ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස නිල සංචාරයක් සඳහා පිලිපීනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස නිල සංචාරයක් සදහා අද (15) සිංගප්පුරුවට පිටත්ව ගියහ. 15 January 2019
කරාපිටිය රෝහලේ වහලයක මළ සිරුරක් එල්ලෙයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අංක 04 වාට්ටුවේ කොරිඩෝවක වහලයේ එල්ලෙමින් තිබූ රෝගියෙකුගේ මළ සිරුරක් අද (15) අලුයම හමුවූ බව රෝහල් පොලීසිය පවසයි. 15 January 2019
ගලෙන් බිඳුණුවැව ගොවිමහතාගේ මතයට කීට විද්‍යාඥවරියගේ අවධානය දුන්කොළවල හට ගන්නා කෘමි උවදුරට යොදා ගන්නා කාබනික දිලීර නාශකයක් යෙදීමෙන් තම බඩඉරිඟුවගාවේ සේනා දළඹුවන් විනාශ කිරීමට හැකිම්කොළවල හට ගන්නා කෘමි උවදුරට යොදා ගන්නා කාබනික දිලීර නාශකයක් යොදා සිය බඩ ඉරිඟු වගාවේ සිටි සේනා දළඹුවන් විනාශ කිරීමට හැකි වූ බව ගලෙන්බිඳණු වැව තෝඩාමඩුව, යකල්ලේ ගොවි මහතෙකු කියයි. වූ බව තෝඩාමඩුව යකල්ලේ බී. විජේසිංහ ගොවි මහතා පවසයි. 14 January 2019
පොදුජන පෙරමුණ මහ මැතිවරණයක් ඉල්ලා උසාවි යන්න සැරසෙයි පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවැරීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා අද (14) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 14 January 2019
මෝර වරල් 500 ක් - මුහුදු ජීවීන් 130ක් සමඟ 4ක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී ලෙස මෙරටට ප්‍රවාහනය කළ වියළන ලද මෝර වරල් කිලෝ 500 ක් සහ මුහුදු අශ්ව විශේෂයට අයත් දුර්ලභ මත්ස්‍ය වර්ගයක් වන පයිප් ෆිෂ් (pipe fish) හෙවත් මුහුදු බූරුවන් කිලෝ 130 ක්, කල්පිටිය උච්චිමුණේ දූපත අසල පිහිටි ඔත්තුප්පනඩිය අසල තිබියදී කල්පිටිය පොලිසිය අද (14 ) අත්අඩංගුවට ගෙන තිබේ. 14 January 2019
ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න කැබිනට් අනුමැතිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 14 January 2019
සංස්ථා-මණ්ඩල සභාපතිවරු අධ්යක්ෂවරු සතියක් ඇතුළත පත් කරන්න උපදෙස් රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය මේ සතිය තුළ පත්කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරුන්ට අද(14) දැනුම් දී ඇත. 14 January 2019
වත්තල වෙඩි තැබීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 4ක් වත්තල හේකිත්ත අයියාන් සබ්රිමලේ කෝවිල අසලදී ඊයේ (13) සවස වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. 14 January 2019
මෙරට භූමිගත දත්ත - තොරතුරු ඇතුළත් ජාතික මට්ටමේ තොරතුරු පද්ධතියක් ජාතික භූමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ සේවා පහසුකම් ලබා ගැනීමට ජනතාවට මේ වන විට අවස්ථාව උදාවී තිබේ. 14 January 2019
මෙගාවොට් 100ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න යෝජනාවක් හදිසි මිලදී ගැනීම් යටතේ මෙගාවොට් 100ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. 14 January 2019
විමල් වීරවංශට එරෙහි නඩුව කල් යයි ඇමැතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි හැත්තෑ එකකට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවකුව සිටි බවට චෝදනා කරමින් විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිවරද්‍යභාවය පරීක්ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම නඩුව ලබන මාර්තු මස 27 වැනිදා තෙක් කල් තැබීය. 14 January 2019
අසාද් සාලි බස්නාහිර පළාතට ජංගම උසාවි ඉල්ලයි බස්නාහිර පළාතට ජංගම උසාවි කිහිපයක් ලබා දෙන ලෙස තමන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය ගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ප්‍රකාශ කළේය. 14 January 2019
ටිල්වින්ට - සුනිල්ට 6 උසාවි එන්නැයි නොතීසි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට අදළ නඩු දෙකෙහි සාක්කි දීමට ජනතා විමුක්ති පෙරමුණ ට්‍රිල්වින් සිල්වා සහ සුනිල් හදුන්නෙත්ති යන අයට ලබන 6 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (14) සිතාසි නිකුත් කළාය. 14 January 2019
