මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් ලංකාවට සහාය ලබාදෙනවා - ඇමෙරිකා තානාපති සංහිඳියා ක්‍රියාවලියේදී මෙන්ම දීර්ඝකාලීන සාමයක් උදා කරදීමේ ක්‍රියාවලියේදී ඇමෙරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා මෙරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙමින් ප්‍රකාශ කර තිබේ. 20 June 2018
රුපියල තවදුරටත් පාවීමට ඉඩහැරිය යුතුයි - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රුපියල තවදුරටත් පාවීමට ඉඩ හැරිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කර සිටින දූත මණ්ඩලයේ ප්‍රධානී මැනුවෙලා ගොරෝතී අද (20) පැවසුවාය. 20 June 2018
සෞදි ජාතිකයින් 8ක් රැගත් බෝට්ටුවක් මහවැලි ගඟේ පෙරළෙයි සෞදි අරාබියානු ජාතිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අද (20) පේරාදෙණිය ගන්නෝරුව හල්ඔළුව මාර්ගයේ වරාතැන්න සීමා මාලකය අසලදී මහවැලි ගඟේ පෙරළීම නිසා එහි ගමන් ගත් 24 හැවිරිදි කාන්තාවක් අතුරුදන්වී ඇති බව කටුගස්තොට පොලිසිය කියයි. 20 June 2018
පොලිස්පති නියෝගය විසිකර පොලිස් අධිකාරී සේවයේ පිහිටුවන්න නියෝග පොලිස්පතිවරයා විසින් දෙවැනි වරටත් වැඩ තහනම් කරනු ලැබූ කල්මුණේ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් සේවයේ පිහිටුවීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 20 June 2018
රුවන්වැලිසෑය අබියසදී අධිෂ්ඨාන පුජාවක් බන්ධනාගාර ගත කොට ඇති පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස සහ නිදුක් නිරෝගි බව ප්‍රර්ථනා කරමින් අද (20) මහා සංඝරත්නය අනුරාධපුර රුවන්වැලිසෑ චෛත්‍ය අබියසදී අධිෂ්ඨාන පුජාවක් පැවැත්වුහ. 20 June 2018
මාස හයක් තුළ ලක්ෂ හයකයට අධික දුම්වැටි රේගුව අල්ලයි මේ වසරේ ගෙවී ගිය මාස හයක කාලය තුළ සිදුකළ වැටලීම් වලිදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ දුම්වැටි හය ලක්ෂ දස දහස් අටසීය හතලිහක් (610 840) රේගු භාරයට ගෙන ඇතැයි ගුවන්තොටුපළ සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය රේගු අධ්යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා “ලංකාදීපයට” පැවසීය. 20 June 2018
ලිංගික අල්ලස් කතාව ගැන ඇමැති නියෝජ්‍ය ඇමැති ගැටෙති උස්ස අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති අචාර්ය විජයදාස රාජපක්ෂ හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්. එම්. එම් හරීස් මහත්වරුන් අතර අද(20) පාර්ලිමේන්තුවේදී උණුසුම් කතාබහක් ඇති විය. 20 June 2018
මුදල් ප්‍රශ්නයකට තැපැල් ස්ථානාධිපතිනිය රිමාන්ඩ් තැපැල් ඉතිරිකිරීම් ගිණූමක තැන්පත් කර තිබූ රුපියල් අනූදහසක මුදලක් සාවද්‍ය පරිහණය කළැයි කියන සිද්ධියකට අදාළව නාරාහේන්පිට පොලීසිය අත්අඩංගුවට ගත් නාරාහේන්පිට ජාතික පොළ තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිනිය ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා නියෝග කළේය. 20 June 2018
කෙරවලපිටිය ටෙන්ඩරය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කෙරවලපිටිය විදුලිබලාගාර ව්‍යාපෘති ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීමේදී සිදුව ඇති වංචා හා දූෂණ සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (20) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 20 June 2018
