100 -101 බස් වර්ජනයක පානදුර - පිටකොටුව, මොරටුව - පිටකොටුව මාර්ග අංක 100 හා 101 යන පෞද්ගලික බස් රථ අද (18) සිට සම්පූර්ණයෙන් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක යෙදී සිටිති. 18 June 2018
ළිඳුල නගරාධිපති ඇතුළු 8 දෙනාට ඇප පැහැරගෙන යාම හා මිනිස් ජාවාරම යන චෝදනා යටතේ අත්අඩංගුවේ පසුවු තලවාකැලේ ළිඳුල නගරාධිපති අශෝක සේපාල මහතා ඇතුලූ සැකකරුවන් අට දෙනෙකු එක් අයෙකුට ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රමිත ජයසුන්දර මහතා නියෝග කරන ලදි. 18 June 2018
ඉන්ෆ්ලුවෙන්සා ‘ඒ ‘ වෛරසය රට පුරාම දකුණු පළාතේ පැතිර යමින් ඇති ඉන්ෆ්ලුවෙන්සා ’’ ඒ ’’රෝගය පසුගිය මාස කිහිපයේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට පැතිර ගොස් ඇතිබවට තොරතුරු වාර්තාවි ඇතිබව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්යක්ෂ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය. 18 June 2018
16 කණ්ඩායම එනවා නම් මහින්දගේ නායකත්වය පිළිගත යුතුයි - රංජිත් සොයිසා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරු 16 දෙනා ඒකාබද්ධ විපක්ෂයට එනවානම් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගෙන ප්‍රකාශයක් කර 2019 පැවැත්වෙන ජනපතිවරණයේ දී මහින්දගේ අනුමැතියෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයාට සහාය දියයුතු බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් ද සොයිසා මහතා පැවසීය. 18 June 2018
ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් තවත් දරුවෙකු මරුට ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය වැළදිමෙන් තවත් කුඩා දරුවෙකු මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. 18 June 2018
අම්පාරේ සැඩ සුළඟින් නිවාස රැසකට හානි අම්පාර දිස්ත්‍රික්කයට ඇදහැලෙන වැස්ස සමඟ ඇතිවු සැඩ සුළං තත්වයක් නිසා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6 නිවාස 136 කට හානි සිදුවී ඇත. 18 June 2018
'නියෝජ්‍ය ඇමැතිකමක් දුන්න බව මට කියලා නෑ' යහපාලන රජයෙන් නියෝජ්‍ය ඇමැති තනතුරක් ලැබු බව නිල වශයෙන් දැනුවත් නොමැති බව බුද්ධික පතිරණ මහතා කටුනායක ගුවන්තොටුපලේදී පැවසීය. 18 June 2018
යාපනයේ පොලිස් වෙඩිතැබීමේ සිද්ධියට 5 ක් අත්අඩංගුවට යාපනය මල්ලාකම් මන්සන්ධියේ දී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ගැටුම් ඇති කරගත් දෙපිරිසෙන් පුද්ගලයින් 5 දෙනෙකු අද (18) උදෑසන අත්අඩංගුවට ගත් බවට චුන්නාගම් පොලීසිය කියා සිටියේය. 18 June 2018
රන්ජන්ට විරුද්ධව චෝදනා කෙටුම්පත් කරන්න නීතිපතිට නියෝග අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා චෝදනා පත්‍රයක් කෙටුම්පත් කර ලබන මස 30 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නීතිපතිවරයාට දැනුම් දුන්නේය. 18 June 2018
පැය 4 කට පෙර ගුවන් තොටට එන්න කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අද (18) සිට ආරම්භ කරන අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්, සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 4 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රීලංකන් ගුවන්සේවය සිය මගීන් වෙත දන්වා සිටී. 18 June 2018
