(දසුන් රාජපක්ෂ)
තමාට වාසිදායක දුරකතන හඬපට පමණක් නොව, සියලු හඬ පට අන්තර්ජාලයට මුදාහරින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගෙන් ඉල්ලා සිටින බව මහජන අවධි සභාවේ කැඳවුම්කරු, ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (9) ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල පිහිටි ජාතික හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එම දුරකතන සංවාද විවිධ පාර්ශවවලට වාසිදායක ලෙස යොදා ගැනීම නතර කළ හැක්කේ ඒ සියල්ල ජනතාවට ඇසීමට සැලැස්සවීමෙන් පමණක් බව වර්ණසිංහ මහතා කියාසිටියේය.
රංජන් රාමනායක මහතා එසේ නොකළහොත් වසර ගණනක් මහන්සි වී ඔහු රැස් කර ගත් හඬපටවල වටිනාකම නැති වී යන බවද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.
රංජන් රාමනායක මහතාගේ පෞද්ගලික දේපලක් වන, 121,000කට අධික ප්‍රමාණයක හඬ පට වෙනත් පාර්ශ්වවලට ලැබුණේ කෙසේදැයි නිවැරදිව දන්නේ ඔහු පමණක් වන බැවින් වෙනත් පාර්ශව විසින් ඒවා අවභාවිත කිරීම නතර කළ හැක්කේ ද ඔහුට පමණක් බවද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කර සිටියේය.
සමාජය පරිහානියට පත්වන කරුණු ඇතුළත් හඬපටද මේ වනවිට සමාජජාලවල සංසරණය වුවත් ඒවා ප්‍රචාරය වීම තහනම් කරන ලෙස සංඝයාවහන්සේලා මේ වන තෙක් ඉල්ලා නොසිටීම පුදුමයට කරුණක් බවද ඒ මහතා කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කව්ද ඔහොම කියන්න ?
ඒවා රන්ජන් රාමනායකගේ පුද්ගලික දේපළක් වෙන්නේ කොහොමද? එයා අනෙක් පක්ෂ වලට ගෙවලා රෙකෝඩ් කරපුවද? එයාට ඒවා මුදාහරින්න නෙවේ හිරේට යන්න තමා වෙන්නේ.
රට තුළ බුද්ධාගම අනුගමනය කරන ගෞරවනීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා ස්වල්ප දෙනෙක් අපට දැකගත හැකිය. සෙසු අය දේශපාලනීකරණය වී අන්ධ වී ඇත.
ඔව් ඔව් හොඳ අදහසක්... ඒ වගේමයි චීවරධාරී පූජකයින්ගේ හඬ පටිත් ළඟදීම බලාපොරොත්තු වන්න.
පොඩි බබා එන්නකෝ නලවන්න...
ඒක නම් වෙන්නෙ නැහැ රජෝ.. මොනවද ඔට්ටු..
අනිවාර්යයෙන්.......පුලුවන්නම් ලොකු දෙයක්. ඒත් එහෙම වෙන්නේ නැහැ. දැනටමත් කට්ටිය කුලප්පු වෙලා.
සම්පූර්ණ ඇත්ත. එහෙම වුනොත් ඔය හැමෝගෙම රෙදි ටික ගැලවෙයි.
වසර ගණනාවක් රැස්කළ ලක්ෂයක් හඬ පට වලින් වැඩක් නැහැ එක හඬ පටයකින් අධිකරණයේ ස්වාධීනත්වයට කෙළවෙලානම් හෝ අධිකරණය හෑල්ලුවට ලක්වෙලානම්..... මොන සාක්ෂි තිබුනත් වැඩක් නැහැ අපි ගන්නේ අපිට උවමනා සාක්ෂිය පමණයි.
මෙම හඬ පට ත්‍රිවිල් රියදුරෙකුට ලැබී ඔහු විසින් මෙම හඬ පට ප්‍රචාරය කිරීමට සැලස්වුවා කියා මහින්දානන්ද රාජ්‍ය ඇමතිවරයා කියනවා. මේ ඇමතිතුමාගෙන් තොරතුරු සොයාගෙන මේ කියන ත්‍රිවිල් රියදුරු අත්අඩංගුවට ගන්න. අන්සතු දෙයක් ලඟ තබාගැනීම නිති විරෝධියි. මොහු කළ යුතුව තිබුනේ මෙම හඬ පට රන්ජන් රාමනායකට ආපසු බාරදීමයි. අපි මාධ්‍ය මගින් දකිනවා ත්‍රීරෝද රථ වල අමතක වී ගිය වටිනා භාණ්ඩ රියදුරන් විසින් අයිතිකරුවන් සොයා බාරදෙනවා.
එයා කවුද හඬ පටි ගෙන ලොකුවට කතා කරන්න ? ඕවා ගැන කතා කරන්න ඕන ඕවා ගැන දන්නා මිනිස්සු . මෙතන පොර ටෝක් දාලා වැඩක් නෑ.....
ගරු ජනාධිපති තුමනි, රන්ජන්ගේ පමණක්නොව ඔය සෑම මැති-ඇමති-මන්ත්‍රී නිවාස (සමාවෙන්න-වලව් සහ බංගලා) සෝදිසි කරවා ඒ සියල්ලන්ගේ මෙවැනි හඬ පට මහා ඡන්දයට පෙර සමාජයට මුදා හරින්න.