දෙවැනි විශේෂ මහාධිකරණය සති දෙකකින් බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉදිරි සති දෙක ඇතුළත පිහිටුවන්නේ යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය ‘ලංකාදීප’ යට පැවසුවාය. 13 January 2019
ව්‍යාජ ඩොලර් මිලියනයක නෝට්ටු තුනක් මුදලට අලෙවි කිරීමට ගිය 18 දෙනා රිමාන්ඩ් වංචනික ලෙස පුද්ගලයින් රවටා ඩොලර් මිලියනයනයක් ලෙස මුද්‍රිත ව්‍යාජ මුදල් නෝට්ටු තුනක් වෙනත් පුද්ගලයකුට මුදලට විකිණිමට ගිය පුද්ගලයින් දහ අට දෙනා ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. 13 January 2019
ජනපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයක් ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සුදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට උපදෙස් තිබේ. 13 January 2019
උතුරු ආණ්ඩුකාරයාගේ නියෝගයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අමාරුවේ තෛයිපොන්ගල් උත්සවය වෙනුවෙන් රට පුරා දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීම සම්බන්ධයෙන් ආණුඩුකාරවරුන් හා අධ්‍යාපන අමාත්‍යංශය අතර අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ. 13 January 2019
ඉන්ධන බද්දෙන් කොටසක් කබීර් මාර්ග සංවර්ධනයට ඉල්ලයි ඉන්ධන අලෙවියෙන් ලැබෙන බදු ආදායමෙන් කොටසක් මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදෙන්නැයි යෝජනා කරමින් මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කර ඇත. 13 January 2019
වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට වත්තල හේකිත්ත ප්‍රදේශයේදී සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 13 January 2019
රජරට සරසවිය 16 වැනිදා යළි විවෘත කරයි වසා දමන ලද රජරට විශ්ව විද්‍යාලය මේ මස 16 වැනි දින යළි විවෘත කරන බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය ආනන්ද කරැණාරත්න මහතා අද (13)දින පැවසිය. 13 January 2019
කැස්බෑවකු මස් කළ මව-දියණිය අත්අඩංගුවට බටු කැස්බෑවෙකු ඝාතනය කර මස් කරමින් සිටි මවක සහ දියණියක් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් රඛිත පී.අබේසිංහ මහතා නියෝග කළේය. 13 January 2019
පැරීසියේ පිපිරීමක් පැරිස් නගර මධ්‍යයේ අද (12 වැනිදා) දැවැන්ත පිපිරීමක ශබ්දයක් ඇසී තිබේ. පැරීසියේ බේකරියක් අසළ සිදුවී ඇති මෙම පිපිරීමෙන් කිහිප දෙනෙක් තුවාල ලබා ඇත. 12 January 2019
කාන්තාවක් අතපය බැඳ ඝාතනය කරයි මහකුඹුක්කඩවල පුනවිටිය ප්‍රදේශයේ 67 හැවිරිදි දෙදරු මවක් ඇය පදිංචි නිවස පිටුපස අත් පා ගැට ගසා මුව රෙදි වලින් වසා මරා දමා තිබියදි අද (12) සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි. 12 January 2019
පුතා සිය පියා ඝාතනය කරයි අම්බලන්තොට බැරගම ප්‍රදේශයේදී ඊයේ(11) රාත්‍රි පුතෙකු විසින් මල් පෝච්චියකින් පහරදි තම 65 හැවිරිදි පියා ඝාතනයකර තිබේ. 12 January 2019
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් සහනය ඉහළට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්හි පොලිය මත අයකළ රඳවා ගැනීමේ බදු සීමාව ඉහළ නංවා තිබේ. 11 January 2019
ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීට සහය දෙන්නේ නෑ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ලෙස තරඟ වදින්නේ නම් සහාය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කළ බව මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවැසීය. 11 January 2019
සිංහරාජය මැදින් පාරක් කැපීම ගැන යුනෙස්කෝවෙන් ප්‍රශ්න කරයි ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තර මැදින් මාර්ගයක් කැපීම සම්බන්ධයෙන් සුදුසු ආයතන හරහා විමර්ශනයක් සිදු කරන ලෙස යුනෙස්කෝ සංවිධානය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ. 11 January 2019
මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පැවැත්වීම පිළිබඳ එජාපයේ සම්බන්ධයක් නෑ සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වමින් සංදේශ භාර දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවට නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරයි. 11 January 2019
