(රංජන් කස්තුරි)
රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට මේ මාසයේ සිට ගෙවීමට යෝජනා කර තිබූ රුපියල් 15,000 ක දීමනාව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.
විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් විෂමතා නිවැරදිකරන තුරු මසකට රුපියල් 15000 ක විශේෂ දීමනාවක් ගෙවීමට යහපාලන ආණ්ඩුව තීරණය කර තිබූ අතර එය මේ මාසයේ සිට ලබාදීමට පියවර ගන්නා බව සඳහන් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.
රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ඔවුන්ගේ සේවා කාලය හා තනතුර අනුව දැනට මසකට රුපියල් 15,000 , 10,000 සහ 3000 බැගින් විශේෂ දීමනාවක් හිමිවේ.
ඉකුත් ආණ්ඩුව තීරණය කර තිබුණේ රුපියල් 10,000 සහ 3000 බැගින් ලැබූ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට එම දීමනාව 15,000 බැගින් ලබාදීමටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ හොරුන්ට ඡන්දේ දුන්නට......
හොඳ තීරණයක්... ඔය කියන හුඟදෙනෙක් කරන්නේ පුටු රත්කරන එකයි, නිකම් ඉඳන් පඩි ගන්න එකයි තමයි.