(මනෝප්රිය ගුණසේකර)
ගෝන මස් තොගයක් සමඟ අසුවු පුද්ගලයකුට නඩු නොපවරවා සිටීම සඳහා රුපියල් 10,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු අරලගංවිල පොලිසියේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂවරයකුට සහ කොස්තාපල්වරයකුට වසර 28 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (9) නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/- බැගින් දඩ නියම කළ අතර දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස 04 බැගින් අමතර සිරදඬුවම් ද නියම කළේය.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල් නීතීඥ සචිත්ර වික්‍රමරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට දඬුවම් නියම කළේය.
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අරලගංවිල පොලිසියේ රාජකාරී කළ පොලිස් පරීක්ෂවරයකු වු අනිල් ජයන්ත හෙට්ටිආරච්චි සහ කොස්තාපල්වරයකු වු නීල් කුමාර නමැත්තන්ටය.
මේ සම්බන්දයෙන් පැවතී දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබු සියලුම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම සියලුම චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල් නීතීඥ සචිත්ර වික්‍රමරත්න මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පතාට නීතිය අකුරටම.
අල්ලස් අරගෙන සුර සැප විඳින දේශපාලුවන්ට මේවගේ දඬුවම් දෙන්නේ කවද්ද ?
තම නිල ඇඳුම අසූචිවලින් හොඳහැටි අපිරිසිදු කරගත් මෙවන් නිලධාරින්ට නිසි දඬුවම් ලබාදීම පිළිබඳව පළමුව අප ගරු අධිකරණයට අපගේ හිස නමා ආචාර්ය කරන්නෙමු. එලෙසම නිල ඇඳුම ඇඟේ ඔතාගෙන ඉන්න උසස් නිලධාරීන් යයි කියාගන්නා සමහර තක්කඩි නිවටයින්ටත් අනාගතයේදී මෙලෙසම දඬුවම් ලැබේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි...
මගේ අම්මෝ මේ ගානට මෙච්චර කාලයක් හිරේ දානවනම්, අර බැදුමකර හොරු අහු උනොත් ගාන කියන්නත් බැරි ගානට හිරේ යවාවි නේද?
10,000 කට අවුරුදු 28ක්? එතකොට කෝටිගණන් කොමිස් ජරාව කන අපේ දේශපලුවෙක් ඔහොම හිරේ ගිය කතාවක් කවුරුවත් අහලා තියෙනවද?
මහා බැංකුව කෝටි ගණන් කොල්ලකාපු අය එළියේ 10,000ක් අල්ලස් ගත්ත අය වසර 28ක් හිරේ..., මහදැනමුත්තගේද නීතිය?
මීට පස්සේ රුපියල් දහ දාහවල් නොගන්න ඉගෙන ගත්තා නේද පාඩම..? නඩුවට වියදම් කරන්නවත් මදි නේද? මිලියන 1100ක් වගේ ගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ. "රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ.."
සරණට ලක්ෂ 9යි.. අවුරුදු 3යි.. පැයෙන් ඇප. එතකොට රුපියල් 10,000ට අවුරුදු 28යි. අනේ මන්දා ...
අපරාදේ අර සරණ කලා වගේ අභියාචනයක් ඉදිරිපත් කළානම් පැයෙන් ඇප ලැබෙනවනේ. අනේ මන්දා රු10000/=ක් අල්ලස් ගත්තා කියලා අවුරුදු 28ක් හිරේට... මහබැංකුව කොල්ල කාපු අය හැමකෙනාම තවම එළියේ. ලක්ෂ ගණන් හොරකම් කරපු රජිතලත් තවම එළියේ. මෙහෙම රටක් ලෝකේ කොහෙවත්ම නැතුව ඇති. අනේ භූමිකම්පාවක්වත් ඇවිල්ලා මේ මුළු ලංකාවම විනාශවෙලා යනවා නම් කොච්චර හොඳද?