සිංහරාජ අලි ප්රශ්නය ගැන පරිසරවේදීන්ගෙන් ජනපතිට සංදේශයක් සිංහරාජයේ මෑතකදී ආන්දෝලනයකට තුඩු දුන් අලි දෙදෙනාගේ ගැටලුවට ස්ථිර විසඳම් ලෙස සිංහරාජයේ සීමා මායිම් ලකුණු කිරීම සහ සිංහරාජය අවට ජීව අලි වැටක් ඉදි කිරීම ඇතුළු යෝජනාවලික් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාර දෙන බව පරිසරවේදිනී ශානිකා පතිරණ මෙනවිය පැවසුවාය. 20 June 2018
අතුරුදන් වූවන් ගැන විස්තර කාර්යාලයට දෙන්න - විදේශ අමාත්‍යාංශය යුද ගැටුම් පැවති සමයේ දී අතුරුදන් වූවායැයි කියන පුද්ගලයින් සම්බන්ධයෙන් අන්තර්ජාලයෙහි පළ කර තිබුණු 351 දෙනෙකුගේ නම් ලැයිස්තුව පිළිබඳ හෝ ඊට අදාළ වෙනත් තොරතුරු අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 20 June 2018
හොර අංකයක් යෙදූ වාහනයක් අධිවේගයේදී අල්ලයි ව්‍යාජ අංක තහඩු යොදන ලද නවීන පන්නයේ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව අන්තර් හුවමාරුවෙන් අද (20) සවස මාතර දෙසට යාමට ඇතුල් කිරීමේදී එක් පුද්ගලයෙකු සමග සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 June 2018
කතරගම ප්‍රා සභාපති ඇප කොන්දේසි සපුරයි කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු අද (20) ඇප ලබා පිටව ගියේය. 20 June 2018
අග්නිදිග විශ්ව විද්‍යාලයට නිසි බලධරයෙක් ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයට වහාම ක්‍රියාත්මක වන පරිදි නිසි බලධාරියෙකු පත් කර තිබේ. 20 June 2018
ස්වාමිනාදන්ගේ යෝජනාව සංශෝධනය කර ක්‍රියාත්මක කළ හැකියි - ඇමැති රාජිත මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඇතුළු පිරිස් වෙත වන්දි ලබාදීමට පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යන කොටස ඉවත් කර යෝජනාව ක්‍රියාත්මක කළ හැකි බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 20 June 2018
’අපරාධ අඩුවෙලා’ - නලීන් බණ්ඩාර අපරාධ වැඩිවී ඇතැයි රාජපක්ෂ කල්ලිය කෑ ගැසුවද පොලිසියේ දත්ත වාර්තා විශ්ලේෂණය කරන විට අපරාධ අඩුවී ඇති ආකාරය වටහා ගත හැකි බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය. 20 June 2018
මහින්දානන්ද දුෂණ චෝදනා විමර්ශන සභාවට යහපාලන රජයේ විවිධ වංචා හා දුෂණ චෝදනා හෙළි කළ ‘ටොප් ටෙන් ’වැඩසටහන යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවට ඒකාබද්ධ විපක්ෂය යොමු කළ පැමිණි එකොළහක ප්‍රගතිය විමසා 20 June 2018
ඥාණසාර හිමි ගැන මහනාහිමිවරුන් සමඟ සාකච්ඡාවකට ජනපති සැරසෙයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහ නා හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 20 June 2018
බැඳුම්කරය සරසවි අරමුදලේ මුදලුත් වංචා කරලා බැඳුම්කර වංචාවට විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලේ රුපියල් මිලියන 700 කට ආසන්න මුදලක් බිලි වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය. 20 June 2018
හිටපු නගරාධිපතිනියගේ ප්‍රකාශයකින් මහරගම නගර සභාව කල් දමයි මහරගම නගර සභාවට පිට පළාත්වලින් බයිසිකලය සලකුණ යටතේ තේරීපත් වුණ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්,ඉකුත් මාස තුන තුළදී නගර සභාවෙන් ගෙවන දීමනාව ලබාගෙන ගෙදර යනවා මිස මහරගම ජනතාවට කිසිදු සේවයක් කර නැතැයි හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය පැවසීමෙන් අනතුරුව සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. 20 June 2018