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල - ලංකාව අතර රැස්වීම් කල්යයි හිම කුණාටු හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලැගාඩි මහත්මිය සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස අතර අද (14) වොෂින්ටනයේ දී පැවැත්වීමට නියමිතව තිබු රැස්වීම කල්දමා තිබේ. 14 January 2019
තර්ස්ටන් විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයකු නැතැයි ජනපති කියයි කොළඹ තර්ස්ටන් විද්‍යාලයට අවුරුදු අටක් තිස්සේ ස්ථිර විදුහල්පතිවරයකු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 14 January 2019
බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකරන්න යයි සුපිරි වෙළඳ සංකීර්ණයක් ද සහිත බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයක් බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට රජය තීරණය කර ඇත. 14 January 2019
‘අනුලා විද්‍යාලයට බලෙන් ඇතුළු වුණේ නැහැ‘ නුගේගොඩ අනුලා විද්‍යාලයට තමන් බලෙන් ඇතුළු වූ බවට නඟන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ප්‍රකාශ කළේය. 14 January 2019
ගෝඨාට පොහොට්ටුවේ සහාය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට උදව් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (14) පැවැසීය. 14 January 2019
පාසල් සිසුවකුගේ අත කැපූ පුද්ගලයෙක් අත්අඩංගුවට හැටන් පොලිස් වසමට අයත් යුන්ෆිල්ඩ් වතුයායේ පහළ කොටසේ පදිංචිව සිටි පාසල් සිසුවකුට තියුණු ආයුධයකින් පහරදී වම් අත කපා වෙන් කළ සැකකරුවකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 14 January 2019
සේනා දළඹුවා මඬින්න වැඩපිළිවෙළක් හදන්නැයි ජනපති කියයි සේනා දළඹුවා මර්දනයට වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් රැස්වීමේදී අද (14) ප්‍රකාශ කර ඇත. 14 January 2019
කැලණි පාලමේ පිවිසුම-කැලණිතිස්ස වටරවුම හෙට පැය 9 ක් වසා දමයි නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වට රවුම දක්වා මාර්ගයේ කොටස හෙට (15) උදෑසන සිට පැය 9 යක කාලයක් වසා දැමීමට නියමිත බව පොලිසිය පවසයි. 14 January 2019
සබරගමුව සරසවියට නව වෛද්‍ය පීඨයක් සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව නව වෛද්‍ය පීඨයක් ඉදි කර තිබේ. 14 January 2019
කටහඬ පරීක්ෂණයක් සඳහා පොලිස්පතිවරයා කැඳවයි කටහඬ පරීක්ෂණයක් සඳහා පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අද (14) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. 14 January 2019
දුම්රිය කෞතුකාගාරය පවරාගන්නැයි ඇමැතිගෙන් ඉල්ලයි කොළඹ ඉදිකරමින් පවතින දුම්රිය කෞතුකාගාරය දුම්රිය දෙපාර්තමේන්තුවට පවරාගන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාට ලිපියක් යොමුකර ඇත. 14 January 2019
වව්නියාව වෙහෙරතැන්න විදුහලට ‘රොෂාන් මහානාම පදනමෙන්‘ පාසල් උපකරණ වව්නියාවේ දුෂ්කර පාසල්හි දරු දැරියන් සඳහා අධ්‍යාපනික උපකරණ ලබා දීමේ වැඩසටහනක් , ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකයෙකු වූ රොෂාන් මහනාම මහතාගේ දායකත්වයෙන් සිදු කෙරිණි 14 January 2019
උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු හා නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම නතර කළ යුතු යැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. 13 January 2019
බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි අනුලාවේ දහම් පාසල බලෙන් විවෘත කරයි නුගේගොඩ අනුලා විද්‍යාලයේ පවත්වාගෙන ගොස් මීට සති දෙකකට පමණ පෙර වසා දැමුණු පෞද්ගලික දහම් පාසලක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද (13) බලහත්කාරයෙන් යළි විවෘත කර තිබේ. 13 January 2019
කැබිනට් ප්‍රකාශකවරුන් පත් කිරීම දිගින් දිගටම ප්‍රමාදයි රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී හා නව ඇමති මණ්ඩලයක් පත්කර සති තුනකට වැඩි කාලයක් ගත වී ඇතත් නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් මෙතෙක් නම් කර නොමැත. 13 January 2019
පැරීසියේ ගෑස් කාන්දුවෙන් මිය ගිය සිව් දෙනකුගේ සිරුරු සොයා ගැනේ පැරීසියේ ගෑස් කාන්දුවකින් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 4 ක් මේ වන විට සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 13 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026