(මහේෂ් කිර්තිරත්න)
මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ හටගෙන තිබූ ජල කාන්දුව සම්බන්ධයෙන් භූ තාක්ෂණික පරීක්ෂණයක් අද (09) සිදුකළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ (තාක්ෂණික) ආර්.එම්.එස් බණ්ඩාර මහතා පැවසීය.
ජල කාන්දුව සිදුවීම සම්බන්ධයෙන් භූමියේ අස්ථාවරත්වයක් ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවත් ජල කාන්දුව කුමන දිශාවකින් සහ ගැඹුරකින් සිදු වී ඇත්ද යන්න පිළිබඳව අධි තාක්ෂණික උපකරණ උපයෝගි කරගෙන පරීක්ෂණයක් සිදුකරන බවත් බණ්ඩාර මහතා සඳහන් කළේය.
පරීක්ෂණ වලින් අනතුරුව සවිස්තර වාර්තාවක් ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය වෙත ලබා දෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ (තාක්ෂණික) ආර්.එම්.එස් බණ්ඩාර මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd