(ටී.කේ.ජී.කපිල )
කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී ,විවිධ හිරිහැර ,කරදර මෙන්ම වැටුප් නොලැබීම නිසා අසරණ වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 36 දෙනෙකු අද (09) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුහූ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවෝ වූහ.
තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඔවුන් අතර මාස 05 ක දරු ගැබක් හිමි ගර්භනී කාන්තාවක් සහ පහරදීම් නිසා ආබාධිත තත්වයේ පසුවන කාන්තාවක් ද සිටියහ .
ඔවුහූ කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයේ තම පැමිණිළි සටහන් කිරීමෙන් පසුව , ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව ගියහ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයගෙත් වැරදි නැතුව නොවෙයි. මුලින්ම අපේ අයෙගෙන් හාම්පුතුන්ට වෙන කෙනහිලිකම් නිසා (ඒජන්සිකරුවන්ගේ බසට ගෙවල්වලින් පැනීම වැනි ) ඔවුන් කෝප වීම සාමාන්‍ය දෙයක්. මොකද එක හම්පුතකු ලංකාවේ මුදලින් ම දැනුවත්ව ලක්ෂ 4 කට නොඅඩු ගෙවීමක් කරලා තමයි ගෘහ සේවිකාව ගෙන්වන්නේ. නමුත් මාස 05 ක දරු ගැබක් හිමි ගර්භනී කාන්තාවට මොකද වෙන්නේ. කවුද බාබා ? මේවට අඩුගානේ කුවේට් රජයෙන් විශාල වන්දියක්වත් ලබා දිය යුතුයි.
ලංකාවේ ඒජන්සි වලින් කවුරුවත් රට යන්න එපා.