(ඉන්දිකා රාමනායක)
තමන්ව ඝාතන කිරීමට කුමන්ත‍්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අග‍්‍රාමාත්‍යවරයාට හා හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරුන්ට එරෙහිව විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා අද (9) පස්වරුවේ පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
අමාත්‍යවරයා අද පස්වරු 1.30 ට පමණ පොලිස් මුලස්ථාන වෙත පැමිණි මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
පොලිස් මුලස්ථානය වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් පිටතට පැමිණි අමාත්‍ය මහින්දානන්ද මහතා මාධ්‍ය අමතමින් මෙසේ පැවසීය.
පසුගිය යහපාලන රජය යටතේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිදුකළ බව කියන දුෂිත කි‍්‍රයා රැසක තොරතුරු එළියට ගේන්න කටයුතු කළා. පසුගිය කාලය පුරාවටම යහපාලන රජයට එරෙහිව උද්ඝෝෂණ පවත්වන්න මම නායකත්වය ලබා දුන්නා.
මේ වැඩකටයුතු සම්බන්ධයෙන් එම කාලයේ මට දිගින් දිගටම තර්ජන තිබිණි. පසුගියදා එළියට ආපු හඬපටයේ දී රන්ජන් රාමනායක මහතා පැහැදිලිව කියනවා මහින්දානන්ද අලූත්ගමගේ මරන්න ප‍්‍රැස්ටිස් කරනවා කියලා.
මෙමගින් පේනවා එක්සත් ජාතික පක්ෂයට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් මා ඝාතනය කිරීමේ සැලැස්මත් තිබු බවට. මම පොලිස් මුලස්ථානයට පැමිණ පැමිණිලි කර ඉල්ලා සිටින්නේ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, රන්ජන් රාමනායක යන මහත්වරුන් ගෙන්වා ඔවුන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තරයක් ගෙන මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්න කියලා.
2016 වසරේ රන්ජන් රාමනායක මහතා මාදිවෙල ප‍්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලීමක් කරනවා.
එක්සත් ජාතික පක්ෂ කියනවාලූ මේක විහිළුවක් කියලා. මේ සිද්ධිය එක්සත් ජාතික පක්ෂයට විහිළුවක් වුණාට මට මේක විහිළුවක් නොවෙයි. ජීවිතයත් එක්ක විහිළුකරන්න එක්සත් ජාතික පක්ෂයට පුළුවන් වුණාට ඒක සාමාන්‍ය සිද්ධියක් නොවේ. රන්ජන් රාමනායක මහතා කර තිබෙන දේ එක්සත් ජාතික පක්ෂයට විහිළුවක් වුණාට මේක හිටපු අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් සිදුකළ සංවිධානාත්මක කුමන්ත‍්‍රණයක් බවට පෙනී යනවා.
පොලිසිය මේ සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්ධව නිසි පරීක්ෂණයක් සිදු නොකළහොත් මන්ති‍්‍රවරයකු වශයෙන් මගේ වරප‍්‍රසාද උල්ලංඝණය කිරීම පිළිබඳව මට තීන්දුවක් ගන්න පුළුවන්.
සාමාන්‍ය පුද්ගලයකුට වෙඩි තියන්න තවත් පුද්ගලයෙක් පුහුණු වෙනවානම්, ඒ පුහුණුව වන ගමන් තමන් අහවලා මරන්න පුහුණු වෙනවා කියලා කියනවා නම් ඒක බරපතල කරුණයක්.
පසුගිය වකවානුවේ මාව ජීවමානව ඝාතනය නොකළාට මට නඩු දැම්මා, බොරු නඩු දැම්මා, මගේ දරුවෙක් හිරේ දැම්මා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප‍්‍රකාශ ගත්තා. මේ සියලූ කටයුතු හිටපු අග‍්‍රාමාත්‍යවරයා කළා.
උද්ගත වී තිබෙන මෙම තත්ත්වය නිසා මම මගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මම හැමවෙලාවේම සැළකිලමත් වුණා. මෙම සිද්ධිය මුල්කරගෙන මම විශේෂ ආරක්ෂාවක් ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට අවශ්‍ය ආරක්ෂාවක් ලබා දී තිබෙනවා. මගේ ආරක්ෂාව මම සලසා ගන්නවා.
මෙම සිද්ධිය රන්ජන් රාමනායකට ලං කරන්න එපා. මේක රන්ජන්ගේ කුමන්ත‍්‍රනයක් නෙවෙයි. රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ පිරිස සංවිධානත්මක කළ ඝාතන හා විපක්ෂය මර්දනය කරන්න ගත්ත කුමන්ත‍්‍රණයක් කියලා මම කියා සිටිනවා. යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ දක්නට ලැබුණු චුඩා මාණික්‍යයක් බඳු වූ කිසිම ආකාරයකින් චෝදනාවක් එල්ල නොවූ ශිෂ්ට සමාජයට පරමාදර්ශයක් වූ මේ ශ්‍රේෂ්ට යුග පුරුෂයා ජාතියේ නාමයෙන් ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලංකා පොලිසියේ පමණක් නොව සමස්ත ජනතාවගේම පරම යුතුකමක් නොවේද? එතුමා කියල තියෙනවා තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්නවා කියල. අනේ එහෙම කියල කොහොමද? (පොලිසියට පැමිණිලි කලේ ඇයි දන්නෑ).
මෙයා හොඳ ළමයා වෙන්න හදනවා.
විකාරයක් මේක හරියට සිරිපාල මට ගැහැව්වා සිරිපාලගේ නෝනා අල්ලලා හිරේ දාන්න කිව්වවගේ කතාවක්. එකසැරයක් කියනවා "රන්ජන් රාමනායක මහතා පැහැදිලිව කියනවා මහින්දානන්ද අලූත්ගමගේ මරන්න ප‍්‍රැස්ටිස් කරනවා කියලා" ඊළගට කියනවා "මෙම සිද්ධිය රන්ජන් රාමනායකට ලං කරන්න එපා" කියලා.
ඔය කාගේ කාගෙත් කෙරුවාවල් අපි දැනගෙන හුගක්කල්. සුද්දවන්තයෝ වෙන්ඩ හැදුවට වැඩක් නැහැ.
අනේ මන්දා මේ 225 අයින් කරානම් හොඳයි......
අපි හරක් මරන්නේ නැහැ.
ලොක්කවයි ගෝලයවයි ගස් යවන්න.
රනිල් හරක් මරන්නේ නැත..........
අපේ රනිල් අගමැතිතුමා ගැරඩි මරන්න උදව් කරයි කියල හිතන්න අමාරුයි. අපේ ගෙදර ඉන්න ගොන් නාම්බාට එහෙම කරන්න හැදුවද දන්නේ නැහැ. උගේ නමත් මේ නමමයි.
එහෙමට ගැරඬි මරන්න යු.එන්.පී එකට ඕනද ?