‘‘ආණ්ඩුකාර කාර්යාලයේ නැති අගමැතිගේ ඡායාරූපය හෙට වනවිට තිබිය යුතුයි‘‘ මහනායක හිමිවරුන්ගේ අනුදැනුමකින් තොරව කිසිදු කටයුත්තක් මධ්‍යම පළාත තුළ සිදු නොකරන බවත් මධ්‍යම පළාත් කාර්යාලය තුළ ජනාධිපතිවරයාගේ සහ හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ඡායාරූප ඇතත් අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපය හෙට වනවිට ආණ්ඩුකාර කාර්යාලය තුළ තිබීම අවශ්‍ය බවත් ආණ්ඩුකාර ධූරයේ අද (11) වැඩ භාරගත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය. 11 January 2019
තෛපොංගල් වෙනුවෙන් සඳුදා උතුරේ සියලුම පාසල් වසා දැමේ තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 වැනි සඳුදා දිනයේදී උතුරේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යලය අද (11) නිවේදනයක් නිකුත් කර තිබේ. 11 January 2019
මඩකලපුවේ හර්තාල් නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය එම්.එල්.ඒ. එම්. හිස්බුල්ලා මහතා පත්කිරීමට විරෝධය දක්වා මඩකලපුව දිස්ත්‍රික්කයේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. 11 January 2019
මිනිස් ජාවාරම් කළ ලාංකිකයන් තිදෙනෙකු මැලේසියාවෙන් අල්ලයි ඡාත්‍යන්තර මිනිස් ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් ලාංකිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මැලේසියානු පොලිසිය පවසයි. 11 January 2019
වසර 32කට පසු යුක්තිය ඉටුවෙයි තිස්සමහාරාම වීරවිලදී අවුරුදු 32කට පෙර පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරු වූ පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද(11) මරණ දඬුවම නියම කළේය. 11 January 2019
නවසීලන්තයට ලකුණු 35 ක ජයක් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (11 වැනිදා) පැවැති විස්සයි-20 තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 35 ක ජයක් අත්කරගත්තේය. 11 January 2019
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වසර 3 ක් අසාර්ථකයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවා වසර 3 ක් ගතවන තුරු ව්‍යවස්ථා කෙටුම්පතක් සකසා ගත නොහැකි නම් එම මණ්ඩලය හා ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පවත්වාගෙන යාමෙන් පලක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ දී අද (11) පැවසීය. 11 January 2019
ටිල්වින්ට මිලියන 10ක වන්දියක් ගෙවන්න විමල්ට නියෝග පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියෙන් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝණය වී ඇතැයි තීන්දු කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙස විමල් වීරවංශ මහතාට නියෝග කළේය. 11 January 2019
‘අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න සුජාතභාවය පාර්ලිමේන්තුවේ නෑ’ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය සුජාතභාවය වත්මන පාර්ලිමේන්තුවට නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් අද (11) පැවසීය. 11 January 2019
මධ්‍යම පරිසර අධිකාරියේ මුල් පුටුව මුසම්මිල්ට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කොළඹ හිටපු පුරපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ. 11 January 2019
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා දෙන්නේ නෑ’ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා දෙන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ පැවසීය. 11 January 2019
තෙල් සංස්ථා සිද්ධියේ පොලිස් කොස්තාපල් යළි රිමාන්ඩ් තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවු වෙඩි තැබීමේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් කොස්තාපල් අරුණ ශ්‍රී නන්ද සිල්වා ලබන 18 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (11) නියෝග කළාය. 11 January 2019
කොළඹ නාගරික මන්ත්‍රී යළි රිමාන්ඩ් තෙල් සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ලෙස ඇතුළු වී කළහකාරි ලෙස හැසිරුණැයි කියන සිද්ධියට අදාළව කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ මහතා ලබන 18 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (11) නියෝග කළාය. 11 January 2019
කුකුළු මස් කැබැල්ලක හෙරොයින් ගෙන ආ කතක් දැලේ ගාල්ල බන්ධනාගාරයේ සිටින රැඳවියකුට කුකුළු මස් කැබැල්ලක සඟවා හෙරොයින් දිමට තැත්කළ කාන්තාවක් බන්ධනාගාර නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 11 January 2019
තවත් ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති තවත් කැබිනට් නොවන ඇමැතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 11 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026