි 560ක මුදලක් උපයා ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදි අද(18) පැවසීය. 18 June 2018
ඥාණසාර හිමි ගැන ජනපති සමඟ සාකච්ඡාවක් සිරගත කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (19) පැවැත්වීමට නියමිතය. 18 June 2018
නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත් නඩුවේ වැඩිදුර විභාගය කල් යයි හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශූද්ධීකරණ පණත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුලි මස 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියම කළේය. 18 June 2018
රුපියල වාර්තාගත අගයකින් පහළ බසී ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කරමින් ශ්‍රී ලංකා රුපියල අද (18) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 161 ක් පහළ ගියේය. 18 June 2018
සයිටම් සිසුන් කොතලාවලට ඇතුළත් කිරිමේ පනත හෙට පාර්ලිමේන්තුවේ විවාදයට මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීම සඳහා වන ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (විශේෂ විධි විධාන) පනත් කෙටුම්පත හෙට (19) පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතය. 18 June 2018
සංගීතවේදී අයිවෝ ඩෙනිස් අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. 18 June 2018
‘පොදුජන පෙරමුණු දෙවැනි සංවත්සරයේදී මහින්දට පක්ෂ නායකත්වය දෙනවා‘ නෙවැම්බර් දී පැවත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි සංවත්සරයේදී පක්ෂය නිල වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාරදී පක්ෂ නායකත්වය සඳහා ඔහුව පත්කරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (18) පැවසීය. 18 June 2018
කෝප් වාර්තාවෙන් අනාවරණය වු වංචා ගැන පැය 5 ක විවාදයක් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනාවරණය කෙරුණු රාජ්‍ය ආයතන රැසක දුෂණ වංචා පිළිබඳ පැය පහක විවාදයක් හෙට (19) මැතිසභයේදී පැවැත්වේ. 18 June 2018
‘භික්ෂුන් වහසේලාගේ නඩු විමසිමට වෙනම අධිකරණයක් ඕනෑ’ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ නඩු විමසීම සඳහා වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී අද (18) පැවසීය. 18 June 2018
රූපවාහීනි නාලිකා නිවේදකයාට සහ පුතුට ඇප කඩවත සුපිරි වෙළඳසල් රථ ගාලකදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කළැයි චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටි රාජ්‍ය රූපවාහිනි නාලිකාවක නිවේදකයා සහ ඔහුගේ පුතුට ඇප දීමට මහර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද (18) නියම කළේය. 18 June 2018
අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම ගොලයකු වන මුනිවරගේ අසිත නොහොත් ෂොල්ටා නැමැත්තා බොරැල්ලේ දී අත්අඩංගුවට ගනු බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 18 June 2018
කන්කසන්තුරේ නැංගුරම්ලා තිබු නැවක් ගිනි ගනී කන්කසන්තුරේ මෛලිට්ටු වරායේ වසරක පමණ කාලයක් නැංගුරම්ලා තිබූ නැවක් අද (18) ගිනිගෙන තිබේ. 18 June 2018
‘ නාගරිකරණ ගැටලු විසඳිමට යාන්ත්‍රණයක් සකස් කරනවා’ නාගරිකරණ ගැටලූ බහුලව බලපා ඇති දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර එම ගැටලූ කඩනමින් විසදීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවසීය. 18 June 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026