(තිළිණි ද සිල්වා)
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (09) නවදිල්ලි නුවරදී ඉන්දීය විදේශ ලේකම් විජය ගෝක්ලේ මහතා හමු වූයේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට වැදගත් කරුණු පිළිබඳව මෙම හමුවේ දී කරුණු සාකච්ඡා කෙරුණු බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම අවස්ථාවට නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු සහ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු යන මහත්වරුද එක්වූහ.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම ඇමති ධුරයට පත් ව කළ ප්‍රථම නිල විදෙස් සංචාරය මෙය වන අතර ඒ මහතා හෙට (10) දිනයේදී යළිත් දිවයිනට පැමිණීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ්මන් කදිරගාමර්ගෙන් පසු ශ්‍රී ලංකාව බිහි කළ හොදම විදේශ ඇමති. ස්විස් නාඩගම කළමනාකරණය කළ විදග්ධ විලාසය ඊට කදිම සාක්ෂියකි.