(ඉන්දිකා රාමනායක)
කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසරේ සිසුන් දෙදෙනෙකුට විද්‍යාල පරිශ්‍රයේ දී පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පීඨයේ දී සිසුන් 12 දෙනෙකු අද (10) කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිසුන් පිරිස සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඊයේ පෙරවරුවේ කුරුදුවත්ත පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන පසුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ඉකුත් (8) දින රාති‍්‍රයේ සිදු වු මෙම සිද්ධියෙන් කලා පීඨයේ තෙවන වසරේ සිසුන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.
අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනාම කලා පීඨයේ දෙවන වසරේ සිසුන් බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඬුවම් දෙන්න ඕනෑ... තවත් මේ වගේ දේවල් නොකරන්න.
නීතිය නොවේ හතර හන්දි කඩන්න ඕනේ.. ඉගෙන ගන්න ගියා නම් ඉගෙන ගන්න ඕනේ... ඕකුන් ඉගෙන ගන්නේ රටේ මුදලින්...
මෙතන ගුටි කාලා තියෙන්නේ ජේෂ්ඨ සිසුන් පිරිසක්. පහර දීලා තියෙන්නේ කණිෂ්ඨ සිසුන් පිරිසක්. ඒ නිසා මෙතන නවක වදයට කරපු ප්‍රතිප්‍රහාරයක්ද කියන ප්‍රශ්නේ තියෙනවා.
මේකට අන්තරේ "බල්ලන් සම්බන්ධ නම් දෙන්න ඕන ඇඩ්රස් නැතිවෙන්නම. දීලා මේ වසංගතේ දැන්වත් නැතිකරන්න ඕනෑ ජනපතිතුමනි, මේ ඔබේ වාරයයි.
මොනවා වුනත් හොඳ හේතුවක් ඇති පාටයි.................
මේ ගහලා තියෙන්නේ "පෙරෙට්ටෝ" ටිකක් කියලා හිතෙනවා.
ඕනෑම ප්‍රශ්නයකදී ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල වර්ජය කරනු ලැබේ. දේශපාලන පක්ෂ විසින් ශිෂ්‍යයන්ගේ මොල සෝදා ඇත.