(රංජන් කස්තුරි)
උපාධි පිරිනමන පෞද්ගලික ආයතන දෙකකට නව උපාධි පාඨමාලා අටක් ක්‍රියාත්මක කිරීම සඳහා උසස් අධ්‍යාපන , තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය අවසර ලබා දී තිබේ.
ඒ අනුව එස්.එල්.ටී කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සහ සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය එම අවසර හිමි වී තිබේ.
එස්.එල්.ටී කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට මීට ඉහතදී මානව සම්පත් කළමනාකරණ පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව උපාධිය පිරිනැමීමට අවසර ලබාදී තිබෙන අතර මෙවර තවත් උපාධි පාඨමාලා පහක් සඳහා අවසර ලබා දී තිබේ.
ඒ අනුව සංචාරක හා සංචාරක කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී , ඉ - සංචාරක හා ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) , යන්ත්‍ර විද්‍යුත් පිළිබඳ ඉංජිනේරු විද්‍යා (ගෞරව) සහ කෘෂිකාර්මික තාක්ෂණය පිළිබඳ තාක්ෂණවේදී (ගෞරව) උපාධි පාඨමාලා පැවැත්වීමේ අවසරය එස්.එල්.ටී කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට හිමි වී තිබේ.
සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය මේ වනවිට ඉංග්‍රීසි ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබාදෙන අතර තවත් උපාධි පාඨමාලා තුනත් සඳහා ආයතනයට අවසරය ලබාදී ඇත.
මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව , ව්‍යාපාර හා කාර්මික ගණිතය පිළිබඳ විද්‍යාවේදී ගෞරව සහ බැංකු කරණය හා මූල්‍ය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව යන උපාධි පාඨමාලා ක්‍රියාත්මක කිරීමට සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට අවසර ලැබී තිබේ.
එම ආයතන දෙකට එකී උපාධි පාඨමාලා ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදෙමින් උසස් අධ්‍යාපන , තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාදෙනිය මහත්තයාගෙන් අහලා හිටියා නම් හොඳයි නේද? අධ්‍යාපනය පෞද්ගලික කිරීමට එරෙහිව GMOA එක පහුගිය රජය කාලේ වැඩ වර්ජනය කළා. පාදෙනිය මහත්තයා තමන්ගේ ප්‍රතිපත්ති ආණ්ඩුවේ ඉන්නේ... කවුද කියලා වෙනස් කරගන්න කෙනෙක් නෙමෙයි.
කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය මේ කොම්පැනි විශ්වවිද්‍යාල කියලා නම් කළා නම් පසුගිය රජයෙන් බන්දුල, විමල්, ගම්මන්පිල මොන විදියේ කෑමොර දෙයිද? විශ්වවිද්‍යාල කඩවල් කරනෝ කියලා. අද කොහොමද? පුසෝ වගේ ඉන්න හැටි. ලැජ්ජයි සුදු වෑන් එකට තියන බය... විශ්වවිද්‍යාල අන්තරේ අයත් බය වෙලා සද්ද නැහැ. හාමුදුරුවරු සාදු නාද දෙනවද කොහෙද ඇහෙනවා.
එතකොට හිස්බුල්ලාට වී ගබඩාද?
නැවතත් රටේ මුදල් තියෙන අයට පමණක් අධ්‍යාපනය සීමාවෙන්නයි යන්නේ..
මහපොළට අයිති වෙලා තිබුණු මාළඹේ පුද්ගලික විශ්ව විද්‍යාලය පෞද්ගලික උනේ කොහොමද කියලා එතුමාගෙන් ඇහුවා නම් කියයි නේද ?
නොවැම්බර් 15ට පෙර මෙය කළා නම් අද යාපනයේ පුද්ගලීකරණය කරනවා. මුදලට පාවා දෙනවා. දැන් ජනතාවාදී වැඩපිළිවෙළක්. කෝ ගොම්මන්පිල..., වංශ... මේ දෙන්නට මොනවා නැතත් වාචාල කටවල් ලැබිලා තියෙනවා. සුදු කළු කරන්න. වාසි ලබා ගැනීමට කළු, සුදු කරන්න..
ඔලුගෙඩි මාරු වුනාට රජයවල් වලින් කරන්නේ එකම දේ.................අනේ මෙහෙමත් තණකොළ බුදින මිනිස්සු.........
එක තැන පල්වෙන රටේ අධ්‍යාපන පද්ධතිය නවීකරණය කළ යුතුයි. සම්ප්රදාය බදාගෙන යන අයත් සමග රටක් ඉදිරියට ගෙනයන්න බැහැ. දැන් ලංකාවේ බොහෝ උපාධි යල් පැනලා. ලෝකය පිළි නොගන්න තත්ත්වයට ඇවිල්ලා. බෙහෝ රටවල ලෝකයට ගැලපෙන ආකාරයට උපාධි පාඨමාලා නවීකරණය වෙලා. ඒවා දැනට ක්‍රියාත්මක වන්නේ ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලවල පමණයි. උදාහරණය ද්විත්ව උපාධි සංකල්පය. ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල ඒ ගැන හිතලවත් නැහැ. ඒ නිසා ප්‍රමිතියෙන් උසස් ආකාරයට පුද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීමත් රජයේ විශ්ව විද්‍යාල පාඨමාලා නවීකරණයත් තුලින් පමණයි බුද්ධිමතුන් බිහි කළ හැක්කේ. නැතිව පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරෝධය පෑ පමණින් ප්රශ්නය විසදෙන්නේ නැහැ.
ඒක තමා කියන්නේ රනිල්ට බැහැ කියල. ඔය නම් කියපු කාලකන්නි නඩේ මෙඩිකල් ෆැකල්ටි අවුරුද්දක් වහගෙන ශිෂ්‍යයින් ගොනාට ඇන්දුවා. අපරාදේ රටත් ළමයිනුත් විනාශ කළා අවුරුද්දක්ම.