(ළහිරු හර්ෂණ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු මේ වන විට කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවත නිරතව සිටිති.
ඔවුහු මෙම පාගමන අද දහවල් 2 ට පමණ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසළින් උද්ඝෝෂණ පාගමන ඇරැඹුහ.
අවට ආරක්ෂාව සඳහා පොලීසිය කැඳවා සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහපොළ වැඩි කරන්න කියල පෙළපාලි ගිහින් ඉල්ලනේ ඔය වෙලාවේ පරණ පුරන් වෙලා තියන කුබුරක් කොටන්නකො බලන්න, හැම දේම නිකන් දෙනකල් බලාගෙන ඉන්නේ නැතුව, රට හදන්න නම් විශ්ව විද්‍යාල වලින් අන්තරේ, ජෙප්පෝ නැති කල යුතුයි,
මේ අය ජෙප්පෝ.......මේ අයව සතේකට මායිම් කොරන්න එපා.
ඔහොම යන්....... අන්තරේ නරි රැළට කෑම ළඟදීම හම්බුවෙවී. ඔබලා නැති දවසක මේ රටේ විශ්වවිද්‍යාල සුන්දර තැනක් වේවි. ( 70 දශකයේ වගේ ). ජනපතිතුමනි, හැම විශ්වවිද්‍යාලයකටම රුහුණේ වගේ " කොන්දක් තියන උපකුලපතිලා පත් කරන්න. පත් කරලා මේ අයට " බේත "දෙන්න.
මන්ත්‍රීවරු පත් කරන්න දේශපාලන පක්ෂ විසින් ගතයුතු ඡන්ද ප්‍රමාණය, ප්‍රතිශතය ඉහළ දමා තිබෙන නිසා ඡන්දෙට කලින් කොල්ලන්ට රියර්සල් එකක් දෙන්න වැඩ සලස්සලා ඡන්ද කඩාගන්න වගේ යන්නේ... ආණ්ඩුව මෝඩවෙලා බලය "එළිපිට" යෙදෙව්වොත් එයාලගේ බලාපොරොත්තුවට පෝර දැමීමක් වෙනවා. ඔය ඕනෑතරම් රතුපාට කමිස තියෙන්නේ කොල්ලන්ට අන්දලා බැනර් දීලා මෙයාලට සපෝට් එකට යවන්න. පව්නේ ගිහින් උදව්වක් දීලා එන්න.
හා ආයෙත් වංශේ කබල් ගානවා වගේ.
ජ.වි.පෙ. මුල්වී කරන මේ කාලකන්නි වැඩේ නම් නතර විය යුතුයි. හැමදාම මොන පෙළපාලිද? ලෝකයේ කිසිම සරසවියක නොවන විදිහටයි මේ ක්‍රියාව අපේ රටේ සිදුවන්නේ.. ඉගෙන ගන්න එකටයි මුල්තැන දිය යුත්තේ... පුහු දේශපාලනය කරපින්නා ගෙන අනිත් ළමයිනුත් කාලකන්නි කරනවා.
ජනාධිපතිතුමා අද හෙටම මේ ළදරුවන්ගේ ඔලුව අතගාලා කරුණු පහදලා දෙයි නේද?