ඩෙංගු බලන්න ඇවිත් නිවස කොල්ල කති ඩෙංගු මර්දන කටයුතු සඳහා බව පවසමින් මාගාල්ල ප්‍රදේශයේ නිවසක තනිවම ජිවත්වු 69 හැවිරිදි වයස්ගත කාන්තාවකගේ නිවසට ඇතුල් වී ඇයගේ අත් පා රෙදිපටි වලින් බැඳ නිවසේ තිබු රුපියල් 15,000ක මුදලක් හා රන් වළලු හතරක් කොල්ලකා ගෙන ගිය තිදෙනෙකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 18 June 2018
ජපානයට ප්‍රබල භූමිකම්පාවක් ජපානයේ ඔසාකා වෙත බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් කුඩා දැරියක සහ තවත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට රජය සඳහන් කරයි. 18 June 2018
යාපනයේ ආවා කල්ලියෙන් තවත් දෙදෙනෙක් කපා පලා යති යාපනය කෝපායි පොලිස් වසමේ කොකුවිල් ප්‍රදේශයේ දී තියුණු ආයුධ ගත් පිරිසකගේ පහරදීමක් හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ ඇති බව කෝපායි පොලීසිය පවසයි. 18 June 2018
යාපනය යළි ගිනියම් වෙයි යාපනය මල්ලාකම් කතෝලික දේවස්ථානය ඉදිරිපිට දී තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මැඩලීමට ගිය පොලිස් නිලධාරියකුට පහරදීමට පැමිණි පුද්ගලයකු සිදු කළ වෙඩි තැබීමකින් එක් අයකු මියයාම සම්බන්ධයෙන් මල්ලාකම් ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවී තිබේ. 18 June 2018
බලපිටිය සිරමැදිරියෙන් පලාගිය රැඳවියා අත්අඩංගුවට බලපිටිය අධිකරණ භුමියේ පිහිටි සිරමැදිරිය තුල රඳවා සිටියදි පලාගිය අනික් රැදවියාද දොඩන්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. බන්ධනාගාර නිලධාරින් විසින් කරණු ලැබු විශේෂ මෙහෙයුමකදි මෙම රැදවියා අත්අඩංගුවට ගෙන තිබේ. 17 June 2018
‘පාසල් විෂය නිර්දේශයෙන් කිසිදු විෂයක් ඉවත් කරන්නේ නැහැ‘ පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය, භාෂාව සාහිත්‍ය හෝ වෙනත් කිසිඳු විෂයක් ඉවත් කර නැතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 17 June 2018
කිරිවෙහෙර නා හිමිට වෙඩි තැබු තවත් දෙන්නෙක් කතරගමින් අල්ලයි කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබු සැකකරුවන් දෙදෙනාද අද (17) කතරගමදී අත්අඩංගුවට ගත් බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා පැවසීය. 17 June 2018
සෞදියේ සේවය කළ කතකට ලක්ෂ 26ක හිග වැටුප් හිමිවෙයි ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියේ සේවය කරමින් සිටි කාන්තාවකට ලැබිය යුතුව තිබූ රුපියල් ලක්ෂ විසිහයක හිග වැටුප් ලබාගෙන ඇය අතට පත්කිරීම විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් සිදුකෙරිණි. 17 June 2018
ප්‍රා.ලේ.කො. 365 දක්වා වැඩි කිරීමට තීරණයක් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 365ක් දක්වා වැඩි කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 17 June 2018
පාර්ලිමේන්තුවේ ‘ලැප් ටොප්’ සුදු අලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා පාර්ලිමේන්තු සභා ගර්භයේ සිය ආසන මත තබා ඇති ලැප්ටොප් පරිගණක බොහෝ දෙනකු පරිහරණය නොකරන බව හෙළි වී තිබේ. 17 June 2018
යුද සමයේ අතුරුදන් වු පුද්ගලයින් 500ක ලැයිස්තුවක් මෙරට අවසන් යුද ගැටුම් පැවති සමයේදී බලහත්කාරයෙන් අතුරුදන් වී ඇතැයි කියන පුද්ගලයින් 500 දෙනෙකු ගේ ලැයිස්තුවක් එක්සත් ජාතීන්ගේ කමිටුවක් විසින් නිලවශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 17 June 2018
