(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකා පොලිසියට 2,000 ක පිරිසක් 2020 වසර සදහා උතුරු පළාතෙන් බදවා ගැනීමට නියමිත බව පොලිස් මුලස්ථානය කියයි.
උප පොලිස් පරීක්ෂකවරුන් 200 දෙනකු, පොලිස් කොස්තාපල් 1400 දෙනකු, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 400 දෙනකු වශයෙන් මෙම පිරිස බදවා ගැනීමට නියමිතව ඇත.
වත්මන් රජයේ ‘‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ ප‍්‍රතිපත්ති මාලාවේ උතුරු පළාත ඉලක්ක කරගනිමින් රජය විසින් කි‍්‍රයාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහනට සමගාමීව රාජ්‍ය සේවය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පිරිස බඳවා ගැනීමට නියමිතව බවද පොලිස් මුලස්ථානය සදහන් කරයි.
මෙම නවන නිලධාරීන් උතුරු පළාතේ තිබෙන පුහුණු මධ්‍යස්ථාන වලදීම පුහුණු කිරීමට නියමිත ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරෙන් බඳවාගෙන දකුණේ සේවයට දමන්න. එතකොට නියම සංහිඳියාව ඇතිවේවි.