‘කොටි සාමාජිකයන්ට වන්දි ගෙවනවා නම් ආණ්ඩුවට බදු නොගෙවිය යුතුයි’ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ පවුල්වලට වන්දි ගෙවන්නේ නම් ආණ්ඩුවට බදු නොගෙවා සීටීමට ජනතාව සාමූහිකව තීරණය කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (20) පැවසීය. 20 June 2018
‘තැපැල් වර්ජනය දිගටම කිරිම දේශපාලන අරමුණු ඉටුකරගැනීමක්’ තැපැල් සේවකයන්ගේ ගැටලු විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර තිබියදිත් වර්ජනය පවත්වාගෙන යාම දේශපාලන අරමුණක් ඉටුකර ගැනීමක් බව පෙනෙන්නේ යැයි මුස්ලිම් ආගමික කටයුතු සහ තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසීය. 20 June 2018
මහින්දානන්දගේ පෙත්සම කඩිනමින් විභාග කරන්නැයි නියෝග ඇමැතිවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී උපයාගත නොහැකි රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා නිවසක් බොරැල්ල කිංසි පාරෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් නීතිපති ගොනු කළ අධි චෝදනා නඩුව වෙනත් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නොමැති මහාධිකරණයක් හමුවේ කඩිනමින් විභාගයට ගන්නා ලෙසට අභියාචනාධිකරණය අද (20) නියෝග කළේය. 20 June 2018
ගාලු මහජන වෙළඳපොළේ වෙළඳසැල් ඉවත්කිරිමට විරෝධය ගාල්ල මහජන පොළෙහි අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පැමිණි ගාල්ල මහනගර සභා සේවකයන්ට අනවසර කඩ හිමියන් විරෝධය පල කිරීම නිසා අනවසර කඩ ඉවත් කිරීම නතර විය. 20 June 2018
මුන්දලමේ ගම්වැසියෝ පාරට බසිති නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් ඉවත දමන ගල් අගුරු අළු භාවිතා කරමින් මුන්දලම නගරයට ආසන්නයෙන් ඉදිකිරීමට යෝජිත ටයිල් නිෂ්පාදන ආයතනයකට එරෙහිව අද (20) ප්‍රදේශවාසීහු පවසති. 20 June 2018
පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමය යටතේ එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 20 June 2018
අල්ලස් ගත් ජනපද නිලධරයා රිමාන්ඩ් කුඹුරු අක්කර තුනක් සඳහා බලපත්‍රයක් සකස් කර දීමට රුපියල් 30,000/-ක අල්ලසක් ගත් අග්බෝපුර ජනපද නිලධාරියා ලබන 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තුසිත ධම්මික උඩුව විධාන මහතා නියම කළේය. 20 June 2018
තලේබාන් සංවිධානයෙන් ප්‍රහාරයක් : 30ක් මරුට තලේබාන් සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාරයකින් ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 20 June 2018
‘බන්ධනාගාර නීතීය කාටත් පොදුයි‘ අධිකරණය මගින් දෙනු ලබන තීන්දුවකදී සිර භාරයට පත්වන ඔනැම කෙනෙකුට බලපාන නීතිය බන්ධනාගාර පනතේ පැහැදිලිව සඳහන් වී ඇතැයිද ඒ අනුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ පවතින බන්ධනාගාර දෙපාර්තුමේන්තුව ක්‍රියා කළ යුත්තේ බන්ධනාගාර පනතට අනුකුලව යැයිද අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මහාචාර්ය කොට්ටපිටියේ රාහුල කොට්ටේ ශ්‍රී කල්‍යාණි සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නාහිමියන්ට ලිපියකින් දන්වා ඇත. 20 June 2018
නැවක ගැටීමෙන් බහුදින ධීවර යාත්‍රාවක් අනතුරක නිල්වැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සදහා පිටත්වූ බහුදින ධීවර යාත්‍රාවක නැවක් ගැටීම නිසා අනතුරට ලක් කළ බව එම යාත්‍රාවේ සිටි ධීවරයෝ පවසති. 20 June 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026