(රංජන් කස්තුරි)
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේ දී විදුලි ඒකකයකට ස්ථීර මිලක් ගෙවිය යුතු බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව මින් ඉදිරියට ජල විදුලිය සුළංබල හා සුර්ය බල විදුලිය මිලදී ගැනීමේ දී ස්ථීර මිලකට ඒවා මිලදී ගැනීමට නියමිතය.
මෙතෙක් පැවති ක්‍රමය වුයේ ඒ ඒ කාලවලදී ලංකා විදුලිබල මණ්ඩලය හා පෞද්ගලික සමාගම් අතර ඇතිකර ගන්නා එකඟතාවය මත විවිධ මිල ගණන් යටතේ විදුලිය මිලදී ගැනීමයි.
ඒ අනුව විදුලිය ඒකකයක් ඇතැම් බලාගාරවලින් රුපියල් 32 කටත් තවත් බලාගාරයකින් රුපියල් 35 කට ත් සහ තවත් බලාගාරයකින් රුපියල් 22 කටත් ආදී වශයෙන් මිලදී ගැනීම මේ වන විට සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ මිල ගණන්වලට ගැනීමයි සාධාරණ. මෙන්න මේකයි හේතුව මිල ගණන් කැඳවන්නේ ටෙන්ඩර් වලින්. රජය කියනවා රජයට එකක ලක්ෂයක් ඕනේ කියලා එක සමාගමක් කියනවා අපි ඒකකයක් රු 30 ගණනේ එ්කක 50000ක් දෙන්නම් කියලා.. තව සමාගමක් කියනවා අපි එ්කකයක් රු,28 ගණනේ එ්කක 35000ක් දෙන්නම් කියලා තව සමාගමක් කියනවා 35 ගණනේ එ්කක 100000ක් දෙන්නම් කියලා.. එහෙනම් අපි 28, 30 ගණනේ දෙන අයගෙන් එ්කක 85000ක් අරගෙන ඉතිරි එ්කක 15000 රුපියල් 35 ගණනේ ගන්නවා හැරෙන්න සියල්ලටම 33 ගන්නේ ගෙවන්න යාම ගොන්කමක් නේද? එහෙම ගොන්කම් 1986 කාලේ රජයෙන් මටම කළා. ඒ නිසයි මම මෙහෙම කියන්නේ. රු 1800ට බිඩ් කරපු දෙයට රු 4000ක් ගෙව්වා. ස්ථිර මිලක් ගෙවන්න ඕනේ නිසා...