‘මහලේකම් ධුරය අතහරින්න ඕනිම වෙලාවක ලෑස්තියි‘ සන්ධාන මහලේකම් ධූරය ඕනෑම වේලාවක අත්හැරීමට තමා සූදානම් නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂයකට පූජා කිරීමේ අරමුණෙන් කෙරෙන යෝජනාවලට යට වී එවැනි තීන්දුවක් කිසිවිට ගන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 17 June 2018
රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව හොරු කඩලා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව කිසිවෙකු හෝ කිසියම් පිරිසක් විසින් කඩා ඇති බවට එහි ගේට්ටුවේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් විසින් පැමිණිලි කර ඇති බව රත්නපුර පොලීසිය කියයි. 17 June 2018
දෙහිවල නාගරික මන්ත්‍රීට වෙඩි තැබු ගිනි අවිය වෙලකින් හමුවෙයි දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාට වෙඩි තැබීමට යොදාගත් බවට සැක කරන ටී 56 ගිනි අවිය හා ජීව උණ්ඩ 30 ක් සමඟ මැගසිනයක් මත්තේගොඩ කුඩමාදුව වෙල් යායක බෝක්කුවක් යට තිබියදී ඊයේ (17) හමු වු බව මත්තේගොඩ පොලීසිය කියයි. 17 June 2018
සිංහරාජයේ අලි විරෝධය කඩාකප්පල්කිරීමේ තැතක් සිංහරාජයේ වෙසෙන අලි දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට පිටුවහල් නොකර ඔවුන්ගේ ද ගම්වාසීන්ගේ ද ජීවිත සුරක්ෂිත කිරීමට යාන්ත්‍රණයක් සකසන්නැයි ඉල්ලමින් රක්වාන රඹුක මංසන්ධියේ අද (17) දවල් තමන් පැවැත්වූ 17 June 2018
කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබු සැකකරුවන් කතරගමට පොලිසියට කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ බවට චෝදනා ලැබූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට රැගෙන ඒමෙන් පසු අද (17) සවස වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිසියට රැගෙන ගියේය. 17 June 2018
පර්පචුවල් ට්‍රෙෂරීස් වෙතින් විවිධ පුද්ගලයන්ට අවස්ථා 45,000 කදී ලක්ෂ ගණන් ගෙවීම් පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම විවිධ තරාතිරම් වල පුද්ගලයින්ට අවස්ථාවන් 45,000 කදී පමණ රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාදී ඇතැයි මේ පිළිබඳව විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් විසින් හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ. 17 June 2018
‘ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවීමට බන්ධනාගාර නිලධාරීන්ට අයිතියක් නෑ’ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිවුර ගලවා ජම්පරය ඇන්දවීමට බන්ධනාගාර නිළධාරීන්ට කිසිදු අයිතියක් නොමැති බවත් ඔවුන් එවැනි තීරණයක් 17 June 2018
වනජීවී ඇමැති සිංහරාජයේ අලි ඇල්ලීමේ තීරණය වෙනස් කරයි ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ වෙසෙන වන අලි දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් ඉවත් නොකරන ලෙස වනජීවී අමාත්‍ය මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (17) නියෝග කළ බව වනජීවී අධ්යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පැවසුවේය. 17 June 2018
අන්‍යෝන්‍ය සහයෝගය දැක්වීමේ පනත සංශෝධනය නවතම පාවාදීමයි සාපරාධී කාරණාවලදී අනෝන්‍ය සහයෝගය දැක්වීමේ පනත සංශෝධනය කිරිම වත්මන් ආණ්ඩුවේ නවතම පාවාදීමක් වන අතර එය ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් කළ විදේශ බලවතුන්ගේ අවශ්‍යතා ඉටුකිරිමයැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 17